• Home »
  • News »
  • “ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?” ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අප්‍රේල් 23 දා

“ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?” ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙල අප්‍රේල් 23 දා

බ්‍රිතාන්‍ය පාලන සමය තුළ “ඊළාම්” සංකල්පය නිර්මාණය වූ ආකාරය පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කරමින් සම්පාදනය කරන ලද “ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක්ද?” ග්‍රන්ථය එළිදැක්වීමේ මහෝත්සවය එළඹෙන අප්‍රේල් මස 23 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන මහතාට පිදෙන උපහාරයක් ලෙස එළිදක්වන මෙම ග්‍රන්ථය, එදින පස්වරු 3:00 ට කොළඹ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.

මෙම අවස්ථාවට ප්‍රධාන දේශකයන් ලෙස පහත විද්වතුන් සහභාගී වීමට නියමිතය:
*මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේ
*මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේ
*නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා
*ග්‍රන්ථ කර්තෘ පියසිරි අමරකෝන් මහතා

කර්තෘ ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම ග්‍රන්ථය බෙදාහරිනු ලබන්නේ කොළඹ 10, මරදාන, එස්. මහින්ද මාවතේ අංක 114 හි පිහිටි “සූරිය ප්‍රකාශකයෝ” ආයතනය මඟිනි.

ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ඓතිහාසික කරුණු පිළිබඳ උනන්දුවක් දක්වන සැමට මෙදින මෙම විද්වත් කථිකාව සමඟ එක්වන ලෙස සිංහල සංවිධාන එකමුතුව ඇරයුම් කර සිටියි.



3 Viewers