බෙදුම්වාදී ජාතිවාදයට අවිහිංසාවාදීව පිළිතුරු දීම වැරදිද?
පරිවර්තනය:
“කන්කසන්තරේයි නීති විරෝධී තිස්ස විහාරයට එරෙහි විරෝධතාව 2025/12/03 දින ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වාත්, පසුදින පෝය දිනය වන 2025/12/04 දින පෙ.ව. 7.00 සිට ප.ව. 6.00 දක්වාත් පැවැත්වේ. සියලුම මහජනතාවට සහ පක්ෂ සාමාජිකයින්ට සහභාගී වන ලෙස ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් ආරාධනා කරයි.”
ඉහත පරිවර්තනයෙන් සහ පහත පින්තූරයෙන් දක්වා ඇත්තේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික මහජන පෙරමුණ පක්ෂයේ (Tamil National People’s Front) ප්‍රාදේශීය දේශපාලඥයෙක් විසින් තම පාක්ෂිකයින්ට සහ ප්‍රදේශවාසීන්ට යාපනය ඓතිහාසික තිස්ස රාජමහා විහාරයට විරෝධය පළ කිරීමට අද, මේ මොහොතේ සහ හෙට දිනයේ පැමිණෙන ලෙස, සෙල්වරසා ගජේන්ද්‍රන් විසින් දන්වා ඇති මුහුණු පොතේ දැන්වීමකි.
පසුගිය පුරා අවුරුද්දකටත් වැඩි කාලයක් සිංහල සංවිධාන එකමුතුව නියෝජනය කරමින්, දේශප්‍රේමී ජාතික පෙරමුණ ඇතුළු සිංහල සංවිධානවල සාමාජිකයින් සහ ශ්‍රී ලංකාව පුරා ජීවත් වන සිංහල බෞද්ධ බැතිමතුන් සෑම පුර පසළොස්වක පොහොය දිනකම යාපනය කංකසන්තරය ඓතිහාසික තිස්ස රාජමහා විහාරයට සිල් සමාදන්වීම සඳහා උතුරට ගමන් කරයි.
ඒ සෑම අවස්ථාවකම දෙමළ බෙදුම්වාදී දේශපාලකයින් ඇතුළු අන්තවාදී කණ්ඩායම් විසින් සිංහල බෞද්ධයින්ගේ ආගමික අයිතිය උදුරා ගනිමින්, ඔවුන් විහාරයට යන මග අහුරමින් නොයෙකුත් බාධා සිද්ධ කරයි. වරකදී අප ගමන් ගත් බස් රථයට පහර දීමට පවා ඔවුහු පෙළඹුණහ. ඔවුන්ට විරුද්ධව ශ්‍රී ලංකා පොලිසිය මගින් ගෙන ඇති අධිකරණ නියෝග සහ වාරණ පවා නොතකමින් ඔවුන් ඒ විරෝධතා පවත්වති. බැතිමතුන්ට නොයෙක් ආකාරයේ පරිභව කිරීම් සෑමදාම සිදුවන්නකි.
පසුගිය කාලය පුරාවටම ඒ කිසිදු බාධාවක් නොතකමින් සිංහල බෞද්ධයින්ගේ ආගමික අයිතිය වෙනුවෙන් අප සෑම පොහොය දිනයකම, යාපනය ඓතිහාසික තිස්ස රාජමහා විහාරයේ පෙහෙවස් සමාදන් වීමේ සීල සමාධි වැඩසටහනට සහභාගී වීය.
හෙට (04) උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේද එය එසේමය.
අයහපත් කාලගුණ තත්ත්වයන් හා ආපදා තත්ත්වයන් නොසලකා හරිමින් හෙටට (04) යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේ ද සිංහල බෞද්ධයෝ දකුණෙන් උතුරට පෙහෙවස් සමාදන් වෙති.
ගජේන්ද්‍රන් ලාගේ බෙදුම්වාදී ඊලාම් උවමනා එපාකම් සහ ඒ සඳහා පෙර ඇතිකරගත් ගිවිසුම් ඒ පරිදිම ඉටුකරමින් සිටින මාලිමා ආණ්ඩුව, අපව දඩයම් කිරීමට පිඹුරුපත් සකසන බව අපි දනිමු.
