ලක් ඉතිහාසයේ කිරුළ නොපන් සාලිය අලදෙණිය ඔබයි …
වර්ෂ 1996 ජුලි මස 18 වනදා මුලතිව් යුද හමුදා කඳවුරට එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ කොළඹ හමුදා ප්‍රධානීන් ඇවිස්සුණු කඩි ගුලක් මෙන් කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹීය .ඒ අනුව මුහුදු හරහා ආධාරක බළ ඇණි යැවීමට තීරණය කළහ .එහෙත් සෙබළුන් රැගෙන යාමට තිබු LCM යාත්‍රා 03 ම ඒ වන විට තිබුණේ කොළඹ නැව් තටාකාංගනයේය .නැවත එම යාත්‍රා යාපනය වෙත යැවීම කාලය ගත වන කාර්යයක් නිසා නාවික හමුදාපතිවරයා වහාම උතුරු නාවික විධානයට අයත් අණ දෙන නිලධාරියා වු AHM රසීක් කැදවා ඔහුට මේ භාරදුර්ය වගකීම පැවරීය .ඔහු කන්කසන්තුරයේ වෙළඳ නෞකාවක් නාවික හමුදාව වෙත පවරාගෙන එමගින් සෙබළුන් ප්‍රවාහනය කර ඈත දියබේ දීම LCM යාත්‍රා වලට නංවා ගැනීමට සැලසුම් කළහ.
ලුතිනන් කර්නල් උපුල් ලැනරෝයි අණ දුන් 06 වන පාබල හමුදාව, ලුතිනන් කර්නල් තිලක් සෙනෙවිරත්න අණ දුන් 07 වන ගැමුණු හේවා බළ ඇණිය, 02 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් භටයන් වෙළද නෞකාව හරහා රැගෙන එන අතරවාරයේ නැගෙනහිර නාවික විධානයට අයත් අණ දෙන නිලධාරියා වු DK දසනායක වෙත උපදෙස් ලැබුණේ LCM යාත්‍රා මුහුදට රැගෙන ඒමත් ඊට ආරක්ෂාව සැපයීමත් සම්බන්ධවය .
වර්ෂ 1996 ජුලි මස 19 වනදා LCM යාත්‍රා 03 ට ආරක්ෂාව සැපයීම සඳහා ප්‍රහාරක ඩෝරා යාත්‍රා 06 එෆ්ජීබී නෞකා 04 ක් යෙද වු අතර, ඉන් එක් එෆ්ජීබී නෞකාවක් වු SLNS රණවිරු නෞකාවේ අණ දෙන නිලධාරී ලුතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවීර සහ සෙසු නාවිකයන් 34 දෙනෙකුගෙන් යුත් නාවික කාර්ය මණ්ඩලය ද මුලතිව් කඳවුර ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීමේ ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයේ සුවිශේෂී කාර්යයක් සදහා මුලපුරා තිබුණි .
ඒ අනුව වර්ෂ 1996 ජුලි මස 19 වනදා මුලතිව් වෙත සෙබළුන් රැගත් වෙළද නෞකාව පැමිණි අතර ,ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දීම වෙළද නෞකාවේ පැමිණි භට පිරිස් ගැඹුරු මුහුදේදීම LCM යාත්‍රා වෙත නංවා ගැනීම සිදු විය.
මුලතිව් වෙරළට නාවික සැතපුම් 03 ක් පමණ ආසන්න වන විට “ඉඩායන් ” නම් වු මුහුදු කොටි බෝට්ටු පොකුර සහ ” මුරාජ් ” නම් වු මරාගෙන මැරෙන මුහුදු කොටි වේග ප්‍රහාරක යාත්‍රා 60 ක් මාරවේශයෙන් වේගයෙන් හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන LCM යාත්‍රා දෙසට පැමිණෙන්නේ මරාගෙන මැරෙන අරමුණ මතම පිහිටමිනි . සෙබළුන් ප්‍රවාහනය කරන එක් LCM යාත්‍රාවක් හෝ ඝට්ටනයක් කොට පුපුරවා දැවැන්ත ලේ පිපාසිත අරමුණක් සාක්ෂාත් කරගැනීම ඔවුන් සතු ප්‍රධාන ඉලක්කය විය.
