වේච්මිනී

එක් පැත්තකින් ඩයස්පෝරාවෙන් මෙහෙයවූ එක්නැලිගොඩ මහා පාව දීම සහ එයට විරුද්ධ  වු ඥාණසාර හිමියන් සිරගත වීම හේතුවෙන් බෞද්ධයින් මහත් පීඩාවට පත්ව සිටින මොහොතක සිංහල හමුදාව සහ ජනතාව  අවුරුදු තුන හතරක් තිස්සෙ අපහසුතාවට වරදකරුවන් බවට  පත් කරමින් අපහාස කරමින් සිටි  වෙච්මීනි කැණීමේ නිරීක්ෂණ වාර්තාව මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් උසාවියට ඉදිරිපත් කර ඇත. මෙම කැණීම සිදු කරන ලද්දේද මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ මූලිකත්වයෙනි.

චෙම්මිනි කැණීම තුලින් රාජ් සෝමදේව මහතා පැහදිලිකර ඇති කරුණු කීපයක් තිබේ.

චෙම්මිනි සොහොන් බිම ආසන්නයෙ ඊට යාබද ලෙස වලදමා තිබු මෙම සිරුරු පැහැදිලි ලෙස ප්‍රධාන සොහොන් බිමෙන් වෙන් කර වළ දමා තිබේ.

මෙලෙස සිරුරු වළ දැමීමේදි සමහර සිරුරු මිනී පෙට්ටි වල වළ දමා ඇති බවට තහවුරු වන සාධක වශයෙන් මීනි පෙට්ටි සැකසීම සඳහා භාවිතා වන ඇණ සහ යකඩ පට්ටම් හමු වී ඇත.

එයින් තහවුරු වන්නේ සමහර අයගේ සිරුරු යම් ක්‍රමවත්භාවයක් සහිතව වළ දමා ඇති බවයි.

එසේම අක්‍රමවත්ව වළ දමා තිබූ ශරීර නිශ්චිත දිසාවක් අරමුණු කර ඇති බවක් නොපෙනේ හෝ හිස යොදන දිශාවක් නොමැතිව වළ දමා ඇති බවට සාධක තිබේ.

එසේම  එම සිරුරු සමගින් සුර ද පඬුරු ගැට ගසා තිබීම වැනි රෝගි විටෙක සිදු කරන ආකාරයේ ශාන්තිකර්ම වල ලක්ෂණ දැකිය හැකි වී තිබේ.

තවද  බොත්තම් සහ අයිලට් වැනි සාධක හමුවීමෙන්  මෙම මිනිසුන් ඇදුම් ඇද සිටි බවට සාධක තිබේ.

ඒසේම මෙහි හමු වූ අස්ථි වල කැපුම් හෝ වෙඩි තබා ඇති බවට සාධක හමු වී නැත.

මේ අනුව මහාචාර්‍ය රාජ් සෝමදේව මහතාගේ නිරීක්ෂණ වාර්තාවෙ සදහන් වන්නේ යම්කිසි වසංගත තත්වයක් නිසා මිය ගිය මිනිස්සු ප්‍රධාන සොහොන් භූමියේම අල්ලපු කොටසක මිහිදන් කර ඇති බව නිරීක්ෂණය වන බවයි.

එයින් සමහර සිරුරු ඥාතීන්ගෙ මැදිහත් වීමෙන් මිනි පෙට්ටි තුල බහාද ඥාතීන් ඉදිරිපත් වූවායි සැලකිය නොහැකි සිරුරු රෝහලක හෝ වෙනත් කණ්ඩායමක් විසින් අක්‍රමවත්ව ලෙස වළදමා ඇති බවටද නිරීක්ෂණය කල හැකි බවයි.

චෙම්මණි  යනු සමූහ මිනී වලක් බවද එය සිංහල හමුදාව විසින් සිදු කල මිලේජ්ජ ඝාතනයක ප්‍රතිඵලයක්  ලෙසද හුවා දක්වමින් විවිධාකාර නාට්‍ය ගොඩ නැගුණි. පොත්  ලියවුණු අතර වාර්තා නිකුත් විය.

මේ රටේ සිංහලයා ජීවත්වන්නේ කොයිතරම් අපහසුවෙන්ද පීඩාවකින්ද යන්න ඔබට දැන් තේරුම් යායුතුය.

වජ්‍රපාණි දෙවියන් සිංහලයාට සාධාරණය ඉටු කිරීමට පටන් ගෙන ඇති බව පෙනේ.

සිංහලයාට  සාධාරණය අවශ්‍ය ය. නිදහස අවශ්‍ය ය. තමන්ගේ උරුමය ආරක්ෂා කරගැනීම අවශ්‍ය ය.
ජාතිය තුළම සිටිමින් පාවා දෙන ජාතියටම අයත් අතලොසක් හේතුවෙන් සැබෑ සිංහල බෞද්ධයා අද හෙම්බත් වි සිටි.

මිනිස්සු අවුස්සමින් බොරු පොත් ලියූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දැන් රජය සතුය.

චම්පා වෛද්‍යතිලක



1 Viewers