‘බෞද්ධයන්ගේ ඉවසීම පරීක්ෂා කරන්න එපා’ – තිස්ස විහාරයට විරෝධය පෑ අයට සරත් වීරසේකර හොඳටම කියාදෙයි (වීඩියෝ)
ගජේන්ද්‍ර කුමාර් පෙන්නම්බලම්ලා, ශ්‍රීධරන් ලා මේ රට බෞද්ධ රටක් යන්න දැන සිටිය යුතු බවත්, උතුරේ බෞද්ධ විහාරස්ථානවලට ඔවුන් කෙතරම් කෙනෙහිලිකම් සිදුකළද ඔවුන්ට කොළඹට පැමිණ තම ආගමික ස්ථානවලට යාමට හැකිව තිබෙන්නේ මෙය බෞද්ධ රටක් වූ නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
මේ රට වෙනත් ආගමික රටක් වූවා නම් තත්ත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබූ බවත්, පසුගිය රජය කාලයේ ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවේදී යාපනය තිස්ස විහාරය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණයක් ගත් බවත් සඳහන් කරන ඒ මහතා මෙහිදී සියලු පාර්ශ්ව කැඳවා යාපනය තිස්ස විහාරය සතු ඉඩම් අයිතිය සනාථ කරන සාක්ෂි ඉදිරිපත් කරන ලද බවත් සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න..
15 Viewers





