• Home »
  • Sinhala News »
  • ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා – රත්නජීවන් හූල්

ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා – රත්නජීවන් හූල්

මැතිවරණ කොමිෂන් සභික ධුරය අහිමිවූ රත්නජීවන් හූල් මහතා ශී‍්‍ර ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කරන ලෙසත් මෙරටට ආර්ථික සම්බාධක පනවන ලෙසත් ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලා ඇත.

යුද අපරාධ සිදුකළ බවට සාක්‍ෂි ඇති බව සඳහන් කරන හූල් එම යුද අපරාධ සිදුකළ අය ඉහළ ධුරවලට පත්කර ඇතැයිද කියා සිටියි.

එසේම ද්‍රවිඩ ජනතාවට මළවුන් සැමරීමට (මියගිය කොටි) රජය ඉඩදී නැති බවට ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි කරන රත්නජීවන් හූලේ ජීනිවා යෝජනාව ඉටුකිරීමට රජය කි‍්‍රයාකර නැතැයිද දන්වා ඇත.

වත්මන් රජයද ශී‍්‍ර ලංකා හමුදාව යුද අපරාධ සිදුකර නැතැයි යන පිළිවෙත අනුමත කරන බවද ඔහු ජාත්‍යන්තර ප‍්‍රජාවට පැමිණිලි කර තිබේ.



44 Viewers