• Home »
  • News »
  • සිංහල බෞද්ධ ජනතාවගේ ආගමික අයිතිය උදුරා ගන්නා දෙමළ අන්තවාදී වහා බැඳ දමනු!

සිංහල බෞද්ධ ජනතාවගේ ආගමික අයිතිය උදුරා ගන්නා දෙමළ අන්තවාදී වහා බැඳ දමනු!

දෙමළ අන්තවාදී ක්‍රියාකාරිකයකු වන නීතිඥ කාණ් දීපන් ඇතුළු පිරිසක් අද යාපනය කංකසංතුරේ ඓතිහාසික තිස්ස රාජමහා විහාරය අසලදී , විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණෙන සිංහල බෞද්ධ මහජනතාව ඉලක්ක කරමින් පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී ඔවුන් විසින් උද්ඝෝෂණය ක්‍රියාත්මක කළ මාර්ගයට විකල්ප මාර්ග සිංහල සංවිධාන එකමුතුව නියෝජනය කරමින් අද දින ආගමික වැඩසටහන් වලට සහභාගි වූ අපද, විහාරයට ඇතුළු වීමේදී භාවිතා කළෙමු.

විහාරස්ථානයට පැමිණි සියලූම වාහන, ඇතුළු සිංහල බෞද්ධ මහජනතාවද පැමිණියේද එම විකල්ප මාර්ගය ඔස්සේය. එම හේතුවෙන් උද්ඝෝෂනයට අවධානය යොමු නොවීම නිසා කලබලයට පත් වී කලහකාරී ලෙස හැසුරුණු නීතිඥ කාන්දීපන් ඇතුළු පිරිසක් එම විකල්ප මාර්ගයද අවහිර කිරීමට යාමේදී පොලිසිය සමඟ ඇති වූ ආරවුල අප සාමාජිකයෙක් විසින් වීඩියෝ කරන ලදී.

දෙමළ බෙදුම්වාදී අන්තවාදීන් හුරතල් කිරීමේ ආණ්ඩුවේ නින්දිත ක්‍රියාව වහා නවතා යාපනය තිස්ස රාජමහා විහාරය වැඳ පුදා ගැනීමට නන්දෙසින් පැමිණෙන සිංහල බෞද්ධයින්ගේ ආගමික නිදහස තහවුරු කරන ලෙසත්, මේ අන්තවාදී දඩ බල්ලන්ව බැඳ තබන ලෙසත් ඉල්ලා සිටිමු.

දුලාර ගුණතිලක 0766483664
සිංහල සංවිධාන එකමුතුව



13 Viewers