යාපනය තිස්ස විහාරයේ නොසන්සුන්තා මැද වන්දනාකරුවෝ විශාල ලෙස පැමිණෙති

යාපනය ඓතිහාසික තිස්ස රාජ මහා විහාරස්ථාන භූමිය කේන්ද්‍ර කරගනිමින් පසුගිය දින කිහිපය පුරා දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබේ. දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා විසින් කරන ලද විශේෂ කැඳවීමකට අනුව, කන්කසන්තරය ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික තිස්ස රාජමහා විහාරස්ථානය නීති විරෝධී බව පවසමින් ඊට එරෙහිව විරෝධතාවක් සංවිධානය කර තිබුණි. මෙම උද්ඝෝෂණ මාලාව මැයි මස 29 වනදා පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වාත්, අනතුරුව උදාවූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වූ මැයි මස 30 වනදා පූර්වභාග 7.00 සිට පස්වරු 6.00 දක්වාත් අඛණ්ඩව පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර, ඒ සඳහා මහජනතාවට, පක්ෂ සාමාජිකයින්ට සහ ආධාරකරුවන්ට සහභාගී වන ලෙස ලේකම්වරයා විවෘතව ඇරයුම් කර තිබුණි.
නමුත් එම විරුද්ධතාවය සඳහා උපරිමින් සහභාගී වී ඇත්තේ 18 දෙනෙකු පමණ ප්‍රමාණයකි.
මෙම විරෝධතා ව්‍යාපාරය අතරතුර ඓතිහාසික තිස්ස රාජ මහා විහාරස්ථාන භූමියට අනවසරයෙන් ඇතුළුවී පොලිස් රාජකාරියට බාධා කරමින්, විහාරස්ථානය ඇතුළත ප්‍රදේශය අනවසරයෙන් ඡායාරූප ගැනීමට උත්සාහ කළ අන්තවාදී බෙදුම්වාදීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වහාම මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත් අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
කෙසේ වුවද, වසර දෙදහසකට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය ඉවත් කරන ලෙස ඉල්ලමින් උතුරේ ක්‍රියාත්මක වන දෙමළ අන්තවාදී කණ්ඩායම් විසින් වෙසක් පොහෝ දිනයේදී පවා විහාරස්ථානය ඉදිරිපිට විවිධ උද්ඝෝෂණ සහ බලපෑම් එල්ල කරමින් සිටියද, දකුණේ සිට පැමිණි වන්දනාකරුවන්ගෙන් ඊට කිසිදු බාධාවක් එල්ල වී නොමැත.
සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක මහතා (දුරකථන අංක: 076 648 3664) සඳහන් කරන පරිදි, මෙම බලපෑම් හා විරෝධතා සියල්ල නොතකමින් දකුණේ සිට පැමිණි විශාල වන්දනාකරුවන් පිරිසක් ඊයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේත් තිස්ස රාජ මහා විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කර තිබේ. ප්‍රදේශයේ පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වුවද, පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් විහාරස්ථාන භූමිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.
7 Viewers





