• Home »
  • News »
  • ජවිපේ මඩ බලකාය බුද්ධාගමට අපහාස කරයි?

ජවිපේ මඩ බලකාය බුද්ධාගමට අපහාස කරයි?

වෙඩරුවේ උපාලි අනුනායක හිමියන් ඊයේ අස්ගිරි පිරිවෙනේ සාමණේර හිම්වරුන් අමතා කළ  අදහස් දැක්වීමෙන් පසුව, උන්වහන්සේ වෙත සමාජ මාධ්‍යවල සිටින එක්තරා කණ්ඩායමක් ඉතාමත් නින්දිත ආකාරයට අපහාසාත්මක ප්‍රහාර එල්ල කරමින් සිටිනවා..

ඒ බොහෝ අය නියමිත නමින් පෙනී නොසිටින ව්‍යාජ නම් වලින් පෙනී සිටින අය බවත් පැහැදිලියි..

එමෙන්ම එකම තැනකින් මෙහෙයවන එකම කණ්ඩායමක ආකාරයේ ප්‍රහාර එල්ල කිරීමක් සිදුවෙනවා..

කෙසේ වෙතත් උන්වහන්සේ බොහෝ අවස්ථාවලදී එඩිතරව අදහස් ප්‍රකාශ කළ යතිවරයාණන් කෙනෙක්..

ගලබොඩ අත්තේ හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට බන්ධනාගාරය තුළින් සිදුවූ අදාළ සිදුවීමේදීද,
එය  අප සැලකිය යුත්තේ,
එය එක හිමි නමකට සිදු වූ අසාධාරණයක් හෝ අවමානයක් ලෙස නොවේ..

ක්‍රමානුකූලව බුදු දහමට හා ඒ  බැඳුණු සංස්කෘතික පදනමට සංවිධානාත්මකව එල්ල වන ප්‍රහාර මාලාවේ තවත් එක් අවස්ථාවක් හැටියටයි..
ත්‍රී කුණාමලයේ බුදු පිළිමයේදී කටයුතු සිදු වුණු ආකාරය,
දළදා පෙරහරේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් සමහර නායකයන් කළ ප්‍රකාශ,
බුද්ධ චරිතයට බෝසත් චරිතයට සමාජ මාධ්‍යවල සමහරුන් විසින් ම කරනු ලැබූ අපහාස,
සමහර ආගමික නායකයන් යැයි කියාගන්නා පුද්ගලයන් එවැනි මාධ්‍යවලින් කළ ප්‍රකාශ,
අප දුටුවා.

දේශපාලන මතවාදවලින් තොරව ,
හෘද සාක්ෂියට එකඟව,
කල්පනා කරන ඕනෑම කෙනෙකුට,
මේ මොහොත වන විට අපේ රට තුළ බුදු දහම හා බැඳුණු සංස්කෘතික පදනමට සිදුවන නොසැලකීම අවමානය තේරුම් ගැනීමට බැරි නම්
සැබැවින්ම පුදුමයි..

මෙරට තීරණ ගැනීමට බලසම්පන්න බෞද්ධ විරෝධී  බලවේග වලට ශක්තිමත් පදනමක් ඇතිවීමෙන් පවතිනවාදැයි සිතෙනවා..

සමහර ස්වාමීන් වහන්සේලා මේ තත්ත්වය සාධාරණීකරණය කරන්න කටයුතු කරන ආකාරය පුදුම සහගතයි.

තවත් සමහරුන් නොතේරුණාසේ නිද්‍රාශීලීව කටයුතු කරනවා..
ඒ තත්ත්වය තේරුම් ගෙන ,
ඒ එරෙහිව අදහස් දක්වන ස්වාමීන් වහන්සේලාට,
මෙලෙස එක්තරා කණ්ඩායමක් ඉතාමත් පහත් අන්දමින් අපහාස කරනවා..

ඔවුන් ප්‍රසිද්ධ සමාජ මාධ්‍යවල භාවිතා කරන්නේ ඉතාමත් අසභ්‍ය වචන ..

මේ රට ඉතිහාසයේ සිට විශාල විදේශ ආක්‍රමණ සංඛ්‍යාවකට මුහුණ දුන්නා..
ලෝක ඉතිහාසයේ වැඩිම කාලයක් එවැනි ආක්‍රමණවලින් පීඩාවට පත්වූ රටක් සහ ජාතියක් අපි..
දකුණු ඉන්දීය සහ යුරෝපීය රටවල් ගණනක  ආක්‍රමණවලට මුහුණ දීමට අපට සිදු වුණා..
ඉතිහාසයෙන් වසර දහසකට වැඩිය එම ආක්‍රමණවල පීඩාවට අප ලක් වුණා..