ඒ සඳහා මේ වනවිටත් මාලිමා ආණ්ඩුව නියෝජනය කරන ඉහළ පෙළේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ජනාධිපතිතුමා සහ ආරක්ෂක කවුන්සලය වෙත අප සම්බන්ධයෙන් බිල්ලෙකු මවා ඇත.
ඒ මාලා නාටකය සඳහා ඔවුන් යොදාගෙන ඇත්තේ ඉහත කී පරිදි යාපනය ඓතිහාසික තිස්ස රාජමහා විහාරයේ ශීල සමාධි වැඩසටහන ඇතුළු අප විසින් නොකඩවා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජීවත්වන සිංහල බෞද්ධයින්ගේ අයිතිවාසිකම්, ඓතිහාසික පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති, විකෘති සහගත ලෙස මවා පෙන්වමින්, අප විසින් මෙහෙයවන රහසිගත කණ්ඩායම් විසින්, උතුරේ තිස්ස විහාරය ආශ්‍රිතව යම් කලබලයක් ඇති කිරීමට සැරසෙන බවත්, ඒ අතරතුර අප විසින් හිතා මතා සැලසුම් සහගතව ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් යාපනය අර්ධද්වීපයේ ඇති එකම සිංහල ගම්මානය වන නාවක්කුලිය සිංහල ගම්මානයේ පසුගියදා ඇති වූ සිංහල ව්‍යාපාර කප්පාදුව මෙන්ම දෙහිවල නගර සභාවේ බුදු පිළිමය සම්බන්ධ ගැටලුවත්, ත්‍රිකුණාමල සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ බුදුපිළිමය සම්බන්ධ ගැටලුවත් ඇති කළ බවයි. (ඉහත සිද්ධීන් දෙකම ආණ්ඩුවේ නිරාගමික ප්රතිපත්තීන් මත සිද්ධ වූ සහ ඔවුන්ගේ අනුදැනුම උපදෙස් මත ඇති කළ ඒවා බව සමාජයම දනී)
ඔවුන් ඒ සඳහා දේශපාලන බිල්ලෙකු ද මවා ඇත. එනම්, අප කුමන හෝ දේශපාලන හස්තයක් විසින් මෙහෙයවන කණ්ඩායමක සාමාජිකයින් බවයි.
සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය නියෝජනය කරන අපට කිසිම ආකාරයක දේශපාලන අතකොළු වීමට අවශ්‍යතාවයක් නැත.
ඔවුන්ට කීමට ඇත්තේ එක් දෙයක් පමණි. අපට සිංහල බෞද්ධ ජාතිකවාදී දේශපාලනයක් ඇත. සිංහල බෞද්ධ දේශපාලන ප්රතිපත්තියක්ද ඇත. සිංහල බෞද්ධ දේශපාලන අරමුණක් ද ඇත.
අපගේ ඒ දේශපාලනය තීරණය වන්නේ සිංහල බෞද්ධ අයිතිවාසිකම් සහ සිංහල බෞද්ධයාගේ අනාගතය මත රඳා පවතින පහතින් සඳහන් කර ඇති, ප්‍රතිපත්ති මත පමණකි.
අවුරුදු දෙදහසකටත් ඉහත උරුමයකට හිමිකම් කියන සිංහල බෞද්ධයින්ට ශ්‍රී ලංකාවේ උතුරු කොනේ ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය, දෙමළ අන්තවාදීන්ගේ බලපෑම් වලට යටත්ව ඉවත් කිරීමටවත්, එයට අයත් එකදු බිම් අඟලක්වත් අන් අයට පවරා දීමටත් අපි එකඟ නොවෙමු. දිවි හිමියෙන් කැප වන්නෙමු.
