“සුරේෂ් සලේ, මවුලානා හමු වූ බව ඔප්පු කරන්න බෑ” – චැනල් 4 අධ්‍යක්ෂ

Screenshot
චැනල් 4 නාළිකාව, පාස්කු ප්‍රහාරය පිළිබඳ චිත්‍රපටය විකාශය කළේ, 2023 ජිනීවා මානව හිමිකම් සමුළුවට සමගාමීවය. ඔවුන් මේ ආකාරයෙන්ම, වසර කීපයකට පෙර මානව හිමිකම් සමුළුවක් ආසන්නයේ, ‘ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ්’ චිත්‍රපටය විකාශය කළේය. මේවායේ අරමුණ ලෝකය හමුවේ රට – විශේෂයෙන් සිංහල බෞද්ධයින් – අපහසුතාවට පත් කිරීමයි.
……චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා එහි විධායක නිෂ්පාදක Ben de Pear සහ නිෂ්පාදන අධ්‍යක්ෂ Thom Walker ජිනීවා ගියහ. එහිදී මානව හිමිකම් රැස්වීම පැවති ස්ථානයට සැතපුම් කීපයක් දුරින්, චිත්‍රපටය පිළිබඳව, 10 දෙනෙකු පමණ පිරිසක් ඉදිරියේ සංවාදයක්ද පවත්වා ඇත. මේ සංවාදය සංවිධාන කර ඇත්තේ, මහනුවර ප්‍රදේශයෙන් ජිනීවාවලට ගොස් ස්වර්ණාභරණ ව්‍යාපාරයක නිරත අයකු ඇරඹූ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. පාස්කු ප්‍රහාරයට ඇතැම් දේශපාලකයන් සම්බන්ධ කරමින් මහා කුමන්ත්‍රණයක් ගොතන්නට උත්සාහ කරන කොළඹ වෙසෙන පුද්ගලයන් කීප දෙනෙකුට මේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයා මුදල් සපයා ඇති බවට චෝදනා එල්ල වී ඇතැයිද ‘ශ්‍රී ලංකා ගාඩියන්’ අනාවරණය කරයි.
ඒ සංවාදය අවස්ථාවේ ජිනීවාහි වෙසෙන, මානව හිමිකම් කටයුතුවල නිරත, හිටපු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකේය මාධ්‍යවේදියෙකු ‘ශ්‍රී ලංකා ගාඩියන්’ වෙනුවෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ තොම් පැකිළෙමින් පවසා ඇත්තේ, සුරේෂ් සලේ සහ සහරාන් අතර හමුවක් සිදු වූ බව හෝ ඒ දෙදෙනා අතර මොනයම් ආකාරයක හෝ සම්බන්ධයක් තිබුණ බව හෝ ඔප්පු කෙරෙන කිසිදු සාක්කියක් තමන් සතුව නැති බවයි. ‘ශ්‍රී ලංකා ගාඩියන්’ වැඩි දුරටත් පවසන්නේ, මවුලානා ඉදිරිපත් කරන කරුණු සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කිරීමට චිත්‍රපටයේ විධායක නිෂ්පාදකවරයාට හෝ අධ්‍යක්ෂවරයාට නොහැකි වූ බවයි.
….පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිට එරෙහි නඩුවේ (එච්.සී. (ටී.ඒ.බී.) 2900/21) මහාධිකරණ විනිසුරු ඒ.කේ.ඒ. පටබැඳිගේගේ නියෝගයේ මෙවැනි සටහනක් තිබේ. “ගැටලුවේ සංවේදීතාව මත පදනම්ව ඕනෑම පුද්ගලයෙකුට (සාක්කි නොමැතිව) එරෙහිව නඩු පැවරීම අනුමත කළ නොහැක.”
(2025 මාර්තු 21 වැනිදා “චැනල් 4 පාස්කු බෝම්බ චිත්‍රපටියේ පසුබිම් කතා” නමින් ‘බෝධි සභාව’ වෙබ් අඩවියට සෑම් සෙනෙවිරත්න සැපයූ ලිපියකින් උපුටා ගැනිණි. අවශ්‍ය අයට සම්පූර්ණ ලිපිය 1 වැනි කොමෙන්ටුවෙන් කියවිය හැකිය.
ශ්‍රී ලංකා ගාඩියන් ලිපිය 2 වැනි කොමෙන්ටුවේ)
5 Viewers





