රායප්පු ජෝශප් සහ ත්‍රස්තවාදය පල්ලියේ සැඟවීම…..
මේ කතාව සිංහල බෞද්ධ සිංහල කතෝලික දෙමළ මුස්ලිම් හෝ වෙනත් ජන වර්ග පදනම් කරගෙන කරන කතා බහක් ලෙස වර නොනැගිය යුත්තේ ඊට එහා ගිය කාරණා කිහිපයක් යටි පෙලින් දිව යන බැවිනි.
ඒ සඳහා වෙනත් අර්ථකථන නොසැපිය යුතුය
මන්ද ඒ හරහා ගොඩ නැගෙන්නේ එකිනෙකා අතර සංහිදියාව නොව විරසකය අවිශ්වාසය තරහව වෛරය අවිනිශ්චිත බව මිස රට ජාතිය ආගමික සුහදශීලී බව නොවන බැවිනි
දැන් මේ රටට වෙන්න තිබෙන සහ සිදුව තිබෙන අයහපත් අලකලංචි ප්‍රමාණය හොඳටම ඇතිය.
එය නාසයට නොව හිසටත් උඩින් ගලාගොස් අවසන්ව තිබේ.
මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වරියගේ ඊනියා අසත්‍ය වාර්තා පදනම් කොටගත් වාචික වාර්තාව හරහා ලංකාවේ දේශපාලන මානව හිමිකම් අධිකරණ ක්‍රියාවලිය විනිවිද භාවය සංහිදියාව සහ තවත් බොහෝ කාරනා ගැන කතාබහට ලක්වෙමින් තිබේ.
එහිදීද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැක පිට දැනට අත් අඩංගුවේ පසුවන හිජාස් හිස්බුල්ලා ගේ නමද කොමසාරිස්වරියගේ කටින් පිටවීම සහ කාදිනල් වරයාගේ නොසතුටටද ඊට යටින් කියැවිනි
ලංකාවේ මානව හිමිකම් කඩවීම සොයා බැලීම සඳහා ලංකාවේ ක්‍රියාත්මක යාන්ත්‍රණයක් නොව ඊටත් එහා ගිය දෙවැනි පාර්ශවයක විමර්ශනයක අත පෙවීම සහ යුක්තිය පසිඳලීම උදෙසා යොමු කිරීමේ බලවත් උවමනාවකින් මානව හිමිකම් කොමිසම පෙලෙන බවට දැකිය හැකි විය.
මේ සියලු කාරණා ගැන මෙතෙක් රජය පාර්ශවයෙන් කොතෙක් කරුණු කීවද අදහස් පල.කලද පසුගිය යහපාලනය සමයේදී හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ එකඟතා සහ එවකට පැවැති රජයේ කාරණා වල ප්‍රතිපලද ඊට ඉණිමං බැඳුනු බව නොරහසකි
පසුගිය යහපාලන සමයේදී සිදුවූ අවසාවන්තම සිද්ධිය වන පාස්කු ප්‍රහාරයෙන් කිතුනු ආගමික ශ්‍රී ලාංකේය සහෝදර ජනතාවගේ මියයාම ජාති ආගම්
කුල බේද කිසිත් නොතකා සමස්ථ රටමත් ලෝකයමත් කම්පාවට හදවත් තුවාල කල සිද්ධියක් විය.
ඒ සඳහා උවමනාවටත් වඩා කාරණා ලියැවී තිබේ.
එහෙත් ඔවුන් මිය ගියද තවමත් ඔවුනට නිකරුනේ මරණය අත්පත් කර දුන් යමෙකු වේද අනුබල දුන් පාර්ශවයක් වේද ඔවුනට පවතින නීතිය හමුවේ තවමත් නිසි දඬුවම් ලබා දීම සිදුවී නොමැත.
එහෙත්එහි ක්‍රියාවලිය ගැන යමක් කිය යුතුව තිබේ
යහපාලන රජයෙන් පාස්කු ප්‍රහාරය සඳහා පත්කල කමිටුව සහ එහි ප්‍රතිපලය ගැන කන්දක් විළිලා වැදූ මී පැටියෙක් බවත් එහිදී ඉදිරිපත් කල සාක්ෂි වාර්තා ප්‍රකාශයන් ගැනත් ඒ අනුව සැකසූ වාර්තාව අනුව වංගෙඩිය සහ මෝල් ගස මිනීමැරුමට වැරදි කරු කර තිබිණ.
සියලු කතා අවසානයේ පැවැති ප්‍රහසනයෙන් පිරී ඉතිරී ගිය මාධ්‍ය සාකච්ඡාවේදී ක්‍රිස්තියානුවෙකු වූ ජෝන් අමරතුංගේ උස් හඬින් සිනාවෙමින් කී කතාව තමත් මතකයේ තිබේ.