එල්ටීටීඊ අරමුණ සුන් කිරීමට පෙරට ආ අධිවේගී ඩෝරා යාත්‍රා LCM යාත්‍රා ආරක්ෂා කිරීමට ආරක්ෂක වැටක් මෙන් ආරක්ෂක වළල්ලක් නිර්මාණය කළහ . පොකුරු ක්‍රමවේදය හරහා නාවික යාත්‍රා වෙත ප්‍රහාර එල්ල කළ එල්ටීටීඊ මුහුදු කොටි බෝට්ටු අතර වු එක් බෝට්ටුවක් හිඩැසක් හරහා ඇතුලට කඩා වැද LCM යාත්‍රාවක් වනසන්නට ක්‍රියාත්මක වන අයුරු දුටු ලුතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවීර නම් වීර නාවික සෙන්පතියා වහාම තම රණවිරු නෞකාව ජීවිත අවදානම පසෙකලා පෙරට රැගෙන එල්ටීටීඊ මුහුදු කොටි බෝට්ටුවේ මග ඇහිරුවා පමණක් නොව තවත් විශාල ප්‍රහාරයක් මුහුදු කොටි බෝටිටු මුහුදේදීම ගිනිබත් කොට ගිල්වා දමන්නට සහෝදර නාවිකයන් හට සුවිශිෂ්ට නායකත්වයක් ලබා දුන්හ. එකා මෙන් සටන් වදින වීර නාවික කාර්ය මණ්ඩලයක් ද ලුතිනන් කමාන්ඩර් සමරවීර සතු විය .
SLNS රණවිරු නෞකාව මුලතිව් ආලම්පීල් වෙරළට යාබදව අනෙකුත් යාත්‍රා වලින් ඈත්ව මුහුදු කොටි බෝට්ටු සමග මාරාන්තික සටනක නිරත වන අවස්ථාවේ නෞකාවේ ප්‍රධාන ඉදිරිපස අවියක් වු මිලීමීටර් 37 අවිය අක්‍රීය වු අතර, ඒ මොහොතේ අණ දෙන නිලධාරියා වු ලුතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවීර වහාම නෞකාව දියබ දෙසට හරවා අනෙකුත් අවි උපයෝගී කොට ගෙන ගොඩබිම දෙසින් එන ත්‍රස්ත ප්‍රහාරක බෝට්ටු වෙත පහර දෙන්නට උත්සුක විය .ඒ අවස්ථාවේ රණවිරු නෞකාවේ වෙඩි බලය හීන වෙමින් පවතින බව දුටු මුහුදු කොටි බෝට්ටු පොකුරක් නෞකාව දෙසට සෘජුවම ප්‍රහාර එල්ල කරද්දී එක් මරාගෙන මැරෙන බෝට්ටුවක් සමස්ත ජාතියේ අවාසනාවකට මෙන් නෞකාවේ වම් පස (එන්ජින් යන්ත්‍රය ) ආසන්නයේ ඝට්ටනය කොට පුපුරවා ගත්හ . මෙම පිපිරීමෙන් නාවික භටයන් 06 දෙනෙක් මව්බිම වෙනුවෙන් දිවි දුන්හ .
අක්‍රීය වු මිලිමීටර් 37 අවිය යථා තත්ත්වයට පත්කර ගැනීමට එම අවිය භාර සාමන්‍ය නැව් එච් .ජේ . බණ්ඩාර සහ සාමන්‍ය නැව් කේ.ඒ.බී. ක්‍රිෂාන්ත දැඩි පරිශ්‍රමයක් දරන අතරවාරයේ ඉංජිනේරු කාර්මික භානු පීරිස්ගේ ෆයිව් සීරෝ අවියද ක්‍රියා විරහිත විය . උණ්ඩයක් සිර වීම නිසා එම අවිය සිර වු මොහොතේ වහාම ප්‍රහාර මැද ඒ වෙත දිව ගිය සාමාන්‍ය නැව් ක්‍රිෂාන්ත අවියේ සිර වී තිබු උණ්ඩය ඉවත් කොට
” ගහපන් පීරා ගහපන් ” යනුවෙන් පවසා යලි තම අවිය දෙසට යන්නට හැරෙනවාත් සමගම එල්ටීටීඊ මුහුදු කොටි බෝට්ටුවක සිටි ත්‍රස්තයෙකුගේ වෙඩි උණ්ඩයක් ක්‍රිෂාන්ත ගේ හිසේ වම් පසට වැදී ක්‍රිෂාන්ත ඇද වැටුණි .
