• Home »
  • Articles »
  • ලංකාවේ අසාර්ථක ම අගරදගුරු ලෙස ඉතිහාසයට එකතු වන මැල්කම්.

ලංකාවේ අසාර්ථක ම අගරදගුරු ලෙස ඉතිහාසයට එකතු වන මැල්කම්.

පාස්කු ප්‍රහාරය එල්ල කරන්නේ මැල්කම්ගේ ධුර කාලය තුළ ය. සිය බැතිමතුන් ආරක්ෂා කර ගැනීමෙහි ලා ඔහු අසාර්ථක විය.

අල්තාරය මත සිට ඔහු කළ යාඥාවට දෙවියන් වහන්සේ කන් දුන්නේ නැත. එහෙයින් ඔහුගේ යාඥයාව පවා අසාර්ථක ය.

බලලෝභී අවස්ථාවාදී කපටි මහල්ලන්ගේ බොරු යාඥා දෙවියන් අසන්නේ නැත. එවැනි සාහසිකයන් මහා මංගල්ල තියා යදින යාතිකා ස්වර්ගයට ඇසෙන්නෙ නැත.

මම ඔබෙන් අසමි, සැබැවින් ම භක්තිමත් දේව ධාර්මික අගරදගුරුවෙකු සිටියේ නම් කිරිස්තියනුවන් වන තොපට ඔය දුක්ඛිත කුසලානය හිමි වන්නේ ද?

උහුගේ පාපය තොපගේ පරම්පරා මත පැටවුණේ තොප රැවටිලිකාර නපුරාට නමස්කාර කළ නිසාවෙනි.

ආගම් අතර සමගිය ඇති කිරීමට මැල්කම් අසාර්ථක විය. මුසල්මානුවන්ට කතෝලික පල්ලිය සමග වෛරයක් නොතිබුණේ නම් ඊනියා මහමොළකාරයෙකු තියා මොකා කීවත් මුසල්මානුවා පල්ලීවලට බෝම්බ ගසන්නේ නැත.

බෝම්බ ගැසූ පසු මුසල්මානුවන් බදා තොල් සිප වැලඳ බොරුවට සාන්තුවර චරිත රඟපෑවාට වැඩක් නැත. ඒවා කළ යුතුව තිබුණේ ඊට පෙර ය. මුසල්මානුවන්ගේ වෛරය නැති කිරීමට අගරදගුරු ලෙස මැල්කම් අසාර්ථක විය.

සැබැවින් ම ආදර්ශමත් නායකයෙකු නම් මැල්කම් කළ යුතුව තිබුණේ සිය බැතිමතුන් ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමේ අපරාධයට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා එදින ම ධුරයෙන් ඉවත් වීම ය. පාස්කු ප්‍රහාරය යනු මැල්කම්ගේ නුසුදුසුකමේ දෛව සාක්ෂියකි.

නමුත් බලයෙන් අන්ධ වූ සාහසික මහල්ලා සිය බැතිමතුන්ගේ ලේ මතින් දේශපාලනය කළේ ය. ගෝඨාභයව ජනාධිපති කිරීමට පාස්කු ප්‍රහාරය යොදා ගත්තේ උහු ම මිස අනෙකෙකු නොවේ. හැරමිටි ගගහා ඇවිද්දත් සිය වයින් සහ ඌරු මස් සහිත සුඛෝපභෝගී තනතුරේ එල්ලී සිටීමට ඔහු කටයුතු කළේ ය.

එමෙන් ම ජනරජයේ ප්‍රජාතන්ත්‍රයට සිදු කළ විශාලතම අධර්මිෂ්ඨකම ද ඔහු කළේ ය. නිදහස් හා සාධාරණ මැතිවරණයෙන් නෛතිකව තෝරා ගත් ජනපතිවරයා ත්‍රස්තවාදයෙන් ඉවත් කිරීමට නායකත්වය දීමෙන් මැල්කම් සිය අගරදගුරු බලයේ පරික්ෂාවෙන් අසාර්ථක විය.

ශිෂ්ට සම්පන්න අගරදගුරුවෙකු නම් කිසිදාක සිය බැතිමතුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නේ නැත. සාපරාධී ත්‍රස්තවාදයට පොළඹවන්නේ නැත. නමුත් යක්ෂාරූඪ පූජකයා එය ප්‍රසිද්ධියේ ම කළේ ය.

තොප අසාර්ථකයි බිෂොප්! තොප අසාර්ථකයි!

සිය අසාර්ථකත්වය අනුන් පිට පැටවීමට බොරු මහමොළකරුවෙකු ගොතා සිය බැතිමතුන් වෛරයෙන් වෛරයට පොළඹවා මාලිමා ආණ්ඩුව බලයට ගෙනා අගරදගුරුවා, අවසානයේ සියලුම ආගමිකයන් කොටවා භේද බින්න කොට සමස්ත ලාංකීය සමාජ දේහය ම විකෘති කර විනාශ කළ ලංකාවේ අසාර්ථකම අගරදගුරුවා ලෙස ගෙදර යන්නේ ය.

“මට ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝ ම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.” (ශු. මතෙව් 7 21:23)

ධර්මය ඔබට මග වේවා!

එරන්ද ගිනිගේ
2026 ජූලි 4



5 Viewers