• Home »
  • Sinhala »
  • ශ්‍රී ලාංකික විද්වත්තු ප්‍රථම වරට ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුල මාධ්‍ය සාකච්ඡාවක

ශ්‍රී ලාංකික විද්වත්තු ප්‍රථම වරට ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුල මාධ්‍ය සාකච්ඡාවක

ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික සංවිධානයේ අනුබද්ධිත මාධ්‍ය වේදීන්ගේ සංගමයේ ආරාධනයෙන්  ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුල  ලංකාවේ පුරවැසියන් නියෝජිනය කරමින් ප්‍රවෘතී සාකච්චාවක් තබා ලංකාවේ වර්ථමාන මානව හිමිකම් තත්වය හා 2015 දී සම්මතවූ 30/ 1 යොජනාව ගැන පැහැදිලි කිරීමට ;ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව  ( WORLD SRI LANKAN ASSOCIATION ); සැප්තැම්බර් 24 දා සමත් විය. ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව නියෝජනය කරමින් ආචාර්ය නාලක ගොඩහේවා , ආචාර්ය ප්‍රතිබා මහානාමහේවා, මහාචාර්ය මහමත් ගුසෙල් යන විද්වතුන් පැහැදිලි කිරීම් කල අතර නිමලා ලියනපටබැදි,  මදුශාන් හරීන්ද්‍ර, අරුණ වරුසහෙන්දි සහ රොෂාන් වීරපුර යන ජගත් ශ්‍රී ලාංකීය එකමුතුවේ සමාජිකයින්ද ප්‍රවෘතී සාකාච්චාවට එකතු වී සිටියහ.

ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ   මානව හිමිකම් කවුන්සිලය විසින් 25/1 යෝජනාව යටතේ  ලංකාව පිලිබඳ පරීක්ෂණයක් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස් වරයාගේ කාර්යාලයට උපදෙස් දුන් අවස්ථාවේ   ලංකාවේ පැවති  තත්වය  ‘ත්‍රස්තවාදය සමඟ සටනක් (COMBATTING TERRORISM )’ ලෙස හඳුන්වා ලෙස හඳුන්වා දී  තිබුනද   2015 සැප්තැම්බර් 15දා  ලබා දෙන ලද    ‘ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂන  වාර්ථාවේ (XXXXX )’ එල් ටී ටී ඊ සංවිධානය හඳුන්වා තිබෙන්නේ  ”රාජ්‍ය නොවන ආයුධ සන්නද්ධ කන්ඩායමක්   (NON STATE ARMED GROUP)    ‘ ලෙස මිස ‘ත්‍රස්තවාදී කන්ඩායමක් ( TERRORISTS ) ලෙස නොවන බවය. කාගේ හෝ අනුදැනුම ඇතුව සිදුවූ මේ කපටි ක්‍රියාව නිසා වසර ගනනාවක් තිස්සේ ත්‍රස්ථාවාදයට මුදලින් ආධාර කල අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට එරෙහිව 2006 එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ” ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ මූලෝපායන්  ( GLOBAL COUNTER TERRORISM STRATEGY) ’ යටතේ නීතිමය කටයුතු කිරීමට ඇති අවස්ථාව සිතා මතාම අසුරා ඇති බවයි.

එල් ටී ටී ඊ සංවිධානය ත්‍රස්ථවාදී සංවිධානයක් බව එදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පිලිගෙන තිබුනානම් අද   මානව හිමිකම් සුරකින්නන් ලෙස පෙනී සිටිමින් ලංකාවට යුධ අපරාධ චෝදනා ඉදිරිපත් කරණ අන්තවාදී දෙමල ඩයස්පෝරා සාමාජිකයින්ට ඔවුන්  එදා  එල් ටී ටි ඊ යට මුදල් සැපයූවන් නිසා, කොටි  ත්‍රස්ථවාදීන් විසින් දශක තුනකට අසන්න කාලයක් පුරා සිදු කල සියලු මනුෂ්‍ය ඝාතන වලට වග උත්තර බඳින්නට  සිදුවන  බව ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේය

