සලේගෙන් නිරුවත් වූ ආණ්ඩුවේ ක්‍රමය..
අනුර ඇතුළු ආණ්ඩුවේ සාමාජිකයන්ට හා අනුගාමිකයන්ට කර්මය ගැන අදහසක් නැතුවා වත්ද ? නැතහොත් සියළු දෙනාම පාපොච්චාරණයට කර පව් සමා කර ගැනීමේ පිළිවෙත අනුගමනය කරනවාද යන්න දැන් දැන් සැකයක් මතු වී තිබේ.
අනෙක් අතට සුරේෂ් සලේ ට තිබු චෝදනාවන් සෝදා දැමීමට ආණ්ඩුව හා කතෝලික පල්ලිය සුදානම් වනවාද යන්න සැක සිතේ. එය ඔප්පුවෙමින් ද පවතී.
හේතුව සුරේෂ් සලේ අත්අඩංගුවට ගත් ආකාරය හා ඒ සැනින් දෙපාර්තමේන්තු නියෝග මත මාස තුනකට රඳවා තබා ගැනීමය. මාධ්‍ය සාකච්චාවේ දී පොළිස් නිලධාරීන් තිදෙනෙකුම අසරණ වන හැටිත්, කීර්තිමත් සුදුසුකම් ලබා ඇති අනාගත පොලිස්පතිවරයකු විය හැකි සංජිව මැදවත්ත මහතා දැඩිව තම දෙපාර්තමේන්තුවේ ගෞරවය බේරා ගැනීමට වෙහෙසෙමින් අසරණ වන සැටිත් දුටුවෙමි. ඒ අතරේ රන්ජන් ශානි හඬපට උඩුගත වී තිබුණි. ඒවායේදී සලේට ෂොට් එක දීමට කරනු ලබන කුමන්ත්‍රණයක් එළියට විත් තිබේ.
අනුර ගේ ආණ්ඩුව වැඩ කරන්නේ කව්රුන් හෝ හදා දුන් පුර්ව සැලසුමකට බව බිමල් ගේ ජර්මනියේ රැස්වීමට සහභාගී වූ අයකු මා සමග පැවසුවේය. අනුරට මෙහිදී කල හැකි සුළු කොටසක් තිබෙන අතර ඉතිරිය කරනුයේ ඒ අදෘශ්‍යමාන හස්තය විසින් බව පිළිගත යුතුය. ආණ්ඩුව කාගේ හෝ හස්තයක් බව සිරිල් ගාමිණි පුජකවරයා ගේ මාධ්‍ය සාකච්චාව තුල ඇති අන්තර්ගතය කියා පායි.
පොලීසිය මාධ්‍ය සාකච්චාවේදී අනාගන්නා විට පූජක වරයා කරන ජනගත කිරීම තුල නිර්දෝශිභාවයේ පුර්ව නිගමනය පමණක් නොව තවත් බොහෝ මුලික අයිතීන් කඩ කරනු ලබන අතර ,පල්ලිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් වෙනම පවත්වාගෙන යන අයුරින් පුද්ගලයන් වැරදි කරුවන් කිරීමේ උත්සාහයක් ඇති බව පෙන්වයි. පොලීසිය අධිකරණය කල යුතු කාර්යයන්ට පල්ලියට අවසර ලැබුණේ කෙසේද? එසේම එය අනියම් වෛරය වැපිරවිමකි.” පල්ලිය ගමේ තියෙන තැනම තියන්න ” වශයෙන් බටහිර කියමනක් තිබේ. “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පල්ලියට ගෙන නොයන්න” වශයෙන් එම කතාව ලංකාවේ කතෝලික පල්ලියට අදාළ කරගත හැකිය. ජවිපෙ හරය වන වෛරය වැපිරවීම ට පල්ලියද සහය වෙයි. අහෝ දෙවියනි.. ඔබ කොහිද?
පල්ලිය ආණ්ඩුවේ අපරාධ විමර්ශනයේ අණදෙන්නා වෙන විට විජේපාල් සහ වටගල යනු කව්රුන්ද? ජනතාව සිතා බැලිය යුතුය. මෙවැනි මැදිහත් වීමක් භික්ෂුන් විසින් කලේ නම් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ සිට ඩෝබියා දක්වා උරණ වන ආකාරය වටහාගත යුතුය. වෙනදා මෙන්ම පිට රට ඉන්නා ඇරියස් ඩෝබිලා ටික චෝදනා ජනගත කරමින් ස්වයං වින්දනයේ යෙදෙන හැටි පෙනේ. සත්‍ය නම් අත්අඩංගුවට ගත් පොලිසියට අත්අඩංගුවට ගත් හේතුව කියාගන්නට බැරි වුණාට ඒ ඩෝබිලාට හා පල්ලියට හේතු තිබීමය..