එහෙත් නව ජනාධිපතිවරයා ගේ සහ නව ආණ්ඩුවේ පත්වීම හරහා යහපාලන රජයෙන් පත්කල පාස්කු කොමිසමෙන් සෝදා පවිත්‍ර කොට නහවා සුදු අන්දවා නිවැරදි කරුවන් කල මෙම ප්‍රහාරයට සහ සම්බන්ධ අලගිය මුලගිය තැන් සොයා මේ වන විටත් සැකකරුවන් බොහොමයක් නීතියේ පවතින රාමුව තුල අත් අඩංගුවට ගෙන තිබේ.
එය අඩුතරමේ හිත සනසා ගත හැකි සාධනීය ලක්ෂණයක් නොවන්නේද?
දශක කිහිපයක් පැවැති දෙමළ ඊලාම් යුද්ධය ගැන අටුවා ටීකා වලින් තොරව කෙලින්ම කතා කලහොත් ප්‍රභකරන් සහ සෙසු නායයකයන් ගේ මියයාම හරහා
යුද්ධයෙන් බැට කෑවුන්ගේ වින්දිතයන් බවට පත්වූවන්ගේ හෝ ඉන් නිරපරාදේ ජීවිත දේපල සහ සෙසු කාරණා වලින් විපතට පත්වූ මහජනතාවනට කවර නම් සහනයක් අත්වූයේද යන්න කිසිවෙකු හෝ සොයා බැලුවේද? යන්න විමසිය යුතුය.
මායිම් ගම්මාන ලෙස සැලකූ ගම්වැසියන් ගේ අහිමිවීම් කවර නම් ලෙස.තක්සේරු කලේද? යන්න
කවුරු නම් හඬ නැගුවේද? ඔවුන් යුද්ධයෙන් ලද පීඩාව සහ අහිමිකර ගත් ජීවිත සහ දේපල වලට ලබා දුන්නේ කවර නම් තක්සේරුවක් ද? යන්න අද ඊනියා මානව හිමිකම් ගැන කතා කරන කවර තරාතිරමක හැම එකාගෙන්ම ඇසිය යුතු නොවෙද?
එහිදී මිය ගියේද අමු අමුවේ කැපුම් කෑවේද වෙඩිතබා මරා දැම්මේද ෂෙල් සහ මෝටාර් කාලතුවක්කු උන්ඩවලින් වලපල්ලට ගියේද දේපල සහ ජීවිත අහිමි වූයේ සිංහලයන් ගේම පමණක් නොවේ.
එහි සිංහල.මුස්ලිම් දෙමළ පමණක් නොව.තවත් සුළු ජන කොටස්ද විපතට පත්වූ බව නොරහසකි.
හැබැයි ඒ කිසිවක් ගැන කොමිසම් වාර්තා ප්‍රකාශ හෝ කවර හෝ ආගමික නායයක්ගේ මැදිහත් වීම් නොදුටුවෙමි
දල්වන ලද ඉටිපන්දම් හෝ නොතිබිණ.
පශ්චාත් පරීක්ෂණ හෝ සහන සේවා වින්දිතයන්ට වන්දි ගෙවූ බවක් නොදුටුවෙමි
මළගමදා කාටත් ලැබෙන දේ පමණක් ලැබ අඩුතරමේ පාංශුකූලය හෝ නොදී අවසන්.කටයුතු සිදු කෙරිනි.
තවමත් යුද්ධය නිසා අතුරුදහන් වූ ලැයිස්තුව බොහොමයක් දිගුය.
එහි උතුරේ දෙමළද නැගෙනහිර මුස්ලිම් ද දකුණේ
සිංහලයන්ගේ නම්ද ලියැවී තිබේ. ඔවුන් අඩුතරමේ පුරහඳ පායන දිනෙක හෝ අමාවක දිනෙක යළි ගෙදර එතැයි සිතමින් හිත රවටා ගනිමින් කඳුළින් තෙත්වූ දෑස් සහිතව ගැහැණුන් මිනිසුන් දරුවන් තවමත් මග බලන් හිඳින බවද ලියා තබමි.
ඒ නෙත් අග තෙත්කරන.කඳුළු වලට ජාතියක් ජන්මයක් කුලයක් වර්ගයක් හෝ ආගමක් නොමැත.
දැනට පාස්කු ප්‍රහාරය සහ එහි සිදූවීම ගැන නීතියේ සිදුකෙරෙන කාරණා ගැන අදහසක් ප්‍රකාශ කල යුතු නැතත් එහි ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව සැබෑය.
එහි අවසානයක් දකින්නට කතෝලිකයන්ට සහ කාදිනල් වරයාට මෙන්ම ශ්‍රී ලාංකේය සකල විධ ජනතාවම අපේක්ෂා කරන කාරණයකි. මන්ද ඊලඟට එවැන්නක් සිදුවුවහොත් එහි අඳුරු ප්‍රතිපල භුක්ති විඳින්නේ රටත් ජනතාවත් මිස අන්.කිසිවෙකු හෝ නොවේ.
