• Home »
  • News »
  • යුද්ධය ගැන මෙලෝ දෙයක් නොදන්න හරිණි

යුද්ධය ගැන මෙලෝ දෙයක් නොදන්න හරිණි

“යුද්ධයෙන් ඇතිවුණේ ජාතිවාදය සහ බෙදීම විතරයි. එතනින් එහාට අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට ලැබිච්ච දෙයක් නෑ. යුද්ධය නිසා සමහර නායකයෝ බැබලුනා, එයාලා යුද්ධ කරේ එයාලට බැබලෙන්න ඕන නිසයි. එයාලා අපෙන් අහලා නෙමෙයි යුද්ධ කරේ”
(හරිණි අමරසූරිය)

මේ ප්‍රකාශය කරන්නේ මෙලෝ දැනුමක් නැති සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි අපේ රටේ අගමැතිණිය. ඇයගේ මේ ප්‍රකාශය දිහා බැලුවම තේරෙනවා ඇයට මෙලෝ දෙයක් දන්නේ නැති සාමාන්‍ය මනුස්සයෙක්ට තියෙන දැනුමක්වත් නැති නිකන්ම නිකන් වැඩකට නැති චරිතයක් විතරයි කියන එක.

යුද්ධය නිසා ඇතිවුණේ ජාතිවාදයලු. ඔව් ඒ කතාවනම් සහතික ඇත්ත. නමුත් ඔය ජාතිවාදය ඇති කරේ දකුණේ අපේ හිටපු නායකයෝ නෙමෙයි. අතීතයේ ඉඳන් උතුරේ හිටපු නායකයෝ තමයි අපේ රටේ ජාතිවාදයක් ඇති කරලා යුද්ධයක් දක්වා යන්න වැඩ කටයුතු සිද්ද කරේ. රටේ සෑම ජාතියකටම සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕනේ කියන තැනේ මානව හිතවාදීන් වෙච්ච අපි ඉන්නවා. නමුත් අතීතයේ ඉඳන් උතුරේ නායකයෝ ඉල්ලුවේ සමාන අයිතිවාසිකම් නෙමෙයි. මොකද උතුරේ ජනතාවට නැති අයිතිවාසිකම් අතීතයේ ඉඳන් දකුණේ අයට විතරක් ලැබුනේ නෑ. අධ්‍යාපණ, සඛ්‍ය සේවය, රජයේ රැකියා විතරක් නෙමෙයි රටේ පුංචිම පුංචි මනුස්සයෙක්ට ලැබෙන හැම දෙයක්ම ජාති බේදයෙන් තොරව රටේ සියළුම ජාතීන්ට කිසිම අඩුපාඩුවක් නැතුව අපේ රට පාලනය කරපු සෑම පාලකයින්ම ලබා දුන්නා. එහෙනම් උතුරේ ජනතාවට ආයේ අමුතුවෙන් මොනවා ලබා දෙන්නද? ඇත්තම කතාව උතුරේ  ජනතාවට ආයේ අමුතුවෙන් ලබා දෙන්න කියලා දෙයක් තිබුනේ නෑ. උතුරේ නායකයින්ට අතීතයේ ඉඳන් උවමනා උනේ උතුරේ ඊලාම් රාජ්‍යයක් හදාගැනීමේ සිහිනය විතරයි. මොකද ලෝකය පුරාම කෝටි ගණනින් ඔය ජාතියේ ජනතාව හිටියත් එයාලට කියලා තනි රාජ්‍යයක් ලෝකයේ කොහේවත් නෑ. අන්න ඒ රාජ්‍යය උතුරේ හදාගන්න විතරයි උතුරේ නායකයින්ට අවශ්‍ය උනේ. මේ සිහිනය වෙනුවෙන් උතුරේ අහිංසක මිනිසුන්ගේ ඔලුවලට විශබිජ ඇතුල් කරලා, ඔවුන්ගේ හිත්වල වෛරය දාලා, ජාතිවාදය වැපිරුවේ උතුරේ නායකයින්. එහෙනම් හරිණි ඔය කතාව ගිහින් කියන්න ඕනේ අනුර, හරිණි ප්‍රමුඛ නඩය බලයට ගෙනාපු උතුරේ ජනතාව ඉස්සරහාට ගිහින්.

