මොකක්ද මේ ‘ඇති-කරන’ ,”නැති-කුළප්පුව”?

මේ දිනවල සමාජයෙහි බෙහෙවින් කතා බහට ලක්වන මෙම මාතෘකාව පිළිබඳව සොයා බැලීම ඔබට මට සහ පොදුවේ ශ්‍රී ලාංකික අප සැමට වැදගත් වේ යැයි සිතමි. මෙම ලිපිය ලිවීමේදී ඇතැම් වචන සිංහලට පෙරළා ලිවීම අපහසුතාවයන් මට තිබේ ඒ ගැන සමාවෙන්න.
අප බොහෝ දෙනා හැදුනු වැඩුනු සමාජයීය පරිසරයේ අප දැන සිටි ගැහැණු සහ පිරිමි ලිංගික අනන්‍යතාවය සහ ලිංගික කාර්යයට වඩා වෙනස් විවිධතාවයන් පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර අප මහජන සෞඛ්‍ය විද්‍යාර්ථීන් ලෙස ඉගෙන ගත් යුගයේ (1997) අප sexology යටතේ හෝ මේ පිළිබඳව උගෙන නැත. කෙසේ වෙතත් වසර 2010 වසරට පමණ පසු ඒ පිළිබඳ යම් පුහුණු වැඩසටහන් සහ උසස් අධ්‍යාපන අවධීන් වලදී සාකච්ඡා කළෙමු. නමුත් අදටත් මෙම විෂය ක්ෂේත්‍රය මට නම් කුතුහලයකි. කෙසේ වෙතත් ඒ පිළිබඳ කරන ලද literary review ගණනාවකින් පසු ඒ පිළිබඳ මගේ මතවාදය මෙහි බහා තබන්නට කල්පනා කළෙමි.
Lesbian – ආදරය සහ ලිංගික සතුට කාන්තාවන්ගෙන්ම බලාපොරොත්තු වන කාන්තාවන්
Gay – ආදරය සහ ලිංගික සතුට පිරිමින්ගෙන් බලාපොරොත්තු වන පිරිමි.
Bisexual – ගෑනු පිරිමි ඕනෑම කෙනෙකුට ආශක්ත වන ගෑණු පිරිමි
Transgender – උපතේදී තීරණය වූ ලිංගික අනන්‍යතාවය නොහොත් ස්ත්‍රී පුරුෂ භාවයට වෙනස් ස්ත්‍රී පුරුෂ භාවයක් තිබෙන (Gender identity difference)
Queer – ඉහත සඳහන් තත්ත්වයන්ට අමතර අනෙකුත් විවිධ ලිංගික දිශානති සහිත එහෙම නැතිනම් ඉහත සඳහන් කණ්ඩායම් යටතේ වර්ග කිරීම ප්‍රමාණවත් නොවන බව පවසමින් වෙනත් ලිංගික නැමියාවන් රැසක් ඇති බව පවසන කණ්ඩායම්.
Plus mark – මේ මගින් ස්ත්‍රී පුරුෂ අප දන්නා ස්වභාවික චර්යාවෙන් අපගමනය වූ ඉහත කණ්ඩායම් කිසිවකට අයත් නොවන අයෙක් අයත් වන බව පැවසේ.
කෙසේ වෙතත් මෙම සංකල්පය එනම් මනුශ්‍ය සහ සත්ත්ව ලෝකයේ ස්ත්‍රී පුරුෂ ලිංගික අනන්‍යතාවයෙන් සහ ප්‍රතිවිරුද්ධ ලිංගිකයන් අතර අන්‍යොන්‍ය ආකර්ෂණය උදෙසා වන ලිංගික දිශානතියට අමතරව මෙවැනි දෙයක් පවතින බව පවසමින් ඒ LGBTQ+ සංකල්පය ප්‍රවර්ධනය කිරීම, ඒ සඳහා අවශ්‍ය නීති සකස් කර ගැනීම, ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීම වැනි කරුණු ලෝකය පුරා මේ වන විට සිදුවේ. එපමණක් නොව විවිධ මට්ටම් වලින් මේ පිළිබඳ ව සමාජයේ ආශිර්වාදය ලබා ගැනීමේ ප්‍රයත්නයක්ද දරනු ලබන පුද්ගලයන් පිරිසක් සිටිති. ඔවුන් විවිධ බලවේග ලෙස ක්‍රියාත්මක වෙමින් වෛද්‍ය ක්ෂේත්‍රය හරහා, මනෝ විද්‍යා ක්ෂේත්‍රය හරහා, සමාජ විද්‍යා ක්ෂේත්‍රය හරහා විශාල මතවාද ප්‍රමාණයක් ලෝකයට මුදා හරිමින් ලෝකය පුරා අඬු විහිදුවමින් සිටිති.
