අර්බුදයට විසඳුම “සිංහලේ සම්මුතිය” පමණයි!
ගෝලීය අර්බුද්ධය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජය යම් බදු ආදායම් කප්පාදුවක් කර මිල තුලනය කළ යුතු යැයි යෝජනා කරන්නට තරම් එදා හැමදේටම විරුද්ධ වු අනුරලා වගේ අපි මුග්ධ නොවෙමු.මේ ආණ්ඩුව පැවති කිසිම ආණ්ඩුවකට නොවෙනස් බවත් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගෙ යහපාලන දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙළේම දිගුවක් බව අපි දුරතියා ප්‍රකාශ කළෙමු.
78 වසරක සැබෑ සාපය වන්නේ 78 සාපයට දොස් තබමින් එම සාපය තවමත් කරමත තබාගෙනයෑමයි. 78 වසරක සාපය විකුණමින් බලයට පැමිණි ආණ්ඩුව දේශාපාලන සංදර්ශන හැරුණු විට 1833 සිට අප මත පටවන ලද යටත් විජිත රේඛාවෙන් ලංකාව වෙනත් මාර්ගයකට ගෙන ඒම සඳහා ගනු ලැබු උපායමාර්ගික හෝ තීරණාත්මක හැරවුම කුමක් ද?
ස්වාධීන ජාතික රාජ්‍යයක් වීමේ විභවය, නිවර්තන කලාපිය ස්වභාවික පිහිටීම අනුවම උරුමකරගත් අපේ ශක්‍යතාවන් උද්දීපනයකින් තොරව සාපකාරි 78 වසරක යටත් විජිත උගුලේම හිරකිරිමට අධිරාජ්‍යවාදයේ අද නියෝජිතයා ලෙස අනුර- හරිනි මාලිමාව උපරිමෙයෙන් උර දි සිටියි.
රාජ්‍ය ආදායම් අර්බුදයට ව්සඳුම ලෙස මෝටර් රථ ආනයන සීමා ඉවත් කරමින් දිරි ගැන්ව්ම හරහා 2025 වසරේදි රු.මිලියන 900ක බදු ආදායම් ලැබු රජය වාහන ආනයනය සඳහා එවැනි හතර ගුණයකට ආසන්න මුදලක් ඇ.ඩො බිලියන 1.2 වියදම් කර ඇත. ඉන්ධන සඳහා වියදම් ලෙස සමස්ත ආනයන වියදමින් 25% කට ආසන්න ප්‍රමාණයක් වන ඇ.ඩො බිලියන 3.5ත් 5 අතර ප්‍රමාණයක් වාර්ෂිකව වැය කෙරේ. එසේ ආනයනය කරනු ලබන ඉන්ධන වලින් 75%-85% අතර ප්‍රමාණයක් පුද්ගලික ප්‍රවාහනය සඳහා යෙදෙවන අතර පොදු ප්‍රවාහනය සඳහා වෙන් කරන්නේ 15% ක් පමණි. පොදු ප්‍රවාහනයේ ගුණාත්මක බව සොච්චමක් වියදම් පෙන් වු ආණ්ඩුව ජනාධිපතිවරයාගේ උපන්ගමේ දුම්රිය පද්ධතිය නවීකරණය වෙනුවෙන් වෙන්කළ රුමිලි 100ය ද සතයක් වියදම් නොකර ආපසු භාණ්ඩාගාරයට යැවුවේ වැඩබැරිදාසලාගේ කයිවාරුවට තවත් සාක්ෂි එක් කරමිනි.
භාණ්ඩාගාරය උතුරා ගියේ එවැනි ප්‍රාග්ධන වියදම් අවහිර කිරිමෙන් බව පෙන්වානොදීමට යටත් විජිත කාසියේ අනිත් පැත්තේ මුරකරුවන් වන හර්ෂ ද සිල්වලා පරිස්සම් වෙති. ඵළදායි සහ කාර්‍යක්ෂම පොදු ප්‍රවාහණයක් ගැන අදහසක්වත් නැති තිරසාරත්වයෙන් වඳ පීදුනු ආණ්ඩුව කලේ ව්පක්ෂයේ සිටියදි තරුණයන්ට ලක්ෂ 12 විට්ස් සිහින විකුණමින් ඉච්චා භංගත්වයට පත් කිරිමයි.
