• Home »
  • Sinhala Articles »
  • යාපනේ නොවෙයි ලංකාවෙ කොහෙවත් දෙමළ ස්ථිර වාසස්ථාන තිබුණෙ නැ

යාපනේ නොවෙයි ලංකාවෙ කොහෙවත් දෙමළ ස්ථිර වාසස්ථාන තිබුණෙ නැ

ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල. ඔහු පසුව දෙමළ ජාතිවාදීන්ගේ බලපෑම නිසා වෙනත් කතා කී බව වෙන ම කරුණක්. දහතුන්වැනි සියවසට පෙර යාපනයෙ හිටියෙ කවුද. අති බහුතරය සිංහලයන්. ඒ බව ක්වේරොස් කියන කතාවෙනුත් පැහැදිලි වෙනවා. ඔහුට අනුව පෘතුගීසීන් ආවට පස්සෙත් යාපනයෙ බහුතරය සිංහලයන්. ඒ සිංහලයන්ට මොකද වුණෙ. ඔවුන් අද දෙමළ සංස්කෘතියෙ ඊනියා අඩු කුල බවට පත් කරලා.

මා හිතන්නෙ ලන්දේසින් එන විටත් උතුරෙ දෙමළ කතා කරන ජනයා අතර බහුතරය මුස්ලිමුන්. ඉන් පසු තමයි සිංහලයන් ද දෙමළ සංස්කෘතියට ඇතුල් කර ගත්තෙ. ලන්දේසීන් තමයි වෙල්ලාලයන් තම දුම්කොළ වගාවට දකුණු ඉන්දියාවෙ නැගෙනහිර කෝරමණ්ඩල වෙරළෙන් ගෙනාවෙ. ඉංගිරිසින් මේ සියලු දෙනා පමණක් නොව මහනුවර හිටි තෙළිඟු හෙවත් අණ්ඩර දෙමළ (ආන්ද්‍ර දෙමළ) කතාකළ අයත් හැඳින්නුවෙ මලබාරයන් ලෙස. නුවරට මලබාර වීදියක් කොහෙන් ද? ලන්දේසින්ට යාපනයෙ තේසවලාමෙ නීතිය පනවන්න උතුරෙ දෙමළ කතාකරන ජනයා අතර බහුතරය මුස්ලිමුන් වීමත් හේතුවක් වෙන්න ඇති.

පෘතුගීසීන් ද ලන්දේසීන් ඉංගිරිසින් ද සිංහලයන්ට පොරොන්දු වූ දෙයක් තමයි සිංහල නීතියට අනුව රට පාලනය කරන බව. ඕන ම නීිඥයකු ඒකට සාක්‍ෂි දරාවි. ඒත් බටහිරයන් තම පොරොන්දු ඉටු කෙළේ නැහැ. ඔවුන් තේ්සවලාමෙ නීතිය මෙන් ම මුස්ලිම් නීතියත් පැනෙවුව. ඔවුන්ගෙ රටවල ඒ නීති පැනෙවුව ද? බටහිර රටවල දැන් සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් ඉන්නවා. ඉංගිරිසින් සිංහල නීතිය අනුව රට පාලනය කරනවා වෙනුවට ලන්දේසින් අපට දීල ගිය රෝම ලන්දේසි නීතිය ම ඉංගිරිසි නීිති සංශෝධන සහිත ව යොදා ගත්තා. ඔවුන් කළ අවැඩක් තමයි සිංහල නීතිය උඩරට නීතිය ලෙස නම් කිරීම.

1815 වන තුරු මුහුදුබඩ පළාත් හැරෙන්න ඉතිරි ප්‍රදේශ සිංහල රජු යටතෙ පලනය වුණෙ. සිංහලය නමින් හැඳින්වුණු රට 1815 වන විට කුඩා වෙලා උඩරටට පමණක් සීමා වෙලා තිබුණා. ඒ කාලෙ වන විට සිංහලේ කිවුවෙ උඩරට. මැතක් වන තුරුම සිංහලේ කිවුවෙ උඩරටට. ගම්පෙරළියෙ ජිනදාස වෙළෙඳාමට සිංහලේ ගියා. 1815 වන විට උඩරට පළාත්වල පමණයි සිංහල නීතිය ක්‍රියාත්මක වුණෙ. ඉංගිරිසින් ඒ නීතිය සිංහල නීතිය යනුවෙන් හඳුන්වන්නෙ නැතිව උඩරට නීතිය කියල නම් කරල සිංඅහල නීතියට අනුව රට පාලනය කිරීමට දුන් පොරොන්දුව කඩ කළා.

එක රටයි එක නීතියයි ගැන කතා කරන විට සැලකිය යුතු කරුණු කිහිපයක් පමණයි ඉහත සඳහන් කෙළෙ. තව විස්තර පසුවට. …………………..

By Dr . Nalin De Silva



51 Viewers