උද්ඝෝෂණයේ කොටිත්‍රස්තවාදී අරමුණු
– ද්‍රවිඩ ඩයස්පෝරාවේ ගැරී ආනන්ද සංගරී – ඊයේ කැනඩා පාර්ලිමේන්තුවේදී..
ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවට පනතක් කැනඩාවේ ඔන්ටේරියෝ පලාත් පාර්ලිමේන්තුවට ගෙන එන ලද්දේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ඩයස්පෝරාවේම විජේ තනිගාසලම් නම් තවත් මන්ත්‍රීවරයකු විසිනි. එම පනත ඔන්ටේරියෝ පාර්ලිමේන්තුවේ සම්මත විය. ඒ අනුව ශ්‍රී ලාංකික හමුදාව විසින් දෙමළ ජනතාව සමූලඝාතනය කළ බව කියන බේගලය කැනඩාවේ පාසල් වල විෂය නිර්දේශයට ඇතුළත් කෙරෙමින් පවතී. එහෙත් නීති කකුල් මාට්ටු දමමින් එය ක්‍රියාත්මක වීම අඩපණ කිරීමට කැනඩාවේ සිටින දේශප්‍රේමි සිංහලුන් ඉතා කැප වීමෙන් (නාට්‍ය සංදර්ශන පවත්වමින්, කොත්තු විකුණමින්) ක්‍රියාත්මක වෙමින් සිටී. ඔවුනට මේ වෙනුවෙන් දැනටමත් ඩොලර් එක් ලක්ෂ තිස්දාහක ($130,000) පමණ මුදලක් නය ඇත.$150,000 දැනට ගෙවා ඇත.
පනත හරියාකාරව ක්‍රියාත්මක වූ විට ශ්‍රී ලාංකික හමුදාව විසින් දෙමළ ජනතාව සමූලඝාතනය කළ බව කියන බේගලය මුලින්ම කැනඩාවේ ඔන්ටේරියෝ පලාතේ පාසල් වල අනිවාර්යයෙන්ම ඉගැන්වීමට පටන් ගැනෙනු ඇත. එය ඉතාම භයානක දෙයකි. මන්ද එවිට හිට්ලර්ගේ ජර්මානුවන් යුදෙව්වන් මෙලොවින් තුරන් කිරීමට ක්‍රියාකර ආකාරයටම, සිංහලයා ද දෙමළ ජනයා කෙරෙහි ක්‍රියා කළේ යයි සිතීමට ලෝකයා පෙළඹෙන බැවිනි. එවිට කැනඩාවේ සිංහල දරුවන්ට ලෝකයට මුහුණ දීමට සිදු වන්නේ හැංගි හැංගීය..
දැනට ඔන්ටේරියෝ පලාතේ ඇරඹී ඇති මෙම ක්‍රියාදාමය නුදුරේම කැනඩාවේ අනිකුත් පලාත් වලටත් පැතිරෙනු ඇත. ඔස්ට්‍රේලියාව තුලද එවැනි පනතක් ගෙන යා යුතු යැයි එහි නිව් සවුත් වේල්ස් පලාත් පාර්ලිමේන්තුව තුල කතාබහක් විය (සිංහල ඔසීහු පාරට බැස්සේ නැත. කැනඩාවේ සහෝදර ශ්‍රී ලාංකික ජනයාගේ අරගලයට සත පහක් දුන්නේ නම්, ඒ කීප දෙනෙකි).
ආනන්ද සංගරී ඊයේ කැනේඩියානු පාර්ලිමේන්තුව අමතමින්, “රාජපක්ෂලා තම අවසානය කරා ළඟා වෙමින් සිටින බව” කියා සිටි අතර තවත් කරණු දෙකක් බර කර කියා සිටියේය. එනම් ශ්‍රී ලංකාවේ හමුදා ශක්තිය වහාම අඩු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට ජන්මයෙන් එන උරුමය තහවුරු කරමින්, ඔවුනට වෙන්වීමට (වෙනම රටක් ලබා ගැනීමට) කටයුතු සලසා දිය යුතු බවත්ය. ඔහුට අනුව ශ්‍රී ලංකාවට වර්තමාන අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ එවිටය.
