මහ මොලකරැ

පවුල් හතරක 37 දෙනෙකු ISIS පුහුණුවට ගිය විජේදාස ප්‍රකාශය යටපත් කළේ මුජිබර්. පාස්කු ප්‍රහාරයට මුජිබර් රහුමාන් ඍජුවම වගකිව යුතුයි – සරත් වීරසේකර
කොළඹ – රියද් අද්මිරාල් සහ ආචාර්ය සරත් වීරසේකර මහතා පවසන්නේ, 2016 වසරේදී එවක අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ශ්‍රී ලංකාවේ පවුල් හතරක සාමාජිකයන් 37 දෙනෙකු සිරියාවේ ISIS පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවත්, එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඊට අවමන් කරමින් එය “වෛරී ප්‍රකාශයක්” ලෙස හංවඩු ගසා යටපත් කළේ මුජිබර් රහුමාන් බවත්ය.
ආචාර්ය වීරසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, පසුව එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම තහවුරු වූ බවත්, ඒ පිළිබඳ විමර්ශනයට මුජිබර් රහුමාන් ඇතුළු පිරිස බාධා නොකළා නම් පාස්කු ප්‍රහාරය වළක්වාගත හැකිව තිබූ බවත්ය. එම නිසා මුජිබර් රහුමාන් පාස්කු ප්‍රහාරයට ඍජුවම වගකිව යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
“පාස්කු ප්‍රහාරයට පෙර සහරාන්ගේ මල්ලි බෝම්බයක් තැනීමට ගොස් සිදුවූ පිපිරීමකින් රෝහල්ගත කළ විට ඔහුගේ සුවදුක් බැලීමට ගියේ කවුද? මාවනැල්ලේ බුදුපිළිම කුඩු කළ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම වැළැක්වූයේ කවුද? වනාතමුල්ලේ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා නිදහස් කිරීමට බල කළේ කවුද? යහපාල ආණ්ඩුව සමයේ තවුහිද් මුස්ලිම් පල්ලි තැනීමට අවසර දුන්නේ කවුද?” යනුවෙන් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රශ්න කළේය.
මෙම කරුණු පිළිබඳ සියල්ල මුජිබර් රහුමාන් දන්නා බවත්, එබැවින් පාස්කු ප්‍රහාරයට එරෙහිව නිසි පියවර ගැනීමට අපොහොසත් වීමට හේතුවන්නේ ඔහුගේ ක්‍රියාකලාපය බවත් ආචාර්ය වීරසේකර චෝදනා කරයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතාගේ ප්‍රතිචාරයක් මෙතෙක් වාර්තා වී නොමැත. කෙසේ වෙතත්, ආචාර්ය සරත් වීරසේකර මහතාගේ චෝදනා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ.
9 Viewers