මේ අවස්ථාව භයානක ය. කැලේ නීතියට ඉඩ ලැබී ඇති බවට තහවුරු වන්නේ මෙතනදීය. හේතු සහිතව මිස මිනිසකුගේ නිදහස අහිමි නොකළ යුතුය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වගන්තියට කුමක් සිදු වීද ?
ගරු පොලිස්පති තුමනි. කලක් මා ගරු කල අයෙක් විදියට මෙසේ ලියා තබමි. ඔබට මේ යන ක්‍රමයට එරෙහි වීමට නොහැකිනම්..ඉල්ලා අස්වී නම්බු පිටින් ගෙදර යාමත් සමග ඔබට රටේ යුක්තිය ගරු කරන මිනිසුන්ගෙන් පවුරක් සැදෙනු ඇත. මේ ක්‍රමයට වැඩ කිරීමෙන් ඔබ ලබන පිළිගැනීම ඉතාම තාවකාලික බව ලියා තබමි. මේ ටික ලියා තැබුවේ ගරු කලයුතු මිනිසුන් පිචන් වනු දැකීමට අකමැති නිසාය.
සලේගේ අත්අඩංගුවට ගැනීම තුල ආණ්ඩුව, අනුර, විජේපාල, හා වීරසුරිය මොණරුන් පිල් විදහාගෙන සිටින අතර හඬ පට සමග ෂර්ලොක් හෙළුවෙන්ම බව පෙනේ.
සලේ ගේ පාස්කු ප්‍රහාරයට ඇති සම්බන්ධය ගැන ප්‍රචාරය කරන ලද පුවත් අසත්‍ය බවට ශානි-රන්ජන් හඬ පට වලින් දැන් අපටද පැහැදිලි වේ.ඒ නිසා රටේ හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂ වරයා හැටියට හේතුවක් නොමැතිව අත්අඩංගුවට පත්වීම ගැටළු කාරිය. බුකියේ ආණ්ඩුවේ හිතවාදීන් පොලිසිය නොවන නිසා පැලවත්තේ හෝ පල්ලියේ හේතුන් යුක්තිගරුක ජනතාව පිළිගත යුතු නැත.
සලේ කුමන ආකාරයේ වැරදි කල අයෙක් වුවත් ආණ්ඩුවේ ගල් අඟුරු මත අත පත ගෑම හා අත්තනෝමතික බියගුළු ක්‍රියා කලාපය නිසා මහජන අනුකම්පාව සලේ වෙත ලැබී ඇත. අද දිනයේම කතා කල අප නොදන්නා හිටපු සොල්දාදුවන් ගේ මතය තුල ආණ්ඩුව තමා මෙහෙයවන්නේ කව්රුන්දැයි සියල්ලට ජනගත කර අවසන් ය. සලේ සජිත්ට නාමල්ට කල හැකි නොවූ දෙයක් සිදු කර ඇත. අනුර ලා එයට රට තල්ලු කර ඇත. අනුරට පටිසන් දෙන කර්මය ගැන මම මුලින්ම ඇසුවේ එබැවිනි. මේ ආණ්ඩුව ගෙන ඒමට උඩ ගෙඩි දුන් සැමටම ශාපයක් පසුපස හඹා එන බව සත්‍යය.
රනිල් අත්අඩංගුවට ගන්නා විට හුරේ තැබුවන් පවා සලේ ගත් ආකාරය දකින විට සැබෑ බියකින් පසුවෙයි. ඒ බිය පාස්කු ප්‍රහාරය නිසා ඇති වූ බියට වඩා දහස් ගුණයක් බව ආණ්ඩුව වටහා ගත යුතුය. අවුරුදු පහම ඉන්නට දෙන්නට යයි කියනා අපිට බැණ වදිමින් ආබාදිත සෙබලෙක් දුන් ඇමතුම මේ ලිපිය ලියන්නට මෙහෙයවීය. යුක්තිය පසිඳලීම යනු මෙය නොවන බව ආණ්ඩුව ට වැටහේද?
අවසානයේ ආණ්ඩුව එලවා දැමීමට ජනතාව පෙළගැසෙනු ඇති බව පෙනේ. මහා අරගලයක් කර ආණ්ඩුවක් පත් කරගත් ජනතාවට 1971.8889 යේ වෛරී අරමුණු වල දිගුවක් මිස යහපත් කිසිදු ප්‍රවණතාවයක් ලැබී නැත.
යුක්තිය දිනේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා වේවා.
10 Viewers





