• Home »
  • Sinhala »
  • යහපාලන රජය 30/1 යෝජනා වලට එකඟවීම සාහසික අපරාධයක්…- යසස් ධර්මදාස

යහපාලන රජය 30/1 යෝජනා වලට එකඟවීම සාහසික අපරාධයක්…- යසස් ධර්මදාස

42551317යහපාලන රජය 30/1 යෝජනා ස්තුති පූර්වකව බාර ගැනීමෙන් ඇතිවූ “හුදු චෝදනා වලට දඬුවම් විඳීමට ස්ව කැමැත්තෙන් ඉදිරිපත්වීම” වහල් හෝ වැඩවසම් සමාජයකවත් දකින්නට තිබුනේදැයි සැක සහිත බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.

ඊයේ (24) මානව හිමිකම් සමුලුවේ 39 වන සැසිවාරයට එක්වෙමින් යසස් ධර්මදාස මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

‘‘ මානව හිමිකම් සමුලුවේ 39 වන සැසිවාරය පැවැත්වෙනව. 2016 වෙනකම් කොටි රජදහනක්ව පැවති මෙම ගුහාවට සිංහයින්ද පැමිණියා. මෙහි විශේෂත්වය වන්නේ අපේ පාර්ශවය නියෝජනය කරන්නේ සිංහල අය පමනක්ම නොවීමයි. දැනට අප සංවිධාන 4කින් ඉදිරිපත් වන විට ද්‍රවිඩ ඩයස්පෝරාව නියෝජනය කරමින් සංවිධාන 15-20 ක් පමන රටට විරුද්ධව ඉදිරිපත්වේ.

අද දිනයේ එනම් සැප්තැම්බර් 25 දින ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලන්නේ 30/1 යෝජනා ක්‍රියාත්මක කිරීම බල රහිත කිරීමට සහයෝගයක් නොවේනම්; ලබන මාර්තු මස ඉදිරිපත්වන 40/1 යෝජනා මගින් රට නැත්තටම නැති කරනු ඇත. යම් හෙයකින් ජනාධිපතිතුමා ඉල්ලන්නේ, “වගවීම” නොවී LTTE සාමාජික පවුල් වලට වන්දි ගෙවීමේ සිට අනෙකුත් යෝජනා ක්‍රියාත්මක කිරීමට එකඟ කර ගැනීමක් නම්, එයද 30/1 යෝජනා වලට එකඟවීමට නොදෙවැනි සාහසික අපරාධයක් වනු ඇත.

39වැනි සැසිවාරයට සමගාමීව සැප්තැම්බර් 25 හා 26 දිනවල මානව හිමිකම් සංවිධානයේ කාර්‍යාලය ඉදිරිපිට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය අනුග්‍රහයෙන් පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනයෙන් ශ්‍රී ලංකාවේ යුධ අපරාද සහ වර්ග සංහාරයන් නොවූ බවත් සයනයිඩ් කරල් ගිලීමට නියමිතව සිටි ජාතියක් ඉන් මුදවාගත් බවත් පිළිබිඹු කරයි.

ජිනීවා වෙත පැමිණීමට හැකි ලාංකිකයින්ට මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිනෙන ලෙසත් හැකිතරම් අනෙකුත් ජාතීන්ටද මෙම ප්‍රදර්ශණය නැරඹීමට යොමු කරන ලෙසත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වෙනුවෙන් ඉල්ලා සිටිමි.“



775 Viewers