සෑම සිංහලයෙකුම කියවිය යුතු සටහනක්
1987 සැප්තැම්බර් 15 වන දින සිට 1987 සැප්තැම්බර් 26 වැනිදා දක්වා උපවාසයක නිරතව සිටිය දී ජීවිතක්ෂයට පත්වූ තිලීපන් සැමරීම වෙනුවෙන් නල්ලූර්හි අලුතින් ලෝකඩ ස්මාරකයක් ස්ථාපිත කර තිබේ.
ලුතිනන් කර්නල් තිලීපන්ගේ ප්‍රතිමාව ලෙස නම්කර ඇති එය දශක හතරකට ආසන්න කාලයක් පුරා දිවි පිදූ දෙමළ නිදහස් සටන්කරුවා ලෙසද නම් කර තිබේ.
ඔහුට “ලුතිනන් කර්නල්”යන හමුදාවක් භාවිතා කරන තනතුරක් පිරිනැමුවේ කවුද? එය රටක පිළිගත් හමුදාවක් විසින් පිරිනමන ලද්දක්ද?
නැත එය මේ රට බෙදා වෙන්කිරිම සදහා අමානුෂිය යුධ උපක්‍රම භාවිතා කල LTTE ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා ලෙස සිටි,හතරවන ඊළාම් යුද්ධයේදි වෙල්ලිමුල්ලිවයිකාල් වලදි ශ්‍රි ලංකාවේ නිළ හමුදාව විසින් ඝාතනයට ලක්කල ප්‍රභාකරන් විසින් දුන් නාමයකි.
එම නාමය සහිත ලෝකඩ ස්මාරකයක් නල්ලුර් වල ඉදිකිරීමට තරම් ඉඩ දිමට වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුලු පාණ්ඩුව කටයුතු කර තිබේ. බෙදුම්වාදී තහනම් සංවිධානයක හමුදා නිළ නාමයක් සහිතව පිළිමයක් විවෘත කිරිමට බලය දුන්නේ කවුද? වහාම රටට හෙලිකල යුතුය.
සිය බුද්ධිය රට වෙනුවෙන් මෙහෙය වු සුරේෂ් සලේ වැනි විරුවන් මාස ගණනාවක් බලු කුඩු වල ලැග සිටියදි ලුතිනන් කර්නල් තිලීපන්ගේ ප්‍රතිමා විවෘත කිරිමට තරම් රටක් නිර්මාණය කිරිමට දායක වු හැමදෙනෙකුගේම හaද සාක්ෂීය නැවත කියවා ගත යුතුය.
සලේ බලු කුඩුවේ! තිලීපන්ගේ ලෝකඩ ප්‍රතිමා හදයි! රටට ගිය කලක්!
0 Viewers





