• Home »
  • Sinhala News »
  • රට වෙනුවෙන් හඬ නැඟූ රණවිරු අජිත් ප්‍රසන්නට යුක්තිය ඉටු කරනු! – සරත් ගෙවිඳු ඇතුළු ජාතික බලවේගයෙන් නිවේදනයක්…

රට වෙනුවෙන් හඬ නැඟූ රණවිරු අජිත් ප්‍රසන්නට යුක්තිය ඉටු කරනු! – සරත් ගෙවිඳු ඇතුළු ජාතික බලවේගයෙන් නිවේදනයක්…

රට අරාජික කළ යහපාලන ආණ්ඩුව පරාජය වන තුරු රට ජාතිය වෙනුවෙන් නොබියව පෙනී සිටි විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්නට වහා ම යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන විසින් නිවේදනයක් නිකුක් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ශ්‍යාමේන්ද්‍ර වික්‍රමාරච්චි ඇතුළු ජාතික සංවිධාන 14ක ප්‍රධානීන් මෙම නිවේදනය සඳහා අත්සන් කර තිබේ. ඔහුගේ ඇතැම් භාවිතාවන් පිළිබඳ විවිධ අදහස් තිබිය හැකි වුව ද රට වෙනුවෙන් හමුදා සෙබලෙකු ලෙස අජිත් ප්‍රසන්න සටන් වැදුණු බව ද එම ලිපියෙන් අවධාරණය කරයි.

යහපාලන යුගයේ දේශපාලන පළිගැනීම් සඳහා නීතිය අවභාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දඬුවම් ලැබිය යුතු පිරිස් නිදහසේ සිටින පසුබිමක කිසිදු ලාභ ප්‍රයෝජනයක් නො ඉල්ලා අයුක්තියට අසාධාරණයට එරෙහිව රට වෙනුවෙන් හඬ නැඟූ අජිත් ප්‍රසන්න මාස 10ක් තිස්සේ සිරගත කර තැබීම අසාධාරණ බව ද එමගින් පෙන්වා දෙයි.

මේ අසාධාරණය නිසා ඔහුගේ බිරිඳත් දරුවන් දෙදෙනාත් අසරණ වී ඇති බව පෙන්වා දෙන ජාතික සංවිධාන වහා ම මේජර් අජිත් ප්‍රසන්නට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටී.



184 Viewers