රණවිරුවන්ට අපහාස කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට එරෙහිව බෝධිධම්ම මානව හිමිකම් සංවිධානයෙන් දැඩි පියවර
මෙරට සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට සහ විශේෂයෙන්ම මව්බිම වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් කළ ආබාධිත රණවිරුවන්ට නිග්‍රහ වන අන්දමේ ප්‍රකාශයක් අධිකරණ කටයුතු අතරතුරදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු විසින් සිදු කර ඇතැයි වාර්තා වේ.
විවිධ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන බෝධිධම්ම මානව අහිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය, මේ පිළිබඳව වහාම නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලමින් හදිසි පැමිණිල්ලක් ගොනු කර තිබේ.
අදාළ සිදුවීමට මුහුණ දුන් පාර්ශවයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් එම සංවිධානය විසින් මෙම පැමිණිල්ල මෙරට ඉහළම බලධාරීන් වෙත යොමු කර ඇත. ඒ අනුව ගරු ජනාධිපතිතුමා, අග්‍ර විනිශ්චයකාරතුමා, නීතිපතිතුමා, පොලිස්පතිතුමා මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව, නීතිඥ සංගමය සහ පාර්ලිමේන්තුවේ කථානායකතුමා ඇතුළු වගකිවයුතු නිලධාරීන් රැසක් මේ පිළිබඳව දැනුවත් කිරීමට ඔවුහු පියවර ගෙන තිබේ.
මෙම පැමිණිල්ල මඟින් ඔවුන් අවධාරණය කර සිටින්නේ අදාළ ප්‍රකාශයට පාදක වූ සියලුම ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය සාක්ෂි හා අධිකරණ වාර්තා සුරක්ෂිතව තබා ගනිමින් කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණයක් ඇරඹිය යුතු බවයි.
වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය කරමින් සිදු කරන ලද මෙම ක්‍රියාව සම්බන්ධයෙන් නීතිමය හා විනය පියවර ගත යුතු අතර, ලිපිය ලැබී දින හතක් ඇතුළත මේ පිළිබඳ පරීක්ෂණ අරඹා එහි ප්‍රගතිය ලිඛිතව තමන් වෙත දන්වන ලෙසද එම සංවිධානය ඉල්ලා සිටී. යම් හෙයකින් දේශීය මට්ටමින් සාධාරණයක් ඉටු නොවන්නේ නම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලය සහ ජාත්‍යන්තර නීතිඥ සංගමය ඇතුළු ලෝක මට්ටමේ මානව හිමිකම් ආයතන වෙත මෙම ගැටලුව රැගෙන යන බවද ඔවුහු අනතුරු අඟවති.
බෝධිධම්ම මානව අහිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෝගොඩකන්දේ බෝධිධම්ම හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ මෙම ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, මෙය කිසිවෙකු පුද්ගලිකව අපකීර්තියට පත් කිරීමේ අරමුණින් නොව අධිකරණ පද්ධතියේ විශ්වාසය, නීතියේ ආධිපත්‍යය මෙන්ම රණවිරු ගෞරවය සුරැකීමේ පරම චේතනාවෙන් සිදු කළ එකක් බවයි.
මෙම අවස්ථාව සඳහා බෝධිධම්ම මානව අහිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෝගොඩකන්දේ බෝධිධම්ම ස්වාමීන් වහන්සේ සමඟ සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක, ජය ධරණී ලංකා සංවිධානයේ සභාපති ලංකා තරංග මෙන්ම ජාතික ලංකා ආබාධිත රණවිරු සංගමයේ wmd s හරි අමිලේ හිටපුහිටපු සභාපති W. M. D මංජුල යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි වී සිටියහ.

2 Viewers





