මරුට සිනාසී මරු වැළද ගත් වීර මද්ධුමගේ
එදා හෙළදිව ඉංග්‍රීසි පාලනයේ වහල් යදම් බැමි සිඳලන්නට එඩි බලයෙන් සටන් කළ වීර කැප්පෙට්ටිපොළ නිළමේ තුමා මහනුවර බෝගම්බර පිටියේදී සුදු ජාතිකන් මවිත කරමින් ගහලයාටද පහර දී හිස කඳින් වෙන් කළ යුතු තැන කියා දී මද සිනාවකින් මරු වැළද ගත් අයුරු ජෝන් මාර්ෂල් වෛද්‍යවරයා තම සජීවි වාර්තාවක ලියා තැබුහ.
එදා වීර කැප්පෙට්ටිපොළ නිළමේගේ මද සිනහව ඊට වසර ගණනාවක පසු එවන්ම අභීත පන්නයේ විරුවෙකුගේ නිරුද්ධ වු ප්‍රාණය සහිත සිරුරේ මුවෙහි එලෙසම පැවතුනි. එතුමා නමින් මේජර් රුවන්ජිත් මද්ධුමගේය . වර්ෂ 2001 ක් වු ජනවාරි මස 23 මුහමාලේ හිදී එල්ටීටීඊ ත්රස්තවාදීන් අටවා තිබු බිම් බෝම්බයකට ගොදුරු වී ජාතියේ අවාසනාවකට මෙන් මේජර් රුවන්ජිත් ජාතියට අහිමි විය .බොහෝ අය දත් 01 වන විශේෂ බළකායේ මේජර් අජිත් ගමගේ ( ස්නයිෆර් අජිත් ) ,ලලිත් ජයසිංහ වැනි චරිතයක් ලෙස මේජර් රුවන්ජිත් මද්ධුමගේ හදුන්වා දීමට පුළුවන. මේජර් රුවන්ජිත් ගේ මුහමාලේ සිට පලාලි ගුවන්තොටුපල හරහා කොළඹට ගෙන නිසල සිරුර පොලි බෑගයක ඔතා තිබු අතර, ගරිතලේ සිට තොරතුර ලද විගස ජයරත්න මල් ශාලාවට ආ මේජර් රුවන්ජිත්ගේ පවුලේ සමාජිකයෙක් හට පොලි බෑගය විවර කරන විට දුටු දසුන මරණයට පත් මිනිසෙකු ගේ සිරුරක් තුල දක්නට නොහැකි දසුනක් වු මුත් අභිමානවත් එඩිතරභාවය පෙන්නුම් කොට සමස්ත ජාතිය වෙනුවෙන්ම කැප වු විරුල විරුවෙකු ගේ වීරත්වයේ සංකේතයක් බඳු
මුහුණ මද සිනහවකින් පිරී තිබුණි.
මරණයද බේරා දී තිබු මිය ගිය සෙසු එකොලොස් දෙනාගෙන් එකම සිරුරද මේජර් මද්ධුමගේ ගේ සිරුර විය. මරුටද මද සිනාවක් පා සමස්ත ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටු කළ මෙවන් මද්ධුමගේලා කාලයේ වැළි තලාව නම් වු තිඹිර පටලයෙන් වැසී ගොසිනි . ඒ සියලුම දෙනාට මේ වචන උපහාරයක්ම වේවා …
රමේශ් පතිරන
8 Viewers