දුලාර ගුණතිලක
කැඳවුම්කරු
සිංහල සංවිධාන එකමුතුව
*මූලික ප්‍රතිපත්ති*
1. ශ්‍රී ලංකා ශිෂ්ඨාචාරය ඓතිහාසිකව ගොඩනැංවීම , ප්‍රවර්ධනය කිරිම සහ ආරක්ෂා කිරිම සිංහල බෞද්ධයා විසින් කල බවත්,
2. ඒ අනුව රටේ භුමිපුත්‍ර අයිතිය සිංහල බෞද්ධයා සතු නොකැළල් , අනුලංඝණිය සහ අත්හල නොහැකි ජාතික අයිතිවාසිකමක් බවත්,
3. බුදුදහම රාජ්‍ය ආගම විය යුතුබවත් බුදුදහම ප්‍රවර්ධනය කොට ආරක්ෂා කිරිම රාජ්‍යයේ අත් හල නොහැකි වගකීමක් බවත්,
4. ලංකා රාජ්‍ය නොබෙදිය හැකි අනන්‍යතාවයෙන් මෙන්ම ආණ්ඩු ක්රමික සඵල ක්‍රියාකාරිත්වයෙන්ද ඒකීය රාජ්‍යක් විය යුතු බවද,
5. සිංහල රාජ්‍යය මුළුල්ලේම පරිපාලන , අධිකරණ සහ මුලික අධ්‍යාපනයේ භාෂාව විය යුතු බවත්,
6. රාජ්‍යය පුරා සිංහල බෞද්ධ සම්ප්රදාය මත පදනම් වු එකම ආණ්ඩු ක්‍රම නීතියක්, පරිපාලන නීතීයක් , පුද්ගල සහ දේපල නීතියක් ක්‍රියාත්මක කල යුතු බවත්,
7. සිංහල වෙදකම, සිංහල ගොවිතැන සහ සිංහල දැනුම ආරක්ෂා කිරිම, ප්‍රවර්ධනය කිරිම රාජ්‍යයේ වගකීම විය යුතු බවත්,
8. සිංහලේ රාජ්‍ය බිහි කිරිම සඳහා සිංහල බෞද්ධ සම්ප්‍රදායට අනුකූල විව්ධ වාර්ගික කන්ඩායම් වල සංස්කෘතික භාවිතාවන් පිළිගනිමින් ඒකාග්රකරණය සහ ස්වීයකරණය සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවත්,
9. අධ්‍යාපනය, සිංහලේ දැනුම පදනම්ව නූතන ලෝකය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කර ගත යුතු අධ්‍යාත්මික සමාජයක් බිහිකිරිම ඉලක්ක කර ගත යුතු බවත්,
10. අහාර සුරක්ෂිතබව, අහාර සුලභ බව සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ජන ජීවිතයේ ප්‍රමුඛතාවක් ලෙස සලකා කෘෂි කර්මාන්තය ආර්ථිකයේ ප්‍රමුඛතාව ලෙස සැලකීමද
11. දේශිය ස්වභාවික සහ මානව සම්පත් යෙදවුම් මත වැඩි බරක් යොදවමින් බැර කර්මාන්ත ආරක්ෂා කරගනිමින් ප්‍රවර්ධනය කිරිම ද , මධ්‍යම , සුළු සහ ගෘහ කර්මාන්ත ආරක්ෂා කර ගනිමින් තිරසර ආර්ථිකයක් බිහි කිරිමත්,
12. පුනර්ජනනීය ප්‍රභවයන් මත බලශක්ති ස්වාධිපත්‍ය ආරක්ෂා කර ගැනීම ජාතික ස්වෛරිත්වයේ අත්‍යාවශ්‍ය අංගයක් බවත්,
13. ඉන්දියානු සාගර කලාපයේ භූ දේශපාලනික තත්වයන් මත සියලු ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථානයන්හි සඵල අයිතිය රාජ්‍ය සතු විය යුතු බවත්,
14. පාලකයන්ට , පරිපාලනයට වගවීම සහ වගකීම තහවුරු කරන නීතියෙන් බලාත්මක කල හැකි සිංහල බෞද්ධ සම්ප්රදාය මත පදනම් වු වෘත්තිය ආචාර ධර්ම පද්ධතියකට යටත් කීරිමත්,
15. ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක ක්රියාවලියන්හිදි ලෝකයේ බහුවීධ රටවල් සමග සම්බන්ධ වෙමින් රාජ්‍යයේ අභිලාශයන් ප්‍රමුඛතාව කර ගත් නොබැඳි නිදහස් විදේස් ප්‍රතිපත්තියක් ඇති කර ගත යුතු බවත්,
*අපි පිළිගනිමු.* 
12 Viewers





