Gotabaya warns national security at risk

Former Defence Seretary Gotabaya Rajapakse today warned that national security is at risk since the LTTE international network is still active.

A recent US report claimed last week that despite the military defeat of the LTTE at the hands of the Sri Lankan government in 2009, the LTTE’s international network of sympathizers and financial support still persists.

“The fact that the LTTE’s international network and its sympathisers remain active even after the war, has been noted by me on many previous occasions. They remain committed to the LTTE’s cause and constantly seek ways to resume the struggle for a separate state,” Gotabaya Rajapakse said in a statement.

He also urged President Maithripala Sirisena and the new Sri Lankan government to give utmost consideration to national security and act with more awareness over the prevailing threat.

“It is disappointing to note that many parties have actively tried to downplay the continued threat posed by the LTTE for various reasons, including political ones. Further, because no major attacks by the LTTE have taken place after 2009, there is a widespread public perception that the LTTE no longer poses a threat to this country. The truth, however, is very different,” Rajapakse noted.

The full text he posted to his facebook page is follows;

කොටි යලි නැගිටිනවා.. ජාතික ආරක්‍ෂාව අනතුරේ.. එදා මා කීවේ බොරුද..?

කොටි සංවිධානය නැවත සක‍්‍රීය වෙමින් පවතින බවට තමන් අවස්ථා ගණනාවකදීම සිදු කරන ලද පෙන්වා දීම් අද වන විට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින්ද තහවුර කර ඇති බවත් නව රජය ගන්නා ඇතැම් ක‍්‍රියාමාර්ග හේතුවෙන් ජාතික ආරක්‍ෂාව අනතුරේ වැටී ඇති බවත් හිටපු ආරක්‍ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා තිබේ.

රාජපක්‍ෂ මහතාගේ සම්පූර්ණ ප‍්‍රකාශය මෙසේය.

ජාතික ආරක්ෂාව අනතුරේ

ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යංශය විසින් නිකුත් කොට ඇති මාධ්‍ය වාර්තාවක් සම්බන්ධව ඔබගේ අවධානය යොමුකරනු කැමැත්තෙමි. මෙම වාර්තාවට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය සංවිධාන ජාලය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන බවත් එම ජාලය වෙත ගලා එන්නාවූ මූල්‍ය ප්‍රේෂණ යහමින් ලැබෙමින් පවතින බවත් හෙලිකොට ඇත. මෙම කටයුතු වලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් 13 දෙනෙකු පසුගිය වසර තුල මැලේසියාවේදී අත් අඩංගුවට ගෙනඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එල්.ටී.ටී.ඊ අන්තර්ජාතික සංවිධාන ජාලයත් ඔවුන්ට හිතවත් සහ සහාය පලකරන ලොව පුරා වෙසෙන කණ්ඩායම් වල සාමාජිකයනුත් ඉතාම ඉහල කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු කරන බව මීට පෙර අවස්ථා ගණනාවකදීම මම අනාවරණය කලෙමි. ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ සංවිධානය පරදවා ලබාගත් යුධ ජයග්‍රහණයෙන් පසුවත් ඔවුන්ගේ වෙනම රටක් හෙවත් ඊලම් දේශයක් සඳහාවූ අරගලය අත්හැර දමා නොමැති බවත් එම සදාතනික අරගලය නැවත ඇරඹීම සඳහා පිඹුරුපත් සකසමින් සිටින බවටත් මා පලකල අනාවැකි සත්‍ය බව මෙම වාර්තාව තුලින් මනාව පසක් කොට දී ඇත.

මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරුකරය තුල නැවත සංවිධානය වීමට උත්සාහ දරණ බව තහවුරු කරගන්නා ලදී. එම බුද්ධි අංශ වාර්තා තුලින් අනාවරණය කරගත් කරුණ මත සිදුකලාවූ මෙහෙයුම් වලදී නැවත සංවිධානය වීමට ප්‍රයත්න දැරූ එල්.ටී.ටී.ඊ ජේෂ්ඨ බුද්ධි අංශ සාමාජිකයකු, එල්.ටී.ටී.ඊ ගුවන් අංශ සාමාජිකයකු ඇතුලු අන් එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් ජීවිතක්ෂයට පත්කිරීමට අපි සමත්වීමු.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ සංවිධාන ජාලයේ කාර්යක්ෂමතාව ඉතා හොඳින් දන්නා සමහරුන් පටු දේශපාලන වාසි ලබාගැනීමට සහ වෙනත් අවශේෂ කාරණා හේතුවෙන් අද උද්ගතව ඇති මෙම භයානක තත්වය හිතාමතා බැහැර කිරීම දැඩි කණගාටුවට කාරණාවකි. වසර 2009 පසු අප රටට එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කිසිදු ප්‍රහාරයක් එල්ලනොවීම නිසාම එම සංවිධානය තවදුරටත් තර්ජණයක් ලෙස ගණන් නොගත යුතු යැයි සමාජගතව පවතින මතයද මිථ්‍යාවක් මිස සත්‍යයක් නොවන බවද නැවත නැවතත් අවධාරණය කරන්නෙමි.

පසුගිය රජය සමයේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛතාවයේ ලා සැලකීමත්, බුද්ධි අංශ ඇතුලු ආරක්ෂක අංශවල විචක්ෂණභාවයත් නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සියලු ප්‍රතිසංවිධාන කටයුතු ආඩාල කිරීමට අපි සමත්වීමු. ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් සාමයේ සියලු ප්‍රතිලාභ රටේ පොදු මහජනතාවට ලැබෙන්නට සලස්වන අතර ඉතාම ඉහල මට්ටමේ ආරක්ෂිත උපාය මාර්ග අනුගමණය කිරීමටත්, බුද්ධි අංශ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමටත් අදාල සියලු පියවර ගැනීමට අපි කටයුතු කලෙමු. උතුරු සහ නැගෙනහිර දෙපලාතේ ඉඩම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එම ඉඩම් වල මුල් පදිංචිකරුවන්ට නැවත පවරා දුන් නමුදු රටේ ආරක්ෂාවට උපක්‍රමශීලීව වැදගත් සියලු ප්‍රදේශවල හමුදා කඳවුරු කිසිවිටෙකත් ඉවත් නොකිරීමට අපි වග බලාගතිමු. මේ සියල්ල එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රති-සංවිධාන ප්‍රයත්නය බිඳ දැමීමට අතිශය වැදගත් පියවරයන් වූ බව මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි.

කරුණු එසේ වුවද ජාතික ආරක්ෂාව පිලිබඳ වත්මන් රජයේ ප්‍රතිපත්තීන් රටේ අනාගත ආරක්ෂාවට අතිශය අහිතකර ප්‍රතිවිපාක ගෙනදීමට ඉඩඇති බව අවධාරණය කරමි. උතුරු සහ නැගෙනහිර දෙපලාතේ හමුදා කඳවුරු ප්‍රමාණය අඩුකිරීමටත්, විශේෂයෙන් මූලෝපායිකව වැදගත් ප්‍රදේශවල ස්ථානගතව පැවතුනු ඇතැම් හමුදා කඳවුරු ඉවත්කිරීමටත් රජය ගෙනඇති තීරණ, ප්‍රතිසංවිධානය වීමට ප්‍රයත්න දරණ එල්.ටී.ටී.ඊ සංවිධානයට මනා පිටිවහලක් වනු ඇතිබව මෙහිදී අවධාරණය කරන්නෙමි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාර්යක්ෂම සංවිධාන ජාලයත්, එම ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව තුල ප්‍රතිසංවිධානය වීම හරහා රටේ ජාතික ආරක්ෂාවට ඇතිවන තර්ජණයත් වත්මන් ජනාධිපතිවරයාත්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් මනාව වටහාගනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි. මෙම කරුණු වටහාගැනීමත් ඒ සම්බන්ධව ගතයුතු පියවර නොපැකිලව ඉටු කිරීමත් වසර 30ක කෲර යුද්ධයෙන් පීඩාවට පත් රටටත්, ජනතාවටත් එම අමිහිරි අත්දැකීම් නැවත උරුමවීම වැලැක්වීම සඳහා පියවරයන් ගනු ඇතිබව උදක්ම සඳහන් කරනු කැමැත්තෙමි.

– ගෝඨාභය රාජපක්‍ෂ
හිටපු ආරක්‍ෂක ලේකම්

 

 



912 Viewers