ජනතාවනි, අනතුර තේරුම් ගන්න!
දූෂණයට එරෙහිව අරගල කිරීම හොඳය. එහෙත් මේ අරගලය අමුතුය. එකම මාතෘකාව ගෝඨා go home ය. රාජ්‍ය තන්ත්‍රය තුළ කෙරෙන දූෂණ වැළැක්වීම ගැන කතිකාවක් නැත. විපක්ෂයේ හොරුන් කළ දූෂණ ගැන ද කතිකාවක් නැත. මහබැංකු හොරුන් ගැන කතිකාවක් නැත. චම්පිකගේ දූෂණ ගැන කතිකාවක් නැත. අනුර කුමාර ගේ දූෂණ ගැන කතිකාවක් නැත (මුළු ජවිපෙම තම පක්ෂයට ලැබෙන කාර් පර්මිට් හොරෙන් විකුණා ජනතාවට කොකා පෙන්වයි).
අරගලය තුල යම් ධනාත්මක සටහනක් කලේ නාගහනන්ද පමණි. නීතියේ ආධිපත්‍යය ගැන ඔහු යම් වැදගත් සටහනක් කළේය. ඒ ඇරෙන්නට රටේ පවත්නා දූෂණයට එරෙහිව යමක් කිරීමට දැක්මක්, සැලසුමක් අරගලය තුලින් මතු වන බවක් පෙනෙන්නට නැත.
අරගලය තුල පොහොට්ටුව බලයට ගෙන එන්නට දත කෑ කොටස් බොහොමයක්ද දකින්නට ඇත. එහෙත් අරගලයට ජවය සපයන්නේ (අඩු තරමින් සමාජ මාධ්‍ය තුල), සජබ, ජවිපෙ කොටස් බව පෙනෙන්නට තිබේ.
ගෝඨාභය ගැන අපට ද විවේචන ඇත. විශේෂයෙන්ම අප ඔහුගෙන් බලාපොරොත්තු වූයේ බෙදුම් වාදී කොටින්ට ව්‍යවස්ථා ජිල්මාට් තමා රට දෙකඩ කර ගත හැකි නොහැකි වන ලෙස ශක්තිමත් ව්‍යවස්ථාවක් සාදන ලෙසටත්, දූෂණය වැළැක්වීමේ මූලික පියවරක් ලෙසට, සාමාන්‍ය මිනිසකුට (ලොකු ධනයක් හිමි නොවූ) පාර්ලිමේන්තුවට යා හැකි වන ලෙසට ඡන්ද ක්‍රමය වෙනස් කරන ලෙසටත්ය. එනම් JR ගේ දිස්ත්‍රික් ක්‍රමය අවලංගු කර ආසන ක්‍රමය නැවත් ස්ථාපිත කිරීමය. ඒවා කර නැත.
1977 න් පසු පත් වූ සෑම රජයකම දේශපාලඥයන් වටා, ප්‍රාදේශීය වශයෙන් යැපෙන්නන් කොටසක් බිහි විය. ජනතාවට මොවුන් දැනෙන්නේ ඇහට කටු අනින්නා සේය. එයට තිත තබනු ඇතැයි බලාපොරොත්තු වුනෙමු. එයද සිදු නොවීය. ශ්‍රී ලංකාව ඓතිහාසික වශයෙන් උගතුන් අගය කරන රටකි. උගතුන් මුලසුනේ සිටුවාවි’ යි බලාපොරොත්තු වුනෙමු. අහෝ! ආර්ථික උපදේශක කමිටුවට ගොඩහේවාට වඩා අලූත්ගමගේ සුදුසු විය!
