ලලිත් ජයසිංහ රණවිරුවා
යුද්ධය ගැන නොදන්න යුද්ධයේ මතකයවත් නැති පැටව් A9 පාරේ අද යාපනයට යද්දී අහයි ප්‍රශ්නයක්.
“ඇයි මේ පාර දෙපැත්ත 200mක් විතර එලි කරලා?”
උත්තරේ දෙන්න කලින් මේ පින්තූරය ජංගම දුරකථනයේ මතක ගබඩාවේ තැන්පත් කරගෙන ඉන්න.ප්‍රභාකරන්ගේ විශ්වාසවන්තම ගෝලයා වෙච්ච දකුණු අත වගේ හිටිය ශංකර් මැරුවට පස්සේ ප්‍රභාකරන් කිව්වා එල්ටීටීඊ එකට හැම පාරකම දෙපැත්ත කැලේ එලි කරන්න කියලා.එක් වීර සෙන්පතියෙක්ගේ ප්‍රහාරයකට ලෝකයේ ඒ වෙද්දී කිසිදා පරාජය කල නොහැකි යැයි සම්මත කල භයානකම ත්‍රස්තවාදී කල්ලියේ නායකයා සැලැන්ඩර් වුණා.අද 11.26.ඔඩ්ඩුසුඩාන් නිජබිම කරගත් ඒ මහාවීර සෙන්පතියා මාතෘ භූමිය වෙනුවෙන් දිවි දුන් දිනය.
එක්තරා රාජ්‍ය නාලිකාවක මේ වීර සෙන්පතියා ගැන විනාඩි 10කට කිට්ටු වාර්තාවක් ප්‍රවෘත්ති විකාශය තුල ගියා.අපි යුද්ධයේ සේනාංකාධිපතිලා,හමුදාපතිලා ගැන ඕනෑතරම් අහපු කාලේ එක් සෙන්පතියෙක් වෙනුවෙන් පුවත් පත් ,රූපවාහිනී නාලිකා ඔවුන්ගේ කාලය වෙන් කලා.එතරම් පෞර්ෂයක් යුධ හමුදාව තුල ගොඩ නැංවූ මේ සෙන්පතියා 2008 වසරේ අද වැනි දිනක මේ මහ පොලොව අත හැර යනවා.ඔහු මේ මාතෘ භූමිය අතහැර යන්නේ ලක්ෂයක් නොව මිලියන ගණනක් ජනතාවගේ වීරයා ඔහු වෙමින්.
ඔහු ගැන කොතෙක් කීවත් කියා නිම කල නොහැක.යුධ හමුදා ඉතිහාසය තුල එවන් වීරත්වයක් කැටි කල මිනිසුන් කොතෙක් සිටියද ලලිත් ජයසිංහගේ තැන ගන්නට කිසිවෙකු බිහි නොවූ බව මගේ මතයයි.ෆස්ලි ලාෆීර්ලාගේ අඩි පාරේ යමින් විශේෂ බලකාය තුල සිය නාමය දිග් විජය කල නන්දමිත්‍රගේ දුර්ගම සංග්‍රාමික පරපුරේ සෙන්පතියානෙනි ඔබ වැනි වීර පුත්‍රයන් දහස් ගණනකගේ කඳුලු මතින්ද ලේ මතින්ද එලිය ලත් මාතෘ භූමියක වීරත්වය ජීවමාන වීම කිසිම සක්‍රයකුට නවතා දැමීමට නොහැකි වූවා සේම ඉදිරියටද නොහැකි වන බව නොඅනුමානය.
අප අපගේ අනාගතයට පෙන්විය යුත්තේ සුපර්මෑන්ලා ,බැට්මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා නොවේ.අනුහස්ලා අවන්තලා නොවේ.රට ජාතියට වඩා අන් කිසිවක්ම වැදගත් නැති බවත් සිය බිරිඳගේ කුසය තුල ජීවමාන වෙමින් තිබූ සිය ලේ උරුමයටත් වඩා සිය මාතෘ භූමිය වැදගත් බවත් ඔප්පු කල ලලිත් ජයසිංහලාය.මේ රටේ අනාගත දරුවන් සිය විශය මාලාව තුල විර පුරන් අප්පුලා,ගොංගාලේ ගොඩ බණ්ඩලා ගැන ඉගෙනගන්නවා සේම යම් දිනක ලලිත් ජයසිංහලා ෆස්ලි ලාෆීර්ලා ජයනාත් ගිනිමැලගේලා ගැනද ඉගෙන ගත යුතුමය.
අද 2020.11.26
ඔබ මාතෘ භූමිය අතහැර ගොස් අදට වසර 12කි.තව වසර සියයක් ගියද දහසක් ගියද ඔබ ජීවමාන සෙන්පතියෙක් බව යලි යලිත් මතක් කර දිය යුතු නැත.ප්‍රභාකරන් කිව්වේ සිංහලයාට ඕනෑම දෙයක් මතක දින 7යි කියාය.එහෙත් අපි අපේ හදවතට බද්ධ අපේ ජාතියේ වීරයින් කිසිදා අමතක නොකරන බව ප්‍රභාකරන් පමණක් නොව එදා හෙලදිව ලියූ රොබ්ට් නොක්ස්ද දන්නේ නැති බව නම් ප්‍රත්‍යක්ෂය.
වීරයාණෙනි….ඔබට නිවන් සුව නොකියමි.ඔබ වැනි වීර පුතුන් හෙටටත් මේ මාතෘ භූමිය වෙනුවන් අවැසි නිසා…
91 Viewers