ජරමර අස්සෙ බරකරත්ත ගහෙන් වැටිච්චි එකාට ගොනෙකුත් ඇනලා ගහත් හිසමතට කඩාපාත්.වූ නියාව වැන්න වෙනු ඇත.
එහෙත් රංජිත් මැල්කම් කාදිනල් තුමාගේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එදා සිට මෙතෙක් කල් ඔහු අනුගමනය කල මැදහත් භාවය සහ තමන්ගේ ආගමිකයන් සංසිඳුවා තැබීමට ගත් උත්සාහය ගැන සමස්ථ ලාංකිකයන්ගේ පමණක් නොව මේ කාරණයෙන් සංවේදී වූ සියල්ලන්ගේම ඉමහත් ප්‍රශංසාවට ගෞවරවයට ලක්වූ බව කිය යුතුය
පාස්කු ප්‍රහාරය නිසා කුපිත වූවන්ගෙන් පැන නගින්නට තිබූ ආගමික වාර්ගික අසමගිය සහ නොසන්සුන්තාවය මැඩලීමට කාදිනල් තුමන් නිර්ලෝභීව මැදහත් වූ බවද ලියා තැබිය යුතුය.
යහපාලන රජයේ පාස්කු විමර්ශනය සහ එහි ප්‍රතිපලයත් වර්තමාන රජයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සහ ක්‍රියා පිලිවෙතත් ගැන කාදිනල් තුමන් ප්‍රශංසා මුඛයෙන් කතාකලේය
https://www.facebook.com/headlinenewslk/videos/1157340851348195/
එහෙත් පාස්කු ප්‍රහාරය සහ එහි විමර්ශනය ගැන උවමනාවටත් වඩා රජයක් ලෙස කටයුතු කරමින් තිබියදී සහ එහි වැරදි කරුවන්ට නීතියෙන් දඬුවම් ලබා දීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් තිබෙන අවස්ථාවක් මේ වන විට පසුකරමින් තිබේ.
ඊට අවශ්‍ය බොහෝ කටයුතු කෙරෙමින් පවතී.
නමුත් කාලය ගෙවෙමින් තිබේ.
පාස්කු ප්‍රහාරය මෙන්ම ලෝකයේ සිදුවූ තවත් බිහිසුනු අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාර සිදුව තිබේ.ඇමරිකාවට ප්‍රංශයට නවසීලන්තයට සහබඑංගලන්තයේදී කල ප්‍රහාරවල වග කියයුතු වැරදි කරුවන්ට තවමත් නඩු පැවරෙමින් විභාග වෙමින් කාලය ගත වෙමින් තිබේ.
ඒවා වසර ගණන් කාලය ගතවෙමින් තිබේ.
බින්ලාඩන් ගේ මරණය සිදුකිරීමෙන් පමණක් නොනැවතී එහි මොළකරු අල්ලාගෙන තවමත් ඇමරිකානු රජය භාරයේ පසුවේ. දැන් වසර කීයක්ද?
මේ සියළු පරීක්ෂණ නිරීක්ෂණ විමර්ශන වාර්තා අවසන් වරට තර්ක කෙරෙනුයේ විවෘත අධිකරණයේදීය.
එහිදී එකිනෙකා ගේ මතයට හෝ කඳවුරට පාටට පක්ෂයට හෝ හිතේ තිබෙන තරහවකට නීතිය මගින් මේ මේ අයට දඬුවම් කිරීමට හෝ කරවීමට කිසිවෙකුට නොහැකිවනු ඇත.
එය කවර වරදක් තුලදී වුවද වරද නියම ලෙස සාධාරණ සැකයකින් තොරව ඔප්පු කල යුතුය.එය තිබෙන්නේ ඉදිරිපත් කරන කෙරෙන ඔප්පු කරන සාක්ෂි සහ සෙසු කාරණා වල නීතිමය රාමුව ඇතුලත
සිදුවන කාරණා වලදී පමණි.
මහාධිකරණයක විනිසුරු වරයෙක් එක්තරා විභාග වූ නඩුවකදී වැරදිකරුට එරෙහිව නියම ලෙස සාධාරණ සැකයකින් තොරව කරුණු ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම නිසා වැරදිකරු නිදහස් කිරීමට සිදුවිය.
අවසානයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරුවරයා විවෘත අධිකරණයේ පවසා සිටියේ මම දන්නවා ඔබ මෙම අපරාධය සිදු කල බව
සමහර විට ඔබගේ හෘදය සාක්ෂියද ඒ බව හොඳින් දන්නවා ඇති
එහෙත් මට නීතිය ඉදිරියේ ඉදිරිපත්වූ සාක්ෂි මත ඔබව මට වැරදිකරුවෙකු යැයි නම් කල නොහැකිය එහෙයින් මම ඔබව නිදහස් කරමි.