යුද්ධය නිසා හරිණිලා වගේ NGO සල්ලිවලින් නඩත්තුවන උදවියට මාරම පාඩුවක් සිද්ද වෙන්න ඇති. නමුත් රස්සාවට යන්නත් බයේ වෙව්ල වෙව්ල පාරේ ගිය මිනිසුන්ට සහ ඔවුන්ගේ ගෙවල්වල අයටනම් යුද්ධයෙන් ත්‍රස්ථවාදය අවසන් කරපු එකේනම් මාරම නිදහසක් එයාලගේ ජීවිතවල්වලට ලැබුනා. මායිම් ගම්මාන කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති හරිණිලා වගේ අයට ත්‍රස්ථවාදය අවසන් කරන්න යුද්ධ කරපු එකනම් අවුල් වෙන්න ඇති, නමුත් මායිම් ගම්මානවල්වල ජීවත් වෙච්ච අහිංසක මිනිසුන්ටනම් යුද්ධයෙන් ත්‍රස්ථවාදය අවසන් කරපු එක නැවතත් ආත්මයක් ලැබුවා වගේ දැනෙන්න ඇති. තමන්ට කියලා ගෙයක් හදාගෙනත් රෑට ඒ ගෙදර නිදාගන්න බෑ මොකද රෑට රෑට කොටි ඇවිත් මන්නවලින් කැති ගහලා යන්නේ. ඒ බයට මායිම් ගම්මානවල්වල මිනිස්සු පවුල් පිටින් රෑට රෑට ගිහින් නිදාගන්නේ කැලෑවල්වල තියෙන මහා ගස් උඩ නැගලා. මේ වගේ අපාදුක් වින්ද මායිම් ගම්මානවල්වල මිනිස්සුනම් අදටත් පින් දෙනවා යුද්ධයෙන් ත්‍රස්ථවාදය අවසන් කරපු එකට.

හරිණි කියනවානේ “යුද්ධය නිසා යම් පිරිසක් වැජඹුනා” කියලා? ඔව් ඉතින් තිස්වසරක යුද්ධයක් ඉවර කරන්න දේශපාලන නායකත්වය ලබා දීපු සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහත්මයා වැජඹෙන්නේ නැතුව මේ කොහේවත් ඉන්න අනුර කුමාරවත් හරිණිවත්ද වැජඹෙන්න ඕනේ? අන්න ඒ ඇරියස් එකද මේ කවර් කරන්න දඟලන්නේ? දිට්වා සුලි කුණාටුවෙන් වහල උඩ හිටපු මිනිස්සු ටික හමුදාව ලව්වා බේරගත්ත එකත් මහා යුධ ජයග්‍රහණයක් ලැබුවා වගේ පම්පොරි ගහන්න අනුර ප්‍රමුඛ හරිණිලාට පුලුවන් හැබැයි තිස්වසරක යුද්ධය අවසන් කරලා ජනතාවට ජීවිත දානය දීපු මහින්ද රාජපක්ෂගේ නම ඒකට ගෑවෙන්න හොඳ නෑ. මාරයිනේ ඈ?….

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හරිණිලා වගේ මෙලෝ අටමගලයක් දන්නේ නැති අයගෙන් අහ අහා මහින්ද රාජපක්ෂ මහත්මයා යුද්ධය කරන්න ගියානම් අදටත් ප්‍රභා ජීවතුන් අතර. මොකද අපිට මතකයිනේ අවසන් සටන දරුණුවටම යන කාලේ අයවැය පරාද කරලා ආණ්ඩු පෙරලලා ප්‍රභාව බේරගන්න අනුර ප්‍රමුඛ ජවිපෙ නඩය නටපු නාඩගම් එහෙම. අන්න ඒ නිසා හරිණිලා වගේ අයගෙන් අහලා යුද්ධ කරේ නෑ කියලා රටටයි රටේ ජනතාවටයි පාඩුවක් උනේ නෑ ප්‍රභාව අවසන් කරලා රටට සෙතක් උනා මිසක්…

මොහමඩ් අක්රම්.



31 Viewers