• Home »
  • News »
  • වත්මන් පාලනය කෝවිලක් බවට නාම පුවරු දැක්වූ වඩුන්නගල හෙවත් ඓතිහාසික වඩ්ඩමාන පබ්බත විහාරය…

වත්මන් පාලනය කෝවිලක් බවට නාම පුවරු දැක්වූ වඩුන්නගල හෙවත් ඓතිහාසික වඩ්ඩමාන පබ්බත විහාරය…

වඩුන්නාගල හෙවත් වඩ්ඩමාන පබ්බත විහාරය ක්‍රිස්තු පූර්ව පළමු වන සහ දෙවන සියවස් වලට අයත් පුරාවස්තුසහිත බෞද්ධ ආරාමික පද්ධතියකි. මෙහි පැරණි ලෙන්සංකීර්ණයේ දක්නට ලැබෙන සෙල්ලිපිය මගින් මෙම ගල්ලෙන් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා උදෙසා පිදූ බවට සඳහන් වේ.

තිස් වසරක් පැවතිණු යුද කටයුතු නිසා බෞද්ධ ජනතාවගෙන් ගිලිහුණු ස්ථානයක් බවට පත්ව තිබූ මෙම පෞරාණික බෞද්ධ සිද්ධස්ථානය පසුකාලීනව අන්තවාදී ග්‍රහණයට පත්ව ඇත. එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ යුද්ධයට පෙර මෙම ගල මත පිහිටි වෙහෙර වහන්සේ නිරීක්ෂණය කර තිබූ අතර ඒ වන විට අඩි හයක් පමණ පැවති ඇති අතර යුද්ධයෙන් පසුව උන්වහන්සේ පැමිණෙන විට ගල මස්තකයෙකි පැවති නටබුන් සෑය අඩි 3ක් පමණ පැවති ඇත. අප මෙහි ළඟාවන 2024 වර්ෂය වන විට එය ගඩොල් කැබලි කිහිපයකට පමණක් සීමා වී තිබිණ. එයද විනාශ කොට අන්තවාදීන් මෙම ගල මත ශීවලිංගයක් තැන්පත් කොට තිබූ අතර අද වන විට එය නඩු කටයුත්තක් දක්වා දුරදිග ගොස් ඇත.

2025 වසරේ පැමිණි වත්මන් ආණ්ඩුව මෙම ස්ථානය කෝවිලක් බවට දක්වමින් සංචාරක අමාත්‍යාංශය හරහා නාමපුවරු සවිකොට ඇත. මෙම පාලකයින්ගේ කාලය ඇතුළත මෙම ස්ථානය කෝවිල්ලක් ලෙස නිර්මාණය වුවහොත් එය පුදුමයක් නොවනු ඇත. මෙය රැක ගතයුතු බෞද්ධ පෞරාණික උරුමයකි.

මෙම පුදබිම රැකීම උදෙසා දිවි හිමියෙන් කැපවී සිටින, උතුරු පළාතේ බෞද්ධ උරුමයන් සුරැකීම පිණිස ස්වකීය කාලය කැප කරමින් දිවා රෑ නොබලා වෙහෙසෙන ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේට Galgamuwe Santhabodhi Thero  අප සැමගේ ගෞරවය හිමියවිය යුතුය…



10 Viewers