1977 ජේ.ආර් ජයවර්ධනගේ විවෘත ආර්ථිකය ඉදිරියට තල්ලු කරන එන්ජිම වන අධික පාරිභෝගිකවාදය මාලිමාව විසින් ප්‍රවර්ධනය කලේ ඒ ආකාරයෙනි. ආණ්ඩුව මුලින් ප්‍රකාශ කලේ වාහන ආනයනය කල හැක්කේ නිශ්චිත ඉල්ලුම්කරුවකුගේ ඉල්ලීම මත පමණක් බවත් ආනයනයෙන් මාස 3ක් ඇතුළත ලියාපදිංච් නොකරන වාහන සඳහා ආසන්න වශයෙන් 25% ක් සහ මාස 06 ක් ප්‍රමාද වන ලියාපදිංචි කිරිම් සඳහා ආසන්න වසයෙන් 48% දඩ මුදලක් අයකරන බවයි. වාහන අලෙවිසල් වල වේලෙන සුපිරි මෝටර් රථ ප්‍රමාණය අනුව එම සීමාවන් ක්‍රියාත්මක වුයේද එම දණ්ඩන මුදල් අයකර ගෙන තිබේද යන්න රජය ප්‍රකාශයට පත් කල යුතුය.
මහා පරිමාණ වංචාවන්ට තෝතැන්නක් වු ගල් අඟුරු සහ ලෝක බල දේශාපාලනයේ ගොදුරක් වු පොසිල ඉන්ධන වෙනුවට වාර්ෂීක සෘජුව සූර්‍යාපතනය ලබන රටක්, ජල විදුලිබලයෙන් 30% ,සපුරා ගන්නා රටක් සහ උදම් රළ බලයෙන් බලශක්තිය උපයා ගැනීමට විභවය ඇති රටක පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරිමෙන් බලශක්ති ස්වාධිපත්‍ය ආරක්ෂා කරන දැක්මක් සහ වැඩපිළිවෙළක් අපට අවශ්‍ය වේ. ගල් අඟුරු සහ පොසිල ඉන්ධන ආනයනයට දරන පිරිවැය ආයෝජන කිරිමේන් සූර්‍ය බලශක්තිය නිවාස මට්ටමින් ප්‍රවර්ධනය කිරිම, බලශක්තිය රඳවා ගත හැකි ගැෆයිට් ආශ්‍රිත විදුලි කෝෂ සම්බන්ධව සහ ස්වභාවික බලශක්ති ප්‍රභවයන් මගින් ධාවනය කළ හැකි ප්‍රවාහන මාධ්‍යයන් හඳුන්වාදිමට විද්‍යාත්මක පර්‍යෙෂණ සහ නවෝත්පාදනය දියුණු කල යුතුව ඇත.
සිංහලේ සම්මුතිය යනු ස්වභාවික පරිසරය සමග සහජීවනයෙන් ජීවත් විමේ එකඟතාව සහ එම එකඟතාව තුළ ජිවත් වෙමින් මෙරට ස්වදේශික ජනයා ගොඩනගා ගත් දැනුම් පද්ධතියයි. ඊනීයා ගෝලීයකරණය සහ ධනවාදයේ සූරාකෑම මගින් නිර්මාණය කරනු ලැබු ගෝලීය අර්බුද වලට සමාජවාදයේ ව්‍යාජ සිහිනවලට ඇති විකල්පය සිංහලේ සම්මුතියම පමණි.
එවැනි දැක්මක් සහ වැඩපිළිවෙළකින් ශක්ත්මත් වු ආණ්ඩුවකට පමණක් 78 වසරක සාපයෙන් රට මුදවා ගත හැකිය. යටත් විජිතවාදි හුංඩු මානසිකත්වයට වඩා පුළුල් වු ජාතිකවාදි මනසක් මෙරට දේශපාලනය ආක්‍රමණය කල යුතු කාලය උදාවි ඇත.
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
දේශප්‍රේමි ජාතික පෙරමුණ
2 Viewers





