වෙසක් පෝ දා මැයි රැලි එපා
නායක හිමිවරු දේශපාලන පක්ෂවලින් ඉල්ලති
වෙසක් පෝය යෙදෙන මැයි මස 1 වැනිදා සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් සහ රැලි පැවැත්වීමෙන් වළකින ලෙස බෞද්ධ නායක ස්වාමීන් වහන්සේලා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරති.
ස්වාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් සහ රැලි පැවැත්වීම වෙනුවට ප්‍රධාන ආගමික ස්ථාන ආශ්‍රිතව එදින ආගමික කටයුතුවල යෙදෙන්නැයි දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව උන්වහන්සේලා පවසති.
ආගමික නායකයන්ගේ ඉල්ලීම පරිදි මැයි 1 වැනිදා කම්කරු රැලියක් නොපැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) දැනටමත් තීරණය කර ඇත.
සමගි ජන බලවේගය තවම ඒ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නොමැත. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ විශේෂ රැස්වීමක් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.
එසේම සමගි ජන බලවේගයේ පිරිසක් මැයි රැලිය මැයි 1 වැනිදා පැවැත්විය යුතු බවට යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර රටේ ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක මෙවැනි විශාල පරිමාණයේ රැස්වීම් සහ රැලි පැවැත්වීමෙන් ලොකු මුදලක් නාස්තිවන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
සාමාන්‍යයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂයකට මැයි රැලියක් සංවිධානය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වැයවන බව ගණන් බලා ඇත.
රමේෂ් වරල්ලෙගම
3 Viewers