පොහොර අලගුව අප ඔහුගෙන් බලාපොරොත්තු නොවූ දෙයකි. සංකල්පයක් හැටියට නිවැරදි වුවද ක්‍රියාත්මක කිරීම හරි පාරට දමා ගන්නට බැරි වූයේ අමිහිරි වුවද හරි දේ කියූවන්ට වඩා වන්දිභට්ටයන් කී දේ හරි ලෙස ගත් බැවිනි.
එසේ වුවද ගෝඨාව එළවා ගේන්නේ කවරෙක්දැයි යන්න පිළිබඳව ප්‍රබල අපැහැදිලි තාවයක් පවතී. ඉහත කී කරුණු අනුව ගෝටාව එලවූ පමණින් ඔලුගෙඩි මාරු කිරීමක් මිස දූෂණය වැළකේ යයි සිතන්නට ජනතාව මෝඩ නැත. එසේ සිතන්නට ජනතාවට කරුණුද නැත.
225 ම එළවා දමා තරුණ නව දැක්මකින් හෙබි පිරිසකගෙන් රාජ්‍ය කරවීම තුළ විසඳුමක් ලැබේ යැයි මතයක් ද පවතී. පවතින ජාත්‍යන්තරය බල අරගලය තුල ඉතාම අවදානම් තත්ත්වයකට පත්වී ඇති ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික අනාගතය එවන් පිරිසක් විසින් කොයි නම් දිශානතියකට ගෙන යාවිදැයි පැහැදිලි සේයාවක්ද නැත. එසේම ඉහත කී ලෙස, “ගහලා ගන්න බැරි වූ දේ ලියවා ගැනීමේ” බෙදුම් වාදී අරගලය ජාත්‍යන්තරව පෙරට යන තත්වයක් තුල , උතුරු මුහුදු තීරයෙන් එහා සිටින මිලියන් 70 ක් වන මහා ද්‍රවිඩ ජනකාය හමුවේ සුළු ජාතියක් වන, ශ්‍රීලංකාව තුල වෙසෙන සිංහල ජනයාගේ පැවැත්ම තර්ජනයට ලක්වීම පිළිබඳ ප්‍රශ්නයට ඔවුහු කිනම් ආකල්පයක් දරාවි දැයි පැහැදිලිද නැත.
පාලකයන් වහාම කළ යුත්තේ ජනතාවගේ දැවෙන ප්‍රධාන ප්‍රශ්න දෙකට විසඳුම් දී බංකොලොත් භාවයෙන් රට බේරා ගැනීමය. ග්‍රීසිය 2010 දී පමණ බංකොළොත් වන්නට ගිය නමුත් අද ගොඩ විත් ඇත.
පුනර්ජනනීය බල ශක්තිය ප්‍රචලිත කිරීම, එකල රාජපක්ෂ රජය විසින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ප්‍රමුඛතාවයක් කර ගත්තා සේම රාජ්‍ය ප්‍රමුඛතාවයක් කර ගත යුතුය. සියළු මාෆියාවටන්ට එරෙහිව කොන්දේසි විරහිතව ක්‍රියාත්මක විය යුතුය. පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම උදෙසා ඉදිරි අවුරුදු 20 ඉලක්ක කරගෙන connectivity මත පදනම් වූ පොදු ප්‍රවාහන සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතුය.
අරගලය හරි පාරට වැටීමට නම්, කොයි ආණ්ඩුව බලයේ සිටියද දූෂණය පිටු දැකීමට නම් කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව සාකච්ඡාවක් හට ගත යුතුය. එසේ නැතිව “ගෝටා go home” සංකල්පයක් පෙරමුණට ගේන්නේ මූලිකවම කාගේ උවමනාවටදැයි තේරුම් ගැනීමට අපහසු නැත.
ජනතාවනි, අනතුර තේරුම් ගන්න!
44 Viewers





