සිරස අනුරව නැතිම කරනවා.
ඕකම තමයි උන් සිරිසේනට කරේ. ඒක කරන්නේ counter intuitive විදිහට.
බැලූ බැල්මට පේන්නේ උන් රෙදි නැතුව කඩේ යනවා වගේ. නමුත් උන් ඇත්තටම කරන්නේ අනුරව ජෝකර් කෙනෙක් කරලා විනාශ කරන එක.
සිරස හොඳටම දන්නවා මේ වගේ වෙලාවක ඔල්මායා වගේ තුට්ටු දෙකේ මාධ්‍ය ගණිකාවක් දාලා තෙල් නැව් ආපු හැටි, සීෂෙල්ස්වල තෙල් මිල වැඩි වෙච්ච හැටි නොනවත්වා කියෙව්වම ජනතාවට ඌරු ජුවල් නගිනවා කියලා. ඒක සිරසෙ මහ එවුන් කරන්නේ දැන දැනම.
ජේවීපී සට්ටැඹියන්ට මයික් අල්ලලා තෙල් පෝලිමේ ඉන්න එක අවුලක් නැහැ කියලා කියව ගන්නකොට ඒවා අහන දකින උන්ට අනුර කුමාරගේ පුංචි අම්මව මතක් වෙනවා කියලා සිරසෙ රෑ දනියෙල් දවල් මිගෙල් දන්නවා.
සිරස කියන්නේ ලංකාව දෙකට බෙදලා ඊළම හැදීමේ ව්‍යාපෘතියට හදපු චැනල් එක. ඒකට තිබුණෙත් තියෙන්නෙත් ඒ අරමුණ විතරයි.
ඔවුන්ට තියෙන්නේ දීර්ඝ කාලීන සැලසුමක්. ඒ තමයි බෞද්ධ සිංහල ජාතිය බුද්ධියෙන් හීන මෝඩයන් බවට පත් කිරීම. බෞද්ධ ධර්මය විකෘති කිරීම. සිංහල ඉතිහාසය අවලංගු කිරීම. ඔවුන්ගේ සතුරා දුර්වලයෙක් කිරීම. හොර ධාතු ප්‍රදර්ශනවල ඉඳලා හොර කත්නොරුවා දක්වා ඔවුන් එදා මෙදා තුර කළ හැම වැඩසටහනක්ම කළේ සහ මතුවට කරන්නෙත් ඒ වෙනුවෙන් පමණයි.
සිරසෙ ගිය ගොබ්බ කාටූන්, අසික්කිත ටෙලි පඩංගු, බූරු ස්ටාර් ආදිය බලපු කොල්ලො කෙල්ලො තමයි දැන් ලංකාවේ ඉන්නේ. උන්ගේ හැටි පේනවනේ.
උන් තරම් අවිද්‍යාත්මක අතාර්කික අසංවේදී බොළඳ මුග්ධ වනචර බූරු රැළක් ඉතිහාසයේ කවදාවත් ඉඳලා නැහැ. උන් තමයි අරගලය කළේ.
පිරපාහරන්ට බැරි වුණ දේ මහාරාජා කළා. ඒ තමයි බෞද්ධ සිංහල ජාතිය දූෂණය කිරීම. ඔවුන්ට පැවරුණු දේශපාලන ව්‍යාපෘතිය තමයි ඒක. මහින්දව පරාජය කරලා සිරිසේනව ගෙනාවේ ඒකට. සිරිසේන කියන්නේ නූගත් අමන මෝඩයෙක්.
උන් හිතපු නැති විදිහට අපි නැවත සැබෑ බෞද්ධ සිංහල නායකයෙක් පත් කළා. ඒ තමයි මේ රටේ හිටිය අවසාන බෞද්ධ සිංහල ජාතිකයන්ගේ අන්තිම සටන. නමුත් සිරස උන්ගේ කොටි සල්ලි වියදම් කරලා ගෝඨාභයට ගැහුවා. බූරුවන් කර තිබෙන බෞද්ධ සිංහලයාම ලවා ගැස්සුවා.
ඊට පස්සේ ආයෙත් ගෙනාවා සිරිසේනට වඩා සිය ගුණයක් මෝඩ බූරුවෙක්. බූරු රැළට බූරු රජෙක්. අනුර කුමාර දිසානායක. දැන් උන් අනුරවත් ඉවර කරනවා. මේ තමයි ලංකාවේ අවසානය. මේක ජෝක් එකක් වගේ පෙනුනට මේ ගෙවෙන්නේ ලංකාවේ අන්තිම හුස්ම පොද.
නුදුරු අනාගතයේ ලංකාව කෑලි දෙකකට වෙන් වෙනවා. ඒක වළක්වන්න බැහැ. ඒකට අවශ්‍ය සියලුම සාධක දැන් සම්පූර්ණයි. ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2026 මාර්තු 25
16 Viewers





