• Home »
  • Sinhala News »
  • ශවේන්ද්‍ර සිල්වා – 23 න් වැනි හමුදාපති

ශවේන්ද්‍ර සිල්වා – 23 න් වැනි හමුදාපති

මේ ගෙවී යන්නේ,උදාර පදවියක  ශ්‍රේෂ්ඨ මෙහෙයක් වෙනුවෙන් කැපවූ අභිමානවත් සෙන්පතියෙකු ඒ තනතුරේ වසරක් සමරණ විජයග්‍රාහි හෝරාවයි .

2019, අගෝස්තු 21 වැනිදා  , ලුතිතන් ජෙනරාල් පදවියට ලද උසස් වීමක්ද සමගින්  ශ්‍රිලංකා යුදහමුදා වේ 23 න් වැනි හමුදාපති ලෙසින් ,හෙලයේ අසහාය සෙන්පති ශවේන්ද්‍ර සිල්වා පත්වීම් ලබන්නේ, සියලුම ශ්‍රීලාන්කේය ජනතාවගේ ප්‍රාර්ථනා මුදුන්පත් කරවමින් ,සකල ශ්‍රීලාන්කේය සමාජයේ ආශිර්වාදයක් සමගින්.

දශක තුනක් පුරාවට දිවගිය වර්ගවාදී යුද්ධය ,මානුෂීය මෙහෙයුමකින් අවසන්කිරීමේ  ක්‍රියාන්විතයේ පෙර ගමන්කරුවෙක් වූ නිසා මෙන්ම ඒ හුරුබුහුටි ,අව්‍යාජ සිනාව, අපරිමිත මානව දයාව, රටට ජාතියට ,ආගමට දක්වන අසීමිත ආදරය ගෞරවය ,රාජකාරිය වෙනුවෙන්  වසර 34 ක් පුරාවට සිදුකර නිර්ව්‍යාජ කැපවීම,පාසැල් අවදියේ පටන් දැක්වූ නායකත්වයේ ගුනය නිසි කලට හරි තීරණ ගැනීමේ සහජ හැකියාව , මේ ජීවිත ගමනේ පැමිණි කටුක, කර්ශක ගමනේ තවත් ශ්‍රෙෂ්ඨ කඩඉමක් වෙතට මෙතුමන් ගෙන යාමට කටයුතු කර තිබුනේ .

කවදත් මෙතුමන් පසුපසින් හඹා එන තනතුරු ,තානාන්තර එතැනින් නතර වූයේ නැහැ.

සිය නායකයා වන, ත්‍රිවිධ හමුදා සේනාංකාධිපති, අතිගරු,ජනාධිපති තුමන්හට කවදත් සවියක් වූ මෙම විශිෂ්ටතම ,විශ්වාසනීයම හමුදා නිළදරුවා පසුව,වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දුරයෙන් පිදුම් ලබනවා.

2020, වසර මුළදී, ලොවක් හඬවමින් හිස එසවූ මාරාන්තික ” කෝවිඩ් 19 ” වසංගතය හමුවේ, බලවත් මෙන්ම ශක්තිමත් රට රාජ්‍යයන් පරාජිතව පසුබසිද්දී රටේ ජාතියේ පිනට පහලවූ උතුම් , මනුස්සකම දන්න හඳුනන , උපක්‍රමශීලී, නොහැක්කක් නොමැත යන්න කාලාන්තරයක් මුළුල්ලේ පසක්කොට පෙන්වූ මේ ශ්‍රේෂ්ඨ සෙන්පතියා කෙරෙහි විශ්වාසය තබන්නට රටේ නායකත්වය පසුබට වුනේ නෑ.

අදිශ්ඨානයෙන් යුතුව අරමුණ කරා පියනැගීමේ කලාව, යුද බිමේදි මෙන්ම සාමාන්‍ය ජීවිතයේ පවා දිග්විජය කර තුබුනු මෙතුමන් ,එදා නැගුනු දහසක් අවලාද වලට නිහඬව පිළිතුරු දුන්නේ ,තමා සතු උපක්‍රම , සිය විශිෂ්ටතම නායකත්ව ගුනය මෙන්ම තමුන් අනදෙන ත්‍රිවිධ හමුදාව ගැන තබා තිබුනු උපරිම විශ්වාසය නිසා.

නන්දිකඩාල් කලපුවේදී එදා අවියෙන් ජයගත් මානුෂිය මෙහෙයුම මෙන්ම  නව කොරෝනා වසංගතය හමුවේ මෙදා ඇරඹි දෙවැනි මානුෂිය මෙහෙවර අහවරයක් ආසන්නයටම ගෙන ඒමට තම සගයින් සමගින් දිවා රැය නොබලා කරගෙන ගිය ඒ උත්තම කැපවීම නොවන්නට ,අපේ මේ පුංචි මව්බිමත් විසාලා මහනුවරක්ම වන්නට තිබුනා .

නිවට බියගුලු වර්ගවාදී බලවේගවලට , ඩොලර් වලට විකිනෙන ජාත්‍යන්තර සංවිධානයන්ට, මානව හිමිකම් බත්ගොට්ටන්ට, ඩයස්පෝරා රූකඩ වලට තම අහිංසක හිනාවෙන් රිදෙන්න පහර දෙමින්, අවැසි තැන,අවැසි ලෙස තම සිංහනාදය පතුරුවමින් ඒ සෑම අහියෝගයක්ම මනාලෙස මෙල්ල කරමින් තම යසස මෙන්ම හෙලයේ අභිමානය රැකදෙන්නට මෙතුමන් සතුවූ ආත්ම ශක්තිය වෙනුවෙන් අපේ උත්තමාචාරය පුදකර යුතුයි.

යුදහමුදාපති ධූරයේ වසරක් සපුරන මේ අසහාය සෙන්පතියා තවත් කාලයක් පුරාවට රට ජාතියට අවැසි, දුර්ලභ ගුනදම් සහිත උපරිමයෙන් තම දායකත්වය රාජකාරිය වෙනුවෙන් කැපකරමින් සිටින විශිෂ්ටතම හමුදා නිළදරුවෙක්.

මාතලේට ,ශාන්ත තෝමසුවට පමණක් නොව, මුළුමහත් ශ්‍රීලංකා ධරනිතලයටම ආභරණයක් ,අභිමානයක් සම්පතක් වූ ආදරනීය  ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අභීත සෙන්පතිඳුන්, සිය හමුදාපති පදවියේ වසරක් සපුරන මේ මොහොතේ, සිරිලක් වැසියන් සියලු දෙනාගේ හදවතින්ම නැගෙන සුභාශින්සන මෙසේ පුදකොට සිටිමු.

ගරු හමුදාපති තුමනි ,තිසරණ සරනින්,සියලු දෙවි රැකවරනින් ,නිදුක් නීරෝගී ව චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා. රට ජාතියේ පිනට උපන් ඔබ තුමන් හට,දේශයට රන් අසිපතක් මෙන්ම තුන් හෙලයට මුර දෙවියකු ලෙසින් තවත් කාලයක්  අප දේශය රැකගන්නට වරම් ලැබේවා .

ඒ අපේ ඒකායාන පැතුමයි .



11 Viewers