මෙම LGBTQ+ ප්‍රජාව සංකල්පමය වශයෙන් පරාජය කිරීමේ වගකීමක් ලෝකයේ හමුවේ ඇතැයි මා විශ්වාස කරමි. විශේෂයෙන්ම මෙම කණ්ඩායම් වල Lesbian and Gay කණ්ඩායම් විශේෂයෙන්ම මර්ධනය කිරීම කළ යුතුව ඇත. ලෝකය සතුන් සහ මිනිසා වෙත ලිංගිකත්වය ලබාදීමේ මූලික අරමුණ ප්‍රජනනය හෙවත් වර්ගයා බෝ කරමින් පැවැත්ම තහවුරු කරගැනීමයි. ලිංගික ආශ්වාදය යනු එයට මිනිසා උනන්දු කරනු ලබන සාධකයයි. සත්වයින් අතර හෝමෝන සහ වෙනත් උනන්දුකාරක තිබුණත් අප කතා කරන්නේ මිනිසුන් හා සම්බන්ධ කාරණයක් පමණක් වන බැවින් අප මිනිසුන් ගැන කතා කරමු.
ඔව් මිනිසාට විවිධ අයුරින් සතුටු වීමට නිදහසක් ඇතැයි මා විශ්වාස කරමි. ස්වයං වින්දනය ලැබීමට ඔබට අයිතියක් ඇත, කාන්තාවක් පිරිමියෙක් අතර නීත්‍යානුකූල සහ සදාචාරාත්මක තත්ත්වයන් යටතේ මනෝ ලිංගික සබඳතා පවත්වා ගැනීමට ඔබට අයිතියක් ඇත. ඔබට පුරුෂ සහ පුරුෂ සබඳතා හෝ ස්ත්‍රී සහ ස්ත්‍රී ලිංගික සබඳතා පවත්වාගෙන යාමට ඔබගේ පෞද්ගලික අයිතිය පාවිච්චි කිරීම පිළිබඳව ගැටලුවක් නොමැත. මිනිසකු තවත් මිනිසෙකුට බාධා කිරීම හෝ ඒ මිනිසාගේ පෞද්ගලිකත්වයට අනවශ්‍ය ලෙස බාධා පැමිණවීම හෝ ඔහුගේ පෞද්ගලික වපසරිය තුළට ඇතුල්වීම කිසිදු විටක නොකළ යුතු දෙයකි. එහෙත් ඔබට මේ සම්බන්ධයෙන් අයිතිවාසිකමක් නොමැත. ඔබට පිරිමි පිරිමි, ගෑණු ගෑණු සබඳතා පවත්වාගෙන යෑමට හෝ මිතුරුකම් පවත්වාගෙන යෑමට එක ගෙදරක ජීවත්වීමට විවාහ නොවී සිටීමට අයිතියක් ඇත. නමුත් විවාහ එවැනි සමලිංගික විවාහ නීත්‍යානුකූල කර දෙන්න යැයි සමාජයට බල කිරීමට ඔබට අයිතියක් නැත. මනුෂ්‍ය වර්ගයාගේ යහපැවැත්ම සඳහා නීති හා සම්ප්‍රදායන් සකස් කරණු හැර එහි පැවැත්ම විනාශ කරන නීති හා සම්ප්‍රදායන් තහවුරු නොවිය යුතුය.