එහෙත් ඔබට ඔබ මිය යන තෙක්ම හෘදය සාක්ෂියෙන් හැමදාම කල වැරැද්දට වැරදිකාරයෙක් කරමින් විශ්ව නීතියට සොබාදහමේ නීතියට අනුව යම් දඬුවමක් ලබා දෙනු ඇත. යනුවෙන් ප්‍රකාශ කලේය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉතාලි සංචාරය සහ පාස්කු ප්‍රහාරය ගැන මැල්කම් රංජිත් කාදිනල් වරයා පලකල අදහස ඔහුගේ තිබූ ස්ථාවරය සහ ගෞරවය පලුදු කරන්නක් විය.
එයින් මේ රටේ රාජ්‍යයට සහ රාජ්‍ය නායකත්වයට එක්කල කළු මඩ පැල්ලමක් බවට පරිවර්තනය විය
මෙතෙක් යම් ගෞරවයක් කාදිනල් වරයාසතුකර තබාගෙන සිටියද එයට යම් අහිතකර.තත්වයක් ඇතිවූ බව ලියා තබමි
https://www.facebook.com/SLCatholicNews/videos/215658323923012/
පැවැති දෙමළ ඊලාම් ත්‍රස්තවාදී ක්‍රියා වලදී රායප්පු ජෝසප් අගරද ගුරුවරයා සහ තවත් පූජකයන් බොහොමයක් පල්ලියට සහ ලෝගුවට මුවාවෙමින් සෘජුවම ප්‍රසිද්ධියේ ම කොටි ත්‍රස්තවාදීන්ට උදව්කල උපකාරකල බව සහ ප්‍රකාශ නිකුත් කල බව සත්‍යයකි
අදටත් ජීනිවා මානව කොමිසම් වල කතාවලට ඌන පුරණ සහ අවිධිමත් බොරු සාක්ෂි නිර්මානය කරන්නට උතුරේ කතෝලික ක්‍රිස්තියානි පූජකයන් කටයුතු කල බව නොරහසකි.
එහෙත් ඒ ගැන කොළඹ කාදිනල් වරයා හෝ වෙනත් පාර්ශවයක් මාධ්‍ය සාකච්ඡා පවත්වා කාරණය නිවැරදි කරන්නට හෝ රායප්පු ජෝශප් සහ සෙසු පූජකයන් සහාය දෙන එවැන්නන වුන්ට අඩුතරමේ අවවාදයක් දෙන්නටවත් කාදිනල්වරයා සමත්වූයේ දැයි අසන්නේ නිකමට නොවේ.
රටේ අභිමානය සහ ආගමික නායකයෙකුගේ අභිමානය ප්‍රසාදය රැඳෙන්නේ තමන් කරන කියන පවසන සහ හැසිරෙන විදිහටය එය බහුතර ජනතාවක් පිළිගන්නා විදිහ අනුමත.කරන විදිහ අනුවමය.
එබැවින් පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට මෙතක් ආ ගමන් මග තුල පැවැති පැවතුනු සිදුවීම් දෙස සබුද්ධිකව බැලූ මැල්කම් රංජිත් කාදිනල් තුමන් තමන්ගේ ස්වේත වර්ණ ලෝගුව මත කළුවට තිතක් තබාගත් බව ද ලියා තබමි.
එය හුදෙක් දේශපාලනික ආගමික.වාර්ගික හෝ සංහිදියාව කඩවෙන දෙයක් නොවුනත් එය එසේ නොවුනා නම් වඩාත් හොඳය යන්න මගේ පෞද්ගලික හැඟීම වන බැවිනි
රටේ පාලකයන් සේම රටේ ගෞරවාදරයට පාත්‍රව තිබෙන කවර තරමේ ආගමික නායක කාරකාදීන්ද වචනයක් අදහසක් මතයක් ප්‍රකාශ කරන්නට පෙර දෙවරක් තුන් වරක් නොව දස වරක් වත් හිතා බැලිය යුතුය
ගිය ණුවන සහ කටින් පිටවූ වචන ආපසු ඇතුන් ලවා හෝ ඇදලා ගන්නට බැරිය.රිදවූ සිත් සවපත් කරන්නටද අසීරුය.
හරියට එදා මාධ්‍ය සාකච්ඡාවේදී ජෝන් කී පරිදි මැරිච්ච අය මලා වෙච්චි දේ වුනා දැන් මොනවා කරන්නද..හක හක හක හක..
හරිම සරලය
හැබැයි අපි එසේ නොකියමු.
ගජයා෴ ✍️
17.09.2021
17 Viewers





