• Home »
  • News »
  • යාපනය කදුරුගොඩ විහාරයේ නාමපුවරුව දෙමල අන්තවාදීන් ගලවයි

යාපනය කදුරුගොඩ විහාරයේ නාමපුවරුව දෙමල අන්තවාදීන් ගලවයි

වලිකාමම් (දකුණ) ප්‍රාදේශීය සභාව විසින් 2025.01.08 වන දින. චුන්නාකම් හන්දියේ සිට කන්දරෝඩයි ප්‍රදේශයේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් වන , පුරාණ බෞද්ධ විහාර පිහිටා ඇති කන්දරෝඩයි ප්‍රදේශයට මග දැක්වෙන නාම පුවරු ඉවත් කිරීම අපි දැඩි පිළිකුලෙන් යුතුව  හෙළා දකිමු.

මෙම ක්‍රියාවල උතුරු පළාතේ බෞද්ධ සංස්කෘතික උරුමයන් ක්‍රමානුකූලව සැලසුම් සහගතව විනාශ කිරීමේ කොටසක් ලෙසත්, බුද්ධාගමට එරෙහිව අඛණ්ඩව සිදුවන වෛරී ව්‍යාපාරයක කූටප්‍රාප්තියේ කොටසක් ලෙසත් අපි සලකමු.

මෙම සන්දර්භය තුළ, කන්දරෝඩයි බෞද්ධ ස්ථානයක් නොවන බව පවසමින් කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරයට එරෙහිව මෑතකදී පැවති විරෝධතාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රාමනාදන් විසින් කරන ලද ප්‍රකාශය මෙන්ම උතුරේ බෞද්ධ ඓතිහාසික ස්මාරකවලට එරෙහි ක්‍රියාමාර්ගවලට ඇතැම් දෙමළ මන්ත්‍රීවරුන් අඛණ්ඩව යොමුවීම ද බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු කරුණකි.

මෙම ක්‍රියාවන් උතුරේ බෞද්ධ ආගමික ස්ථාන ඉවත් කිරීමට සහ දෙමළ සහ සිංහල ප්‍රජාවන් අතර ගැටුමක් ඇති කළ හැකි භයානක තත්වයක් නිර්මාණය කිරීම සඳහා හිතාමතා ගත් උත්සාහයක් ලෙස අපි සලකමු.

විශේෂයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් පක්ෂයේ සාමාජිකයින් කන්දරෝඩයි හි බෞද්ධ විහාර පැවති ස්ථානයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ අවබෝධයක් නොමැති බව පෙනෙන අතර, තිස්ස රජමහා විහාරයට එරෙහිව ඔවුන් ගත් ක්‍රියාමාර්ගවලින් පසුව, එහි බෞද්ධ ඓතිහාසික ස්මාරක විනාශ කිරීමට හෝ අඳුරු කිරීමට ගත් උත්සාහයන් මෙන්ම, මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රාමනාදන් දෙමළ භාෂාවෙන් කළ බෞද්ධ විරෝධී ප්‍රකාශ පිළිබඳව ද මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය වී තිබේ.

මෙම පසුබිම යටතේ, ඉහත කරුණුවලට අදාළ කරුණු මාධ්‍ය හරහා මෙරට බෞද්ධ ප්‍රජාවට පැහැදිලිව ඉදිරිපත් කිරීමේ අරමුණින්, මාධ්‍ය හමුවක් පවත්වනු ලැබේ:

දිනය: 2026 ජනවාරි 09 (සිකුරාදා)
වේලාව: ප.ව. 1.00
ස්ථානය: සර්වජන බලය පක්ෂය  – යාපනය කාර්යාලය
ලිපිනය: අංක 238, කේ.කේ.එස්. පාර, තාවඩි, යාපනය

මෙම මාධ්‍ය හමුව සඳහා උතුරේ මෙන් ම, කොළඹ කේන්ද්‍රකරගත් සියලුම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සංවිධානවල ප්‍රාදේශීය වාර්තාකරුවන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරමු.

ස්තූතියි.

අරුන් සිද්ධාර්ත්
දිස්ත්‍රික් සංවිධායක
සර්වජන බලය



13 Viewers