හැටහය ලක්ෂයේ අප්‍රකාශිත ජනවරම කියවමු

මාලිමාව බලයට එන්නේ අලුත් රටක් වෙනුවෙන් නෙමෙයි කියන එක ඔවුන් බලයට පැමිණීමට පෙර සිටම අපි කිව්වා. ඔවුන් ගේ එකම අභිප්‍රාය, ඔවුනුත් කොටස්කරුවන් වුන ‘යහපාලන ආණ්ඩුව’ නතර කරපු තැනින් ඉදිරියට ගෙනයාම. වැඩේ අවසාන ම කරලා දාන එක.
යහපාලන ආර්ථික සංවර්ධන පනත, IMF වැඩපිළිවෙල, උතුරු සහ නැගෙනහිර සිංහලයා වාර්ගික සංහාරයකට ලක් කිරීම, රණවිරුවන් ජාත්‍යන්තරයට පාවා දී බුද්ධි අංශ අඩපන කිරීම. චීනයට ,ඉන්දියාවට සහ ඇමෙරිකාව යටත් දීන රාජ්‍යයක් බිහිකිරීම දක්වා මෙකි වැඩසටහන විහිදී යනවා. ඔවුන් මෙය සිදු කරන්නේ ජනතා පරමාධිපත්‍ය පවා අභියෝගයට ලක් කරමින්. තොරතුරු දැන ගැනීම ජනතා අයිතියක් වුවත්, ඉන්දියාව සමග අත්සන් කළ හොර ගිවිසුම්වල කරුණු කිසිවක් ඔවුන් දෙන්නේ නැහැ.
අප අමතක නොකළ යුතුයි ආණ්ඩුව මේ සෙල්ලම් සේරම දාන්නේ මිලියන 17.1 ඡන්දදායකයන් ගෙන් මිලියන 6.8 ක් පමණක් ඡන්ද බලයක් ලබා ගෙන. ‘යහපාලන’ මොඩලය අලුත් මුහුණුවරකින් ඉදිරියට ගෙන යාම සඳහා, පරණ අස්සයොත් එක්ක බැරිබව තේරුම්ගත්ත ඉන්දියාව සහ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර සන්ධානය ඒ සඳහා අලුත් කොටලු පිරිසක් තෝරාගෙන තිබෙනවා.
ඔවුන් ජනතා වෛරය වපුරලා ජනතාව රවටා ගත්ත ජනවරමක් තමයි මේක. මේ 6.8 ජනවරම තුල රට ගැන හැඟීමක් ඇති නමුත් රැල්ලට පමණක් ඡන්දය දුන් පිරිසකුත් ඉන්න බව අප අමතක නොකළ යුතුයි.
ආණ්ඩුවේ විජාතිකකරන වැඩපිළිවෙල ගැන මික් ශබ්දයක් නගන්න විපක්ෂය නමැති පොහොට්ටු, සජබ, සර්වජන, එජාප කිසිවෙක් ට පුළුවන් කමක් නැහැ. ජුලි චන් ඉදිරියේ දනගහන, LGBTQ ප්‍රවර්ධනය කරන, අධෝවාතයක් යවන්නත් ඉන්දියාවෙන් අවසර ගන්න ඕනේ කියල හිතන නල්ලමලේ විපක්ෂයක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ.
ජනතාව දැන් මේ ප්‍රෝඩාව හඳුනාගෙන ඉවරයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට මිලියන 4.5 ක් ලබා දී, සමස්ත විපක්ෂය මිලියන 6 ගන්න විට මේ සියල්ල ප්‍රතික්ෂේප කරපු මිලියන 6.6 ක ඡන්දදායකයන් පිරිසක් මෙරටේ ඉන්නවා.
මාලිමා ආණ්ඩුව ජනාදිපතිවරන්යේදී ලක්ෂ 42 අරගෙන ජනාධිපති කෙනෙක් පත් කර ගන්න පුළුවන් නම්, මහා මැතිවරණයේ දී ලක්ෂ 68 අරගෙන පාර්ලිමේන්තු ආසන 159 ගත්තා නම් පළාත්පාලන මැතිවරණයේ දී ලක්ෂ 66 ක ඡන්ද බලයකට කොපමණ දේ කරන්න පුළුවන් ද ඒ දැවන්ත ජනමතය ඉල්ලන්නේ හුදු පක්ෂ මාරුවක්ද? ක්‍රමයේ වෙනසක් ද? අපි ඒ හැට හය ලක්ෂයේ අප්‍රකාශිත ජනවරම කියවමු. ඊට ශක්තියක් වෙමු.
සුද්දාගෙ කාලේ ඉඳන් මේ කළු සුද්දෝ කරේ තියාගෙන යන විජාතික වැඩපිළිවෙළට එරෙහිව ජාතිකත්වයේ දැනුම පදනම කරගෙන අභිමානවත් ජාතියක්, අභිමානවත් පුරවැසියෙක් බිහි ක්කරන්න, අපි ඒ හැට හය ලක්ෂය ඉල්ලන ජාතිකවාදි පෙරළියේ ගාමක බලවේගය වෙමු.
ඔබත් එන්න.ඔබත් එන්න.
සැප්තැම්බර් 17 සවස 2:00 ට, කොළඹ මහජන පුස්තකාලයට.
දේශප්‍රේමී ජාතික පෙරමුණ
070 342 5864
15 Viewers