“වතුර වතුර ” යනුවෙන් ක්‍රිෂාන්ත තම හිස දැත් මත තබාගෙන සිටින ඉංජිනේරු කාර්මික භානු පීරිස්ගෙන් ඉල්ලද්දී භානු ප්‍රහාර මැද වහාම ක්‍රියාත්මක වී නෞකාවේ මුලුතැන්ගෙයි අසල ගලා යන ජලය සහිත කානුවෙන් ජල දෝතක් අතට ගත්තේ එයින් හෝ තමන් සටන් සගයාගේ ජීවිතය රැකේවා යන්න සිත් හී දරා වුවද භානු ජල දෝත ක්‍රිෂාන්තගේ මුඛය වෙත දමන්නට ප්‍රථම ක්‍රිෂාන්ත ජීවිතයෙන් සමුගත්හ . හඬා වැළපෙන්නට හෝ කෝපවන්නට කාලයක් නැත . මීළඟ නිමේෂයෙදී සිදු වන හරි හැටි විනිශ්චය කළ නොහැකි මොහොතකි .
අක්‍රීය වු මිලී මීටර් 37 අවියෙන් සාමන්‍ය නැව් එච් .ජේ .බණ්ඩාර පැඩලය පාගමින් දරුණු ප්‍රහාරයක් එල්ටීටීඊ මුහුදු කොටි බෝට්ටු වෙත එල්ල කළ අතර ඔහුගේ උර හිස සොයා ආ වෙඩි උණ්ඩය පපුව දෙසින් පිටවී ගියත් මරණය දක්වාම පැඩලය පාගමින් බණ්ඩාර තම මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටු කළහ.
මේ ආකාරයට එල්ටීටීඊ මුහුදු කොටි ත්‍රස්තවාදීන් හට ඉමහත් හිසරදයක් වු බණ්ඩාරගේ මරණය සහ මිලි මීටර් 37 අවිය බණ්ඩාර ගේ මරණයත් සමගම නතර වීම සියල්ල නොපිටට පෙරලී යාමක් වැන්න විය .
එල්ටීටීඊ මුහුදු කොටි බෝට්ටු වට කොට SLNS රණවිරු නෞකාව දෙසට ප්‍රහාර එල්ල කරද්දී සහෝදර නාවික යාත්‍රා වෙත ඒ වෙත එන්නට ඉඩ නොදී රැකවල්ලා සිටියහ .එකවරම සමබරතාවය ගිලිහී ගිය නෞකාව පලමු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වු වම් පස මදක් ආනත වී එකවර කැරකෙන්නට විය .නමුත් ඉතිරි වී ලුතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවීර සහ අනෙකුත් නාවිකයන් තම අවි වලින් ඉවත් වුයේ නැත .ඔවුන් නිර්භීත ලෙස සටන් කළහ . SLNS රණවිරු නෞකාවේ පැද්දීම හේතුවෙන් නායක නැව් ඩී.එල්.කේ.කේ .පෙරේරා මෙම මොහොතේ මුහුදට වැටී සිරුර අවර පෙති වලට හිර වීමෙන් කැබලී වලට කැඩී යද්දී මෙම මොහොතේ දීම ලුතිනන් එස්.පී.කේ .මුත්තේට්ටුවත්තද මුහුදට වැටී අතුරුදන් විය .
නෞකාවේ ඉදිරිපස සහ පසුපස අවි වෙත මාරුවෙන් මාරුවට ඒ මේ අත දුවමින් ආධුනික නැව් භානු පිරිස් එල්ටීටීඊ මුහුදු කොටි බෝට්ටු වෙත නෞකාව අසලට එන්නට නොදී අසම සම රණකෙහෙළියක් ප්‍රර්ශනය කළහ .
අවස්ථාවක් ලද විගස යලි ක්‍රියාත්මක වු තවත් එල්ටීටීඊ මරාගෙන මැරෙන මුහුදු කොටි බෝට්ටුවක් මෙවර ඝට්ටනය කළේ නෞකාවේ හරි මැද බඳ කොටස වු අතර, ඉන් නෞකාවට දැඩි හානි පමුණුවන්නට එම මරාගෙන මැරෙන කොටි බෝට්ටුව සමත් වුයේ ජාතියේ අවාසනාවකටය . එම ප්‍රහාරයෙන් නිසොල්මන් වු නෞකාව වෙත මුහුදු කොටි බෝට්ටුවක් හරහා පැමිණ ගොඩ වන්නට වෑයම් කරන එල්ටීටීඊ මුහුදු කොටි ත්‍රස්ත සමුහයක් දුටු සාමන්‍යැ නැව් දිසානායක වහාම ක්‍රියාත්මක වී අත් බෝම්බ දෙකක් දෑතට ගෙන සාර්ථක ප්‍රහාරයක් එල්ටීටීඊ කළ අතර, නෞකාවේ සියල්ලන්ම මිය නොගොස් ඇති බව වටහා ගත් මුහුදු කොටි ත්‍රස්‌තවාදීන් නවත තම ප්‍රහාරය ක්‍රියාත්මක කරන්නට විය .
