• Home »
  • Articles »
  • ලෝක ප්‍රසිද්ධ අනියම් බිරින්දෑවරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට්…

ලෝක ප්‍රසිද්ධ අනියම් බිරින්දෑවරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට්…

මෙය කිසිසේත්ම එකිනෙකට නොගැළපෙන බයිසිකල් බෝලයි කිරි හොදියි වැනි හෙඩිමකි..

අනියම් බිරිඳ යන වචනයට මා සංකල්පීය වශයෙන් විරුද්ධ නමුත් ඉතිහාසය පුරාම විවාහක පුරුෂයෙකු සමග ලිංගික සම්බන්ධතාවයක් පැවැත් වූ තැනැත්තියට කියන වචනය අනියම් බිරිඳයි ( A mistress is a woman having a long-term sexual relationship with a man who is married to someone else.)

ලෝක ඉතිහාසය පුරාම පාලකයාගේ අනියම් බිරිඳ බොහෝ විට රටකට සමාජයට සැලකිය යුතු දේශපාලන හෝ සමාජීය බලපෑමක් ඇති කරලා තියෙනවා.

මෙලෙස ප්‍රසිද්ධ වූ ඓතිහාසික අනියම් බිරින්දෑවරු නම්..

මැඩම් ඩි පොම්පඩෝර් (Madame de Pompadour)
(1721–1764)  XV වන ලුවී රජුගෙ අනියම් බිරිඳ වූ ඇය ප්‍රංයෙ දේශපාලන තීන්දු තීරණ වලට දැඩිව බලපෑමක් කළාය.

ඇලිස් කෙපල් ( Alice Keppel )
(1868–1947):  VII වන එඩ්වඩ් රජුගේ වඩාත් ප්‍රසිද්ධ අනියම් බිරිඳ වූ අතර, ඇයගේ විචක්ෂණභාවය සහ සුන්දරත්වය නිසා ඇය පිළිබඳව ලෝක අනියම් බිරිඳ ඉතිහාසයේ වැදගත් තැනක් හිමි විය.

කොසෙම් සුල්තාන් (Kösem Sultan)
(1589 –1651): ඇය I වන අහමඩ් රජුගෙ අනියම් බිරිඳ ලෙස අතිමහත් බලයක් ලබා ගත් අතර එමගින් රාජ්‍ය පාලනයට දැඩිව හවුල් විය

ජේන් ෂෝර් (Jane Shore)
(1445–1527 පමණ)  IV වන එඩ්වඩ් රජුට සිටි බොහෝ අනියම් බිරින්දෑවරුන්ගෙන් කෙනෙකි. ඇය රාජ්‍ය පාලනයට දැඩිව බලපෑම් ඇති කළේය

මෑතකාලීනව….

මොනිකා ලෙවින්ස්කි: ( Monica Lewinsky: )
1990 ගණන්වල ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සමඟ පැවති ඇගේ ප්‍රේම සම්බන්ධය නිසා ප්‍රසිද්ධ විය.

මැරිලින් මොන්රෝ: (Marilyn Monroe: )
ජෝන් එෆ්. කෙනඩි ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයින් සමඟ තිබූ සබඳතා නිසා ප්‍රසිද්ධ විය.

මාර්ලා මේපල්ස්: ( Marla Maples)
1980 ගණන්වල අග භාගයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇයගේ සම්බන්ධතාවය  ප්‍රසිද්ධ විය.

මාතා හාරි ( Mata Hari )
ඉහළ පෙළේ ඔත්තුකාරියක් ලෙස ඇයගේ භූමිකාව හේතුවෙන් ඉතිහාසයේ භයානකම අනියම් බිරිඳ ලෙස ඇයව බොහෝ විට උපුටා දක්වනු ලැබේ. ඇය ප්‍රංශ නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් ජර්මනිය වෙනුවෙන් ඔත්තු බැලීමේ නිරත වූ අතර, 1917 දී වෙඩි තබා ඇයව මරා දැමුවේය.
.
ඇලිනා කබේවා:( Alina Kabaeva )
මාධ්‍ය තුළ ඇයව විස්තර කර ඇත්තේ ව්ලැඩිමීර් පුටින්ගේ අනියම් බිරිඳ ලෙසයි.

කැමිලා පාකර් බෝල්ස් (Camilla Parker Bowles; )
චාල්ස් කුමාරයාගේ අනියම් බිරිඳ වූ අතර ඩයනා කුමරියගෙ මරණයත් සමග ඇය මේ වන විට එක්සත් රාජධානියේ iii වැනි චාල්ස් රජුගෙ රැජිණයි.

මේ සියල්ලටම වඩා ශ්‍රී ලංකාවේ අනුලා දේවියගෙ කතාව වෙනස්ය. ඇය තමන්ගෙ කාමාශාවන් සන්තර්පණය කර ගැනීම වෙනුවෙන් වරින්වර රජතුමා ඇතුළු සිවු දෙනෙකු මරා දැමු අතර පසුව ඇය රැජින බවට පත් වී ආරක්ෂකයින් තිස් දෙනෙකු සමග කම් සැප විඳිමින් මාස හකරක පමණ කාලයක් රට පාලනය කර ඇත.

එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරනායක අගමැති සමයෙ සෞඛ්‍ය ඇමතිනියව සිටි විමලා විජේවර්ධන කැලණිය විහාරයෙ නායක හිමි මාපිටිගම බුද්ධරක්ඛිත සමග අනියම් සබඳතාවයක් පවත්වමින් අගමැති ඝාතනයෙ හය වෙනි විත්තිකාරිය විය.

මෙම අනියම් බිරින්දෑවරු රාජ්‍ය පාලකයාට සමීප වීම රාජ්‍ය රහස්වලට බලපෑම් කිරීමේ හැකියාව, අපරාධ හෝ දේශපාලන ක්‍රියාකාරකම්වලට සෘජුවම සම්බන්ධ වීම හේතුවෙන් “භයානක තැනැත්තියන්” ලෙස ඉතිහාසයෙ සඳහන් වේ..

” ගැහැණියකගෙ ඇඟ මත  සිටින විට හැඟීම්බර තීරණ ගැනීම සහ පොරොන්දු නොදිය යුතු යැයි” ප්‍රසිද්ධ කියමනක් ඇත.

පෞරුෂත්ව බෙලහීනයෙකුව හීලෑ කරගැනීමට කාමුක ගැහැණියක පාවිච්චි කරන්නෙ නිදි යහනයි.

නිදන කාමරයෙ දේශපාලනය බොහෝ රටවල් අකර්මණ්‍ය කරලා තියෙනවා.

අනියම් බිරින්දෑවරු කතාව එතනින් අවසන්ය.. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්

මහා කයිවාරුකාර අනුර කුමාර දිසානායකට ශ්‍රී ලංකා ක්‍රිකට්හි සභාපති කිරීමට තමන්ගෙ ඇවිදින පුස්තකාලයෙ එකෙක් නැති විය.

අවසානයෙදි අවුරුදු 76 ක ශාප ලත් ඉතිහාසයේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්ගෙ පිහිට පැතීමට ඔහුට සිදුවීම දෛවයෙ සරදමකි.

තමන්ගේ පුරසාරම් කොඳු නාරටිය පවා ස්වයංව සිඳ ගනිමින් එවැනි අභියෝගාත්මක තීරණයක් ගැනීමට හේතුව දන්නෙ අනුරම පමණි.

සිදත් වෙත්තමුණිට, රොෂාන් මහනාමට වඩා එරාන් වික්‍රමරත්න සභාපති තනතුරට පත් කිරීමට හේතුව නම් ප්‍රබල හේතුවක්ම විය යුතුමැය..

පහත චායාරූපයෙ සිටින්නෙ ඊයෙ පත් කළ අතුරු ක්‍රිකට් පාලක මණ්ඩලයෙ සභාපති එරාන් වික්‍රමරත්න වන අතර ඔහුගේ පත්වීම සහ ඉහත අනියම් බිරින්දෑවරුගෙ සටහන සහ නිදන කාමරයේ දේශපාලනය අතර කිසිදු සම්බන්ධයක් නැත.

බෝර්න් අගේන් නම් ආගමික කල්ලියක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කළේ යැයි පහුගිය කාලය පුරාම කියවුණු ප්‍රබල මතයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පත් කළ දස දෙනෙකුගෙන් යුක්ත කමිටුවෙ එරාන් වික්‍රමරත්න, කුමාර සංගක්කාර, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෆාස්ටර්, ඩිනාල් පිලිප්ස්ගෙ කිල්ලෝට බෝර්න් අගේන් පිල්ලි ඇත්දැයි මදක් සෝදිසි කර බැලුවොත් යහපත්ය.

එරාන් වික්‍රමරත්න එවැන්ජලිකල් දේවගැති කෝල්ටන් වික්‍රමරත්නගේ  පුත්‍රයා වන අතර දේවගැති ඩිෂාන් වික්‍රමරත්නගේ සහෝදරයා වේ

ශ්‍රී ලංකාවේ බෝර්න් අගේන් නිකායක් වූ ‘ඇසෙම්බ්ලීස් ඔෆ් ගොඩ්’  සභාවේ නායකයා ලෙස කටයුතු කළේ පාදිලි කෝල්ටන් වික්‍රමරත්න.

එරාන් වික්‍රමරත්නද බෝර්න් අගේන් පාස්ටර් වරයෙකි. ජනාධිපතිවරයාගෙ හිතවන්තියක වන ප්‍රමිෂ්කා පෙරේරාද බෝර්න් අගේන් මූලධරිමවාදියෙක් යැයි කියයි. ඒවා මේ අනියම් බිරින්දෑවරු සටහනට සහ නිදියහනෙ දේශපාලනයට අදාළ නැති ඕපදූපය.

කමිටුවට එන විවේචන තනුක කිරීමට සිදත් වෙත්තමුණි සහ රොෂාන් මහානාම කමිටුවට එක් කර ඇත.

ශම්මිද සිල්වා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එලවිය යුතුය. ඒ ගැන තර්කයක් විවාදයක් නැත. ඒත් ඒ සඳහා වන විකල්පය ශම්මිට වඩා හොඳ එකක් විය යුතුය. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොනෝරියා ගැහැණිය දී ඒඩ්ස් ගැහැණියක් කරකාර බැඳ ගත්තාද…?

ශ්‍රී ලංකා ක්‍රිකට් දිගු කල් දිනේවා…

නිලන්ත සත්සර ගමගේ 



5 Viewers