වෙනිසියුලාව සහ ලංකාව

වෙනිසියුලාවේ මොකක්ද වෙන්නෙ කියල කිසිම අවබෝධයක් මේ දවස් වල මට තිබිල නැහැ. ඊයේ ඇමරිකාවෙන් ඇවිත් වෙනිසියුලා ජනාධිපති උස්සන් යන එක විතරයි මන් දැක්කෙ. ජනාධිපති මදුරෝව තමයි එහෙම උස්සන් ගියේ. එත් ඒ ඇයි කියලවත් මට අවබෝධයක් තිබ්බෙ නැහැ.
ඊට කලින් හිටියෙ හියුගො චාවෙස්. මන් හියුගෝ චාවෙස් ගැන දැනගෙන හිටියා ටිකක්. එසේම මන් කැමති පුද්ගලයෙක්. යුරෝපයට යුරෝ ගේන්න මුල් වුණේ හියුගෝ චාවෙස් කියල මා අහල තියෙනව. ඒකෙන් ඇමරිකානු ඩොලරයට සෑහෙන වැදුණ. ඒ නිසාම හියුගෝ චාවෙස් ඇමරිකානු හතුරෙක් වෙලා හිටියා. ඊලඟට හියුගෝ චාවේස් මියගියා. ඒ 2013 දී පිළිකාවකින්. හැබයි ස්වාභාවික පිළිකාවක් හැදිල නෙමේ. පිළිකා සෛල එනනත් කරල කියා තමයි ඒ දිනවල කතා වුණේ. ඒ හියුගෝ චාවෙස් ගේ පෞද්ගලික වෛද්‍යවරයා හරහා.
හියුගෝ මියයාම වැනිසියුලාවේ කඩා වැටීම වුණා. හැබැයි වෙනිසුලාවෙ ජානතාවගේ ඔළුවට හියුගෝ ඒකාධිපතියෙක් කියන අදහස ඒ වන විට ටික ටික ඇතුළු කරල තිබුණ.
පහුගිය කාලෙ මදුරෝටත් එරෙහි අරගලයක් දියත් වෙලා තියෙනව. ඒ ගැන විස්තර දැක්කෙ අද. වර්තමානයේ බටහිරට අනුගත නොවන නායකයින් ඒ රටේ ජනතාවගේ දෝෂ දර්ශනයට ලක් වෙනව වැඩියි. රටවැසියන් මහපාරට ඇදල දානව. ඊර්ශීයාව කුහකකම ජනතාව තුළින්ම ඇති කරවනව.
ඒ වගේම වැඩිපුරම ලෝක සුන්දරියො තේරි පත් වෙන රටක් ලෙස වෙනිසියුලාව සුප්‍රසිද්ධයි.
එ ගැන research එකක් කරන මහාචාර්යතුමෙක් එතුමාගෙ අදහසක් ලෙස පැවසුවෙ බටහිර බහුජාතික සමාගම් වල ඉලක්කයක් ලෙස සමහර රටවල් වල ලෝක රූප සුන්දරියො ටාර්ගට් කරල තෝරනව කියල. විශේෂයෙන් ජනගහනය ඉතා විශාල රටවල්. ඒකට අහු නොවුනෙ චිනය විතරයි කියලත් කිව්ව.
ඉතිං ලෝකය කියන්නේම එදා මෙදා තුර කුමන්ත්රණවලින් පිරිච්ච තැනක්. හෙට මොකක් වෙනවාද අපි දන්නෙ නැහැ. අපි දන්නෙ රැල්ලක් එනකොට ඒකේ කොනක් අල්ලගෙන ගහගෙන යන්න විතරයි.
මොනව වුනත් එදා මෙදා තුර බලය වෙනුවෙන් ධනය වෙනුවෙන් අනික් ජාතින් විනාශ කරන එක වැලක්විය නොහැකි දෙයක්. අපේ රටවල්වල අරගල විදියට කරළියට ආවෙත් ජාතිය රට රටේ සංස්කෘතිය එහි අක්මුල් විනාශ කරන කුමන්ත්රණම තමයි.
අනික් ජාතින් විනාශ කරන හැම එකාම උන්ගේ ජාතිය රකිනව..මොකද ජාතියක් ජන්මයක රටක් සංස්කෘතිකයක් අහිමි වෙන තෑනක බලය හෝ ධනය රැදෙන්නෙ නැහැ. ඒනිසයි උන් අනිත් උන්ගෙ ජාතියට සංස්කෘතියට පහර දෙන්නෙ.
අනුන්ට ඔල්වරසන් දුන්නට හුරේ දැම්මට අපිත් කාගෙ හරි අතකොලුවක් . අපිත් අපි විසින්ම අපේ ජාතියට ගරහන සංස්කෘතිය විනාශ කර LGBTQ+ වගෙ එවා ගෙනල්ල අක්මුල් සිද්ගනිමින් ඉන්නා පිරිසක්.
ඉතිං අනුන්ට ඔල්වරසන් දෙන්න කලින් අපි අපි දිහා බලමු. අපි ඉන්නෙ වෙනිසියුලාවට බංගලාදේශයට තුර්කියට නොදවෙනි අර්බුදයක.
චම්පා වෛද්‍යතිලක.
4 Viewers