තත්ත්වය කෙමෙන් කෙමෙන් අසීරු වුවත් 34 දෙනාගේ කණ්‌ඩායම 22 දෙනෙකු දක්වා කුඩා වුවත් මරණය දක්වාම සටන් කරමින් ලුතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවීර සහ අනෙකුත් සෙසු නාවිකයන් සිටි මොහොතක සන්ධ්‍යා යාමයේ මීළග මරාගෙන මැරෙන මුහුදු කොටි බෝට්ටුව නෞකාවේ දකුණු පස ඝට්ටනය කළහ .මෙම මරාගෙන මැරෙන මුහුදු කොටි බෝට්ටු ඝට්ටනය නිසා නෞකාවේ මුහුදුබත් වීම ඉක්මන් වු අතර, වර්ෂ 1996 ක් වු ජුලි මස 19 වනදා සවස 3.30 පමණ වන විට තමා ඇතුලුව ඉතිරි වී සිටි නාවිකයන් 08 දෙනා වෙත ලුතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවීර අවසන් වදන් පෙළ මෙලෙස පිට කළහ .
” හැමෝම පැනලා බේරිලා යන්න ” එහෙත් මේ අභීත නාවික නිළධාරියා ජීවිතය පසෙකලා මරණය වෙත යන්නට තීරණය කළහ . නෞකාවේ සුප්කානම් මැදිරිය මැදින් වු ඉනිමගින් බැස කිසිදු හැල හොල්මනක් නොමැතිව ඔහුගේ පෞද්ගලික කාමරය වෙත පියමං කළේ තවත් සාලිය උපුල් අලදෙණිය කෙනෙකුගේ හිදැස ලක් මවට ඉතිරි කරමිනි .තම T 56 ගිනි අවිය රැගෙන තම පෞද්ගලික කාමරය වෙත ගිය මේ වීර නිළධාරියා තමා අණ දුන් නෞකාව සමග මුලතිව් මුහුදේදීම සැගවී ගියේ ලක් මව සසල කරමිනි .එදා කපිතාන් අලදෙණිය මරණය දක්වාම කොකාවිල් කඳවූර අත් නොහැරියා සේම ඊට වසර 06 කට පසු ලුතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවීර නම් අභීත නිර්භීත නාවික සෙන්පතිය තමන් අණ දුන් නෞකාව සමගම මුහුදුබත් වුයේ තම මව්බිම වෙනුවෙන් මියැදෙන්නට දෙවරක් නොසිතන පරාර්ථකාමී විරුවෙකුගේ සැබෑ ගුණ ලොවටම පෙන්වමිනි .
සවස් යාමයක් වු මේ මොහොතේ ආරක්ෂිත කබා දමා ගෙන මුහුදට පැනීම නුවනට හුරු ක්‍රියාවක් නොවුවත් ක්ෂනිකව ගත් ක්‍රියාමාර්ගය ඉතිරි වු නාවිකයන් 07 දෙනෙකුගේ ජීවිත පහසුවෙන් එල්ටීටීඊ මුහුදු කොටි බෝට්ටු වල මුහුදු කොටි ත්‍රස්‌තවාදීන් ගේ ලේ පිපාසිත මිලේච්ඡ අරමුණ පහසු කරන්නට මගක් විය .ඉතා පහසුවෙන් දියබට බට නාවික භටයන් දඩයම් කරන්නට මුහුදු කොටි ත්‍රස්‌තවාදීන් සමත් විය .
හාස්කමකින් මෙහා ජීවිතය ලැබිය නොහැකි මේ මාරාන්තික මුහුදේදී ආරක්ෂිත කබාය නොමැතව මුහුදට පනින ලද භානු පීරිස් හටද ඒ වන විට තුවාල වී තිබු අතර, ඉතා අසීරුවෙන් පිහිනා හංසයා නෞකාව වෙතට යන්නට ඔහු සමත් වු අතර, තමන් සමග එකට සටන් කළ තම අණ දෙන නිලධාරියා සහ සටනේ දී දිවි පිදු නාවිකයන් එතුමා අදටත් සිහිපත් කරන්නේ ඉතාමත් සංවේදී අන්දමිනි .
තම මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ දිවි පිදු අතුරුදන් වු SLNS රණවිරු නෞකාවේ අණ දෙන නිලධාරී ලුතිනන් කමාන්ඩර් පරාක්‍රම සමරවීර ඇතුලු සෙසු නාවික භටයන්ට හා සටනේ ජීවිතය බේරාගත් භානු චිරන්ජීව පීරිස් මහතාට මේ ලිපිය උපහාරයක්ම වේවා…
රමේශ් හසන්ත
12 Viewers