Bisexual නම් තත්ත්වය යටතේ ඔබගේ සහකරුවන් ඒ සඳහා එකඟ වන්නේ නම් එම එකඟතාවයන් මත ඔබ මෙවැනි ලිංගික චර්යාවක් පවත්වාගෙන යෑම ගැටළුවක් නොමැත. නමුත් ඔබ ඔබගේ සහකරුවන්ගේ අකමැත්ත හෝ ඔවුන් රවටමින් වංචනිකව පවත්වාගෙන යන සම්බන්ධතාවයක් නම් ඒ පිළිබඳව නීතියට අනුව වැරදිකරුවෙකු විය යුතුමය. සාමාන්‍ය වෛවාහික සම්බන්ධතාවයක බිරිඳ හෝ සැමියා ඔවුන්ගේ කැමැත්ත මත තවත් අමතර සහකරුවන් තබාගැනීම ගැටළුවක් නොමැත නමුත් එසේ නොවන අවස්ථා වල නීතිය ඉදිරියට යාමට වින්දිත පාර්ශවයට අයිතියක් ඇත.
සරලව පවසන්නේ නම් එවැනි අවශ්‍යතාවයන් ඇති පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික අවකාශය තුළ එම අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම ගැටළුවක් නැත එවැනි දේවල් නීති ගත කරදෙන්න හෝ එවැනි දේවල් වලට ගෞරවය හෝ සමාජ පිළිගැනීම ලබා දෙන්නැයි ඉල්ලීම වෙනම කාරණයකි. ඇතැම් වාහන නැවතුම් පොළවල් වල “park at your own risk” ලෙස සඳහන් කරනවා ඔබ දැක ඇති. එනිසා ඔබගේ ඒ විනෝදාස්වාදය ඔබ රහසේ වගකීමක් සහිතව පවත්වාගෙන යෑම හැර එතනින් එහා නිදහසක් හෝ නීත්‍යානුකූල භාවයක් ලබාදීමට මානව සමාජය ඉඩ දීමට සූදානම් නැත.
මෙහිදී Lesbian, Gay, Bisexual කණ්ඩායම් තමන්ගේ මෙම ලිංගික දිශානති අපගමනය (deviated sexual orientation) සාධාරණීකරණය කරන්නටත් ඒ සඳහා වඩා සංවේදී ප්‍රවේශයක් වෙනුවෙන් භාවිතා කරන Transgender තත්වය පිළිබඳ කතා කිරීමේදී L, G, B, පිළිබඳව මගේ ඉහත සඳහන් මතයට වඩා මදක් මධ්‍යස්ථ අදහසක් මට තිබේ.
Transgender තත්ත්වය යනු උපතේදී ජීව විද්‍යාත්මක බාහිර ලක්ෂණ ගැහැණු හෝ පිරිමි ලෙස තිබුනත් ඇතැම් පුද්ගලයන් මානසිකව සහ ඔවුන්ගේ හැඟීම් අනුව (inner self) වෙනස් ස්ත්‍රී පුරුෂ භාවයක් සහිත වීමයි. එනම් උදාහරණයක් ලෙස පිරිමියෙකු ලෙස උපදින ඔබට ඔබගේ ජීව විද්‍යාත්මක පිරිමි බවට වඩා ඔබ අයිති කාන්තා පාර්ශවයට බව දැනෙන හැඟීමක් ලෙස හැඳින්වීම වඩා සුදුසු යැයි මට හිතේ.
පළමුව මගේ අවධානය යොමු වූයේ මෙම Transgender තත්ත්වය නිසි ලෙස හඳුනාගැනීමක් එම පුද්ගලයන් ගේ අනන්‍යතාවය තේරුම් ගැනීමටත් විද්‍යාත්මක නිර්ණායකයන් පවතීද යන්නයි. ඒ පිළිබඳ සොයාගත් බොහෝ කරුණු එක වාක්‍යයකට සීමා කරමි.
“මෙම තත්ත්වය හෝ එවැනි පුද්ගලයකු හඳුනා ගැනීම සඳහා කිසිදු රසායනාගාර පරීක්ෂාවක්, වෛද්‍ය පරීක්ෂාවක්, මනෝවිද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මකව ඔප්පු කල හැකි ක්‍රමයක් නොමැත.”
ඒ අනුව එය හුදෙක් ම පුද්ගලයෙකු විසින් තමාගේ අනන්‍යතාවය මෙන්න මේ යැයි කියමින් ප්‍රකාශ කරන ප්‍රකාශනයක් පමණි. උදාහරණයක් ලෙස මට සරල උදාහරණයක් මතක් වෙයි. ඔබට රහත් බව මැනීමට යම්කිසි ආකාරයක ක්‍රමවේදයක් තිබේද? විවිධ පුද්ගලයන් විවිධ වකවානුවල “මම රහත් වී ඇත්තෙමි” යනුවෙන් කරන ප්‍රකාශනයක් සහ ඒ ගැන ඒත්තු ගැන්වීමට දරන උත්සාහයන් මගින් පමණක් රහත් බව දැනගත හැකිය.
