ටොරින්ටන් නමින් කී‍්‍රඩාංගණයක් නැත – ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ජනඝාතකයෙක්
කොළඹ 07 නිදහස් චතුරස‍්‍රය ඉදිරිපිට පිහිටි කී‍්‍රඩාංගණය ටොරින්ටන් කී‍්‍රඩාංගණය නමින් ව්‍යවහාර කිරීම දිගු කලක පටන් සිදුවේ. මෙය මේ නමින් හඳුන්වනු ලැබුවේ 1956ට පෙර වකවානුවේය.
ලංකාව යටත් කර ගත් පෘතුගීසි, ලන්දේසි ජාතිකයන් මෙන්ම ඉංගී‍්‍රසීන් ද ස්ථාන නාම හැටියට හිටපු ආණ්ඩුකාරවරුන්ගේ නම් හා වෙනත් සම්භාවනීයන්ගේ නම් යෙදූහ. ඒ අනුව මෙට්ලන්ඞ්, බ‍්‍රවුන්රිග්, හෙන්රි වෝඞ්, බාර්න්ස්, ග්‍රෙගරි ආදී නම් වැලක් අගනුවර මංමාවත්වලට යොදනු ලැබීය. මේ අනුව 1848 වකවානුවේ සිටි වයිකවුන්ට් ටොරින්ටන් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් ටොරින්ටන් මාවත, ටොරින්ටන් චතුරස‍්‍ර‍්‍රය හා ටොරින්ටන් පෙදෙස වශයෙන් ස්ථාන කිහිපයක් නම් කරන ලදී.
මෙම ටොරින්ටන් චතුරස‍්‍ර‍්‍රය කී‍්‍රඩා පිටියකින් ද සමත් විය. මෙම කී‍්‍රඩා පිටිය මෙරට හිටපු අග‍්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා විසින් ජාත්‍යන්තර මට්ටමට තනවා 1955 ඔක්තෝබර් 26 වැනි දින විවෘත කරන ලදී. මෙම කී‍්‍රඩා පිටියේ මලල කී‍්‍රඩා ධාවන වට 8 ක ධාවන පථයක් සකස් කරන ලද අතර කි‍්‍රකට්, හොකී, පාපන්දු, රගර්, එල්ලේ ආදී කී‍්‍රඩා සඳහා ද භාවිතයට ගත හැකි අයුරු ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් තනවන ලදී. මෙය එවකට පැවැතියේ අග‍්‍රාමාත්‍ය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේය.
1948 දී ලංකාව බි‍්‍රතාන්‍ය ආධිපත්‍යයෙන් නිදහස ලැබීම අනුස්මරණය කිරීම සඳහා සුදුුසු ගොඩනැඟිල්ලක් තැනීමේ කාර්යය එවකට රජයේ වැඩ ඇමැතිව සිටි සර් ජෝන් කොතලාවල මහතාට අග‍්‍රාමාත්‍ය ඞී. ඇස්. සේනානායක මහතා විසින් පවරන ලදී. මේ සඳහා සුදුසු රජයේ ඉඩමක් සොයා ගැනීමට නොහැකි වූ හෙයින් මෙම බිම් කොටස රජය විසින් ලංකා තුරග තරග සමාජයෙන් මිලයට ගන්නා ලදී.
මෙම නිදහස් අනුස්මරණ මණ්ඩපයේ ඉදිකිරීම් කටයුතු ඞී. ඇස්. සේනානායක මහතාගේ කාලයේ නිම කිරීමට නොහැකි විය. 1956 දී බලයට පත් අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා මෙහි ඉතිරි වැඩ කොටස් ලහි ලහියේ නිමාකොට 1956 පෙබරවාරි 04 වැනි දින එහි පැවැති නිදහස් උත්සවයේ දී විවෘත කරන ලදී. අධික වැසි මැද පැවැති එම උත්සවයට චීනයේ අග‍්‍රාමාත්‍ය චු එන් ලායි ද සහභාගි විය. ” චු තෙමි තෙමී නිදහස් මණ්ඩපය විවෘත කරයි’’ යන්නෙන් ලංකාදීපය එම සිදුවීම වාර්තා කළේය.
ඒ සමගම නිදහස් අනුස්මරණ මණ්ඩලය පැවැති පෙදෙස නිදහස් වතුරස‍්‍රය නමිනුත්, කී‍්‍රඩා පිටිය නිදහස් වතුරස‍්‍ර කී‍්‍රඩා පිටිය නමිනුත් ටොරින්ටන් මාවත නිදහස් මාවත නමිනුත් හඳුන්වා ගැසට් කරන ලදී.