ආචාර්ය ප්‍රතිබා මහනාමහේවා මහතා පෙන්වා දුන්නේ යුද්ධයේ අවසාන කාලයේ   දෙලක්ෂ අසූ පන්දහසක් දෙමල ජනතාව මිනිස් පලිහක් ලෙස භාවිත කිරීමෙන් එල් ටී ටී ඊ සංවිධානය පැහැදිලිවම  ‘අන්තර්ජාතික මානුශිකවාදී නීතිය ( INTERNATIONAL HUMANITARIAN LAW ‘ පිලිබඳව 1949 ඇතිකරගත් 4 වන ජිනීවා සම්මුතියේ 3 වන වගන්තිය උල්ලංඝනය කොට ඇති බවය. ත්‍රස්ථවාදය මියගොස් නැති බවත් එදා ‘එල් ටී ටී ඊ’ සංවිධානයට මුදල් සැපයූ කන්ඩායම් එකතුව මේ වන විට ඩෙන්මාර්කය පදනම් කරගෙන දෙමල ඊලාමය වෙනුවෙන් අන්තර් පාලන රජයක් පවා පිහිටුවා ඇති බවත් ආචාර්ය මහනාමහේවා පෙන්වා දුන්නේය.

මෙම ප්‍රවෘතී සාකාච්ඡාවට ස්වාධීන මතධාරියෙකු ලෙස සහභාගී වූ 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයට පවා  යෝජනා වූ විද්වතෙකු වන  මහාචාර්ය ගුසෙල් තර්ක කලේ ශ්‍රී ලංකාවේ අනාගත රජයක් විසින් එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් සම්මත කර ඇති ” ජාත්‍යන්තර ත්‍රස්ථවාදය වැලැක්වීමේ මූලෝපාය ( GLOBAL COUNTER TERRORISM STRATEGY  ) යටතේ එල් ටි ටීයට  අදත් උඩගෙඩි දෙන ඊලාම් වාදීන් පිලිබඳවද පරීක්ෂණයක් කරන  මෙන් එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලයට බල කරන ‘ප්‍රති යෝජනාවක් ( COUNTER RESOLUTION)’ ඉදිරිපත් කල යුතු බවය. එදා  එල් ටී ටී ඊ සංවිධානය ත්‍රස්ථවාදී සංවිධානයක් ලෙස නම් නොකිරීමෙන් මානව හිමිකම් කවුන්සිලය බරපතල වරදක් කර ඇති බව පෙන්වා දුන් මහාචාර්ය ගුසෙල්  පවසා සිටියේ අනාගතයේ විවිධ ත්‍රස්ථවාදී කන්ඩායම් මේ වැරදි පූර්වාදර්ශය බාවිත කිරීමට ඉඩ ඇති බවය.

සිදුවූ වරද  නිවැරදි කිරීමට මානව හිමිකම් කවුන්සිලයට ඇති එකම මග කොටි ත්‍රස්තවාදීන්ට එදා මුදල් සැපයූවන්ට එරෙහිව ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමට එරෙහිව එක්සත් ජාතීන් විසින් 1999දී සම්මත කරගත් ‘ත්‍රස්ථවාදය සඳහා මුදල් සැපයීම වලැක්වීමේ අන්තජාතික සම්මුතිය ( INTERNATIONAL CONVENTION FOR THE SUPPRESSION OF THE FINANCING OF TERRORISM )  ‘  යටතේ ප්‍රති යොජනාවක් සම්මත කිරීම බව ජගත් ශ්‍රී ලාංකීය එකමුතුවේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

මෙම ප්‍රවෘති සාකච්ඡාව සඳහා රටවල් ගනනාවක මාධ්‍ය වේදීන් සහබාගී වී සිටියහ.



612 Viewers