Transgender පුද්ගලයන් සමාජයේ විශේෂ අවසරයන් විශේෂ අණ පනත් හෝ ප්‍රතිපත්ති ඉල්ලා සිටින්නේ නම් ඒ හා සමාන අයිතියක් තමන් රහත් යැයි කියන්නා වූ පුද්ගලයන්ටද තිබිය යුතුය.
එමෙන්ම සමාජයේ එලෙස මන්ගේ ලිංගික අනන්‍යතාවය පිළිබඳ ගැටලු ඇතැයි පවසන පුද්ගලයන් ත්තේ සියයට 0.6 ක ප්‍රමාණයක් බව ඇතැම් පර්යේෂණ මගින් හඳුනාගෙන ඇති අතර එය ප්‍රක්ෂේපණය කර උපරිම සියයට තුනක් දක්වා පුද්ගලයන් පිරිසක් පමණක් මෙලෙස පවසන බව සොයාගෙන තිබේ.
ඉතින් අප මේ කතා කරන්නේ සමාජයේ විශාල ගැටළුවක් නොවෙයි.
කෙසේ වෙතත් පුද්ගල නිදහස සහ පුද්ගල කැමැත්තට ඉඩ ලබාදීමක් ලෙස එවැනි තත්ත්වයක් පවතින්නේ යැයි උපකල්පනය කර. පුරුෂයකු ලෙස තමාගේ අනන්‍යතාවය වෙනස් කර ගැනීමට අවශ්‍ය ස්ත්‍රියකටත්, ස්ත්‍රියක ලෙස තමා අනන්‍යතාවය වෙනස් කර ගැනීමට කැමති පුරුෂයෙකුටත්. ඔවුන්ගේ පෞද්ගලික කැමැත්ත සහ ඔවුන්ගේ පෞද්ගලික හැකියාව මත හෝමෝන ප්‍රතිකාර රැසකින් සහ සැත්කමකින් පසු ඒ තත්ත්වයට පත්වීමට අවශ්‍ය ඉඩකඩ සහ ඒ සඳහා අවශ්‍ය නීති රීති ලිහිල් කර දීම පිළිබඳ ගැටලුවක් නැත. නමුත් එය සිදු කළ යුත්තේ වඩාත් නිර්මාණශීලී වඩාත් සුපිරි පන්නයේ නීති රීති සහ ක්‍රමෝපායන් රැසක් අනුගමනය කරමිනි.
(ලංකාවේ මා දන්නා පරිදි සැත්කමක් මගින් තම පුරුෂ ශරීරයේ ස්ත්‍රී ශරීරයක් බවට පත්කර අපරාධ චෝදනා වලින් ගැලවීමට නීත්‍යාකුණුකූල ආරක්ෂාව සලසා ගත් පුද්ගලයන් සිටී.)
ඕනෑම විෂයක් ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම මෙවැනි සංවාදයට බඳුන්වන සහ සමාජ විඤ්ඤාණයේ සෙලවීමක් ඇතිකරන (Controversial subjects) වලදී බොහෝ විට විද්‍යාත්මක යැයි කියා ගනිමින් යමක් ඇත්ත හෝ බොරු කියා පෙන්වීමට සිදුකරන විද්‍යාත්මකව බොරු හෝ ඇත්ත කියා තර්ක කිරීමට නොහැකි බොහෝ මතවාද ඉස්මතු වී ඇත මෙම විෂය සම්බන්ධයෙන්ද එවැනි ගැටළු සහගත තත්ත්වයන් රැසක් පවතී.
මෙම ලිපියෙන් පසු ඊළඟ ලිපියකින් LGBTQ ව්‍යාපාරය සහ ශ්‍රී ලාංකාවේ දේශපාලනය පිළිබඳ ව කතා කිරීමට මා බලාපොරොත්තු වෙමි.
https://www.facebook.com/
ළමසිරි දිනේෂ්
10 Viewers





