• Home »
  • News »
  • උතුරේ මිනිසුන්ගේ උරුමය වෙනුවෙන් හඬ නැගූ සංහිඳියාවේ සාම පා ගමන සහ රථ පෙරහැර

උතුරේ මිනිසුන්ගේ උරුමය වෙනුවෙන් හඬ නැගූ සංහිඳියාවේ සාම පා ගමන සහ රථ පෙරහැර

හඬක් නොමැති උතුරේ මිනිසුන් වෙනුවෙන් නැගූ හඬෙහි ජයග්‍රාහී අවසන් දිනය අද 2026 මාර්තු 25 වන දින කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානය අසලින් අති සාර්ථක ලෙස නිමා කෙරින

උතුරේ සිංහල ජනතාවගේ ඓතිහාසික උරුමය අයිතිවාසිකම් සහ යුද්ධයට පෙර උතුරේ පදිංචිව සිටි සිංහල ජනතාව නැවත පදිංචි කරවීම හිමිකම් සහ පහසුකම් ලබා දීම කඩිනමින් කල යුතු බවට ජනතාව අතීතයේ සිටම විවිධ අවස්ථාවලදී ජනතාව විසින් රජයෙන් ඉල්ලීම් සිදු කරන ලදි

ගෙවීගිය 78 වසර තුල ඔවුන්ගේ අහිමි වු උරුමය වෙනුවෙන් හඬක් නැගීම සහ බළධාරීන් ගේ අවධානය යොමු කිරීම අයිතීන් දිනා ගැනීම උදෙසා සංවිධානය කෙරින

යාපනයේ සිට කොළඹ දක්වා ගමන් කරනු ලැබූ සංහිඳියාවේ සාම පා ගමන සහ රථ පෙරහැර 2026 මාර්තු මස 19 වන දින යාපනය දුම්රිය පල.අසලින් විවිධ බාධක ගැටලු අභිමුවේ වුවද ආරමිභ කෙරින

රට තුළ පවතින දැඩි ඉන්ධන අර්බුදය සහ විවිධ බාධා කිරීම් හමුවේ වුවද මේ සඳහා සම්පත් දායකයන් මහත් කැපවීමෙන් පා ගමන සහ රථ පෙරහැර සාර්ථක කර ගැනීම උදෙසා කටයුතු කරන ලද බව දන්වන්නේ ඉමහත් සතුටිනි

මේ කාර්යය සාර්ථක කර ගැනීම උදෙසා එහි වැඩමවා වදාල සහ අනුශාසනා කල ගරුතර මහා සංඝරත්නයට
ජාතිකවාදී මිනිසුන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ප්‍රදේශ වාසී දෑ හිතකාමී ජනතාවට සහ සියලු දෙනා හට අපගේ ස්තුතිය හිමිවිය යුතුය

ඒ සඳහා රටට දැයට හිතැති ජාතිකවාදී මිනිසුන් මෙන්ම සිවිල් සංවිධාන රැසක් එකාමෙන් අත්වැල් බැඳගෙන පා ගමනට
ශක්තියක් වූ අතර මේ සඳහා ලබා දුන් සහාය සම්පත් දායකත්වය සහ පැමිණීම ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු

අවසානයේ මහජන සංදේශය අත්සන් කිරීමද සාර්ථකව සිදු කල අතර ඒ සඳහා පැමිණ සහාය වූ සියලුම දෙනාට අපගේ ගෞරවය පුද කරනු කැමැත්තෙමු

සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව



1 Viewers