1965 වනවිට කී‍්‍රඩා අමාත්‍යාංශයක් පිහිටුවා තිබුණු අතර එය ස්ථානගතව තිබුණේ කොළඹ 01 මහලේකම් කාර්යාලයේ පිහිටුවා තිබුණු ජනසතු සේවා අමාත්‍යාංශයට අයත් කොටසක ය. මෙම කොටස නිදහස් චතුරස‍්‍රයේ කෙළවර පිහිටි පැරැුණි ගොඩනැඟිල්ලට 1966 ජනවාරි 05 වැනි දා ගෙන එන ලදී. ඉන් මාස දෙකකට පසුව හෙවත් 1966 මාර්තු 07 වැනි දින අග‍්‍රාමාත්‍ය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත්ව තිබුණු මෙම කී‍්‍රඩා පිටිය කැබිනට් තීරණයක් අනුව ජනසතු සේවා හා කී‍්‍රඩා අමාත්‍යාංශයට පවරා දෙන ලදී.
එතැන් පටන් මෙම කී‍්‍රඩා පිටිය නිදහස් චතුරස‍්‍ර කී‍්‍රඩා පිටිය නමින් ව්‍යවහාර වන්නට පටන් ගත්තේය. එහෙත් සමහරු මෙය ටොරින්ටන් පිටිය යන පැරැණි නමින් හඳුන්වන ලදී. දයාසිරි ජයසේකර මහතා කී‍්‍රඩා අමැතිව සිටි යුගයේ මෙහි තිබූ පැරණි කී‍්‍රඩා මණ්ඩපය කඩා දමා එම ස්ථානයේ නව කී‍්‍රඩා මණ්ඩපයක් ගොඩනැඟීමට කටයුතු කරන ලදී. ඒ අනුව මෙහි මුල්ගල තැබීමට එවකට මුදල් ඇමැතිව සිටි මංගල සමරවීර මහතා ද සහභාගි විය. මේ සම්බන්ධව දිගට හරහට ප‍්‍රචාරය වූයේ ටොරින්ටන් කී‍්‍රඩා පිටිය නමිනි.
එවකට මෙරට සිටි දේශපේ‍්‍රමියෙක් මෙම කී‍්‍රඩා පිටිය පර සුද්දෙකුගේ නමින් හඳුන්වන්නේ ඇයි දැයි එවක සිටි කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඞී. එම්. ආර්. බී දිසානායක මහතාගෙන් විමසා සිටියේය. ඒ මහතා ඒ මොහොතේම ජාතික කී‍්‍රඩා සභාවේ ලේකම් හැටියට කි‍්‍රයාකරමින් සිටි මා කැඳවා මේ පිළිබඳව විමසා සිටියේය. මවිසින් උක්ත කරුණු පෙන්වා දීමෙන් පසු කී‍්‍රඩා අමාත්‍යාංශයේ සියලූම නිලධාරීන්ටත්, එයට යටත් සියලූම ආයතනවලටත් ලිපියක් යවමින් මින් ඉදිරියට මෙම කී‍්‍රඩා පිටිය නිදහස් චතුරස‍්‍ර‍්‍ර කී‍්‍රඩා පිටිය නමින් හඳුන්වන ලෙස නියෝග කරන ලදී. මෙම ලිපිය සියලූම ජාතික කී‍්‍රඩා සම්මේලනවලටත් ජනමාධ්‍යයටත් යවන ලදී.
එහෙත් ක‍්‍රමක‍්‍රමයෙන් මේ නම යටපත් වී ගොස් නැවතත් ටොරින්ටන් පිටිය යන නම ඉස්මතු වී ඇත. 1848 වකවානුවේ මෙරට සිටි වයිකවුන්ට් ටොරින්ටන් ආණ්ඩුකාරවරයා බලූ බද්ද, තුවක්කු බද්ද, ඇග බද්ද, ඔරු බද්ද ආදී බදු පැනවීම නිසා ප‍්‍රජා පීඩකයෙක් හැටියට ලේඛනගතව සිටියේය. ඒ හැරෙන්නට 1848 කැරැල්ලේදී සිදුකරන ලද ජන සංහාර නිසා ජනඝාතකයෙක් හැටියට ද ප‍්‍රසිද්ධව සිටියේය. මෙවැන්නකුගේ නම කී‍්‍රඩා පිටියකට යොදා අනුස්මරණය කරන්නන් තම චින්තනයේ දුප්පත්කම ප‍්‍රදර්ශනය කරයි.
මෙම කී‍්‍රඩා පිටියේ නම රජය විසින් ගැසට් කර තිබියදීත් කී‍්‍රඩා බලධාරීන් විසින් නිත්‍යානුකූලව ප‍්‍රකාශයට පත් කර තිබියදීත් තව තවත් මේ නම භාවිත කිරීම ගැටලූවකි.
”මහ කකළුවන් ඇදයට ඇවිදිමින් පොඩි කකුළුවන්ට කෙළින් යන්නට කීවත් උන් අවිදින්නේ සිග් සැග් ක‍්‍රමයටය’’
95 Viewers





