• Home »
  • News »
  • සමලිංගික පොතේ කර්තෘ මණ්ඩලය මෙන්න.!

සමලිංගික පොතේ කර්තෘ මණ්ඩලය මෙන්න.!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මුවා වී පාසල් දරුවන් අතර සමලිංගික ක්‍රියාකාරකම් සෘජුව වර්ධනය කිරීම සඳහා හය වසර දරුවන්ට 2026 ජනවාරි 5 දින සිට ඉගැන්වීමට ලබා දී විෂය නිර්දේශයට අයත් English Language First Term Modules Grade 6 මොඩියුලය පිටු අංක 51 – 52  මේ සමඟ දැක්වේ.

මෙම වෙබ් අඩවිය සමලිංගික රුචිකත්වයක් ඇති වැඩිහිටියන්ට ‘ලිංගික සහකරුවන්’ සොයා ගැනීම සඳහා නිර්මාණය කර ඇති අඩවියකි.  දරුවන්ට මෙම වෙඩ් අඩවියට ඇතුලත්වී, ලියාපදිංචි වී සෘජුව ලිංගික හවුල් කරුවන් සොයා ගැනීමට තොරතුරු ඇතුලත් කළ යුතු ආකාරය, සහ ‘සර්ච්’ කිරීම මෙම අඩවිය මගින් ප්‍රායෝගික අත්දැකීමක් ලෙස ලබා දේ.

මෙය මුද්‍රිත පොතක් නොවන අතර, දරුවන් අතරට යන්නේ ඩිජිටල් ආකාරයෙනි.  එනම්, කිව්.ආර්. කේතයක් මගින් මෙම පිටුව බා ගත කළ යුතු අතර, පිටු මුද්‍රණය කර ගත යුතුය.

ඊයේ (දෙසැ. 29 දින) පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා මේ කරුණු අනාවරණය කළ පසුව එය මේ වන විට රට පුරා කතා බහට ලක්ව ඇත.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මෙම මොඩියුලය සකස් කර ඇත. මෙය දැනටමත්  දිවයින පුරා පාසල් ගුරුවරුන් වෙත බෙදාහැරීම අවසන් කර ඇත.

2025 ජනවාරි 5 දින මෙම පාඩම් ඉගැන්වීම ඇරඹීමට කලාප මට්ටමින් ගුරුවරුන් වෙත විශේෂ පුහුණුවක් ද ලබා දී ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදු කර ඇත්තේ ලාබාල දරුවන්ට ලංකාවේ නීති කිහිපයක් මගින් දඬුවම් ලැබිය යුතු වරදකි. අපරාධයකි.

ලිංගිකත්ව අධ්‍යාපනය වෙනුවට දරුවන්ට ‘සෘජු ලිංගික අධ්‍යාපනය’ ලබාදීමට පසුගිය මාස 8 තුල අධ්‍යාපන බලධාරීන් පොළඹවා ගැනීමට දේශපාලන අධිකාරිය ද, පද්ධතියට පිටතින් බලපෑම් කරන කණ්ඩායම් ද උනන්දු වේ.

මෙය ඛෙදවාචකයකි. අපරාධයකි. මේ අපරාධය සිදු කළ අය අත්අඩංගුවට ගත යුතුය. පොත ලියු ලේ්ඛක මඩුල්ල රූපයේ ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්
උපුටා ගැනීමකි.



13 Viewers