එහෙත් ඒ සෑම අභියෝගයක්ම මැද්දේ ,
වසර 2600කට ආසන්න කාලයක්,
මේ රට තුළ බුදු දහම හා ඒ සමග බැඳුණු සංස්කෘතික පදනම රැකගෙන ඒමට ලාංකිකයන්ට , බෞද්ධයන්ට හැකි වුණා..

ආක්‍රමණිකයන් මාරු උනා..
රජවරු වෙනස් වුණා.
නිදහස ලැබුනා….
පාලකයන් ආවා… පාලකයන් ගියා…..

ඒත් බුදු දහම සහ ඒ හා බැඳුණු සංස්කෘතික අංග සිරිත් විරිත් ඒ සියලු වෙනස්වීම් මධ්‍යයේ  ඉදිරියටම ආවා..

එසේ කිරීමට හැකි වූයේ සෑම යුගයකම බුදු දහම සුරැකීමට එඩිතෙරව ඉදිරිපත් වූ මහා සංඝරත්නය නිසයි..

ගැමුණු මහ රජුගේ යුගයේ මහා නාග ස්තිවිරයන්ගේ සිට,
ඉංග්‍රීසි ආක්‍රමණකයන් විසින් මරා දෙමු කුඩාපොළ හිමියන් දක්වා,
ඉන් අනතුරුව මේ රටේ බිහිවූ බුදුදහම සුරැකෙන දේශයකට ආදරය කරන භික්ෂූන් වහන්සේලා හරහා අඛණ්ඩව ආ ඒ ගමන නිසයි.

ඉතිහාසයේ කවදාවත් නොවන ආකාරයට බුද්ධ චරිතයට බෝසත් චරිතයට අපහාස කරන කාලයක් අපි පසුගිය කාලයට පුරා දැක්කා..

හැබැයි ඒ වෙනුවෙන් නීතිය ක්‍රීයාත්මක වී දඬුවමක් ලැබූ අයෙක් නම් අප දැක නැහැ..

රටේ ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය සහ සුරක්ෂිත කිරීම සහතික කර තිබෙන රටක ප්‍රායෝගිකව ඒ තත්ත්වය ක්‍රියාත්මක වනවාදැයි යන්න විටෙක හිතට නැගෙන ප්‍රශ්නයක්..

ඒවාට එරෙහිව තා කරන ස්වාමීන් වහන්සේලාට මෙලෙස ප්‍රහාර එල්ල කරත්,
වසර දෙදහස් පන්සීයක් තිස්සේ බොහෝ ආක්‍රමණිකයන්ට,
ඒ ආක්‍රමණිකයන්ගේ බැල මෙහෙවරකම් වලට සූදානම් වූ සමහර ලාංකිකයන්ට අවශ්‍ය වූ දෙය,
වර්තමානයේ හෝ අනාගතයේත් ඔවුන්ට ඉටුකර ගැනීමට නොදීම,
මේ පොළොව තුළ බුදු දහම සුරැකෙන බෞද්ධ සංස්කෘතික පදනම සුරැකෙන සමාජයකට ආදරය කරන සියලු දෙනාගේම වගකීම විය යුතුයි..

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ පසුගියදා ප්‍රකාශ කරනවා මා දුටුවා බෞද්ධයන්ගේ වගකීමක් සෑමදාම බුදු පහන ෙන් ලඟ සිය ආගමික කටයුතු කරන විට මේ රට තුළ බුදු දහම සුරැකෙන පරිසරයක් උදාවේවා යන්න සත්‍යයක් ක්‍රියාවක් ලෙසටම කරන ලෙස ..

අවි ආයුධ බලයෙන්,
මැරබලයෙන්,  තර්ජනයෙන්,
අවනීතය  නීතිය බවට පත් කරගනිමින් ,
වෙනත් මොනයම් හෝ ක්‍රමවලින්,
මිනිසුන් යටපත් කරන්නට හැදුවත්,
යහපත් අරමුණක් වෙනුවෙන්,
මිනිසුන්ගේ අධ්‍යාත්මික ශක්තිය,
එක අරමුණක් සඳහා යොමු කිරීමෙන්,
මතුව එන ශක්තිමත් බලවේග ඉදිරියේ ,
ඒ සෑම බලවේගයක්ම පරාජයට පත් කළ හැකි යන විශ්වාසය තවමත් මේ ලෝකය තුළ තිබෙනවා.

බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ වාසය කරන ස්වර්ණමාලී චෛත්‍යය,
උන්වහන්සේට බුදු වීමට උපකාර කළ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයකින් පැන නැගුණු ජයසිරි මහා බෝධිය,
බුදුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරන දළදා මාලිගය,
තවමත් මේ රට තුළ තිබෙනවා..

සියලු බලාපොරොත්තු නැති වී ගියත් ඒ ශක්තියේ බලාපොරොත්තුව අපේ හදවත් තුළ තිබෙනවා…



3 Viewers