කතෝලික ආක්‍රමණය පොතේ පෙරවදනේ උපුටනයක්

මෙය අදටත් වැදගත් වේවි
ආගමේ මුහුණුවරින් අවුත් ජනතාවගේ ජීවිතයටත් වැඩ කටයුතු වලටත් හෙමින් සීරුවේ එහෙත් නොකඩවා රිංගාගෙන ලංකාව විදේශ බලයක යටත් විජිතයක් කිරීමට විධිවිධාන යොදන අයුරු මේ පොතෙහි එන කරුණුවලින් ද සංඛ්‍යා ලේඛන වලින්ද පෙන්වා දී ඇත අප කල් තියා කරන මේ අනතුරු ඇඟවීම අපේ හින්දු මුස්ලිම් හා ප්‍රොතැස්තන්ත සොයුරු සොයුරියන් මෙන්ම අපේ කතෝලික සහෝදර සහෝදරියන් විසින්ද එම ඇඟවුම ඉදිරිපත් කර ඇති න්‍යායෙන්ම අවබෝධ කරගන්නවා ඇතැයි විශ්වාස කරමු.
අපේ කතෝලික රටවැසියන්ගෙන් ජාති හිතෛෂී බොහෝ දෙනෙකු කතෝලික සභාවේ විදේශීය සම්බන්ධකම් ගැන එතරම් සතුටක් නොදක්වන බව අපි දනිමු. සිරිත් වශයෙන් ඔවුන් කතෝලික සභාවට දක්වන පක්ෂපාතීත්වයට වැඩියෙන් රටට හා ජාතියට පක්ෂපාතී භාවය දක්වන බවද අපි දනිමු.
නිදසුනක් හැටියට ගතහොත් කතෝලික සභාව නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුවද කතෝලික ජනතාව විශේෂයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ වරප්‍රසාදය කෙදිනකවත් හිමිකර ගැනීමේ තත්ත්වයක නොසිටි දුගී දුප්පත් කතෝලික ජනතාව දැන් ඒ නිදහස් අධ්‍යාපනයේ වරමින් විශ්වවිද්යාලිය අධ්‍යාපනය ලැබීමේ භාග්‍යය හිමි කරගෙන සිටිති. එසේම ජාතික සංවර්ධනයේ අලුත් මාර්ගයන් සාදරයෙන් පිළිගැනීමේලා ප්‍රොතැස්තන්ත සොයුරු සොයුරියන් දක්වන උනන්දුවද අපි අගය කොට සලකමු.
හින්දු වරුන් හා මුස්ලිම්වරුන් හා සම්බන්ධයෙන් කිව යුත්තේ ඒ අය බෞද්ධයන් පරිද්දෙන්ම කතෝලික ආක්‍රමණයෙන් පීඩා විඳින බවය ඔවුන් කරනු ලබන්නා වූ වෙනස්කම් ද බෞද්ධයන් හා ඔවුන් අතර සාමය හොඳ හිත එකමුතුකම ඇති කරන සුළු විය යුතුය අප පැමිණිලි කරන්නේ කතෝලික ජනතාවට විරුද්ධව නොව කතෝලික ආක්‍රමණය විරුද්ධව බව මෙහිලා අවධාරණයෙන්ම කියා සිටිය යුතුය .කතෝලික ආක්රමණයේ විවිධාකාර කටයුතු ගැන වහා පරීක්ෂණයක් පවත්වා වෙන අයට නොමැතිව හුදෙක් අනන්‍ය වශයෙන් විඳින තනි වරප්‍රසාද අවලංගු කොට පුරවැසියන් හැම දෙනාටම එකසේ යුක්තියත්,සාධාරණයත් ඉටු කරලීම සඳහා මේ පොතින්.අවස්ථාව,ඇති කර තිබේ.
ඇල්.එච්.මෙත්තානන්ද
බෞද්ධ ජාතික,බලවේගය
1963 මාර්තු මස23 වන දින කොළඹදීය.
5 Viewers





