How to Kill Rajapaksa(s)?
The death of Hugo Chavez, and the trend of hi-tech assassinations in global politics
11.03.2013
by Peter Baofu
Hugo Chavez, the Socialist president of Venezuela for 14 years, died on March 05, 2013, after having courageously fought against cancer in the last few months. Media reports superficially stated “heart attack” as the cause. But a troubling question is, Who killed him? This question is not rhetorical, since its answer points to the trend of hi-tech assassinations in contemporary global politics.
I. HISTORICAL CASES
In the last few years alone, quite a number of prominent individuals who opposed the policies of some powerful states on the world stage had been targeted for hi-tech assassination, which often leaves no trace behind and can kill the victim silently (often in a slow and painful death), and this kind of silent killing becomes an increasingly preferred form of very sophisticated assassination by some powerful states in our time — unlike the crude use of shooting by an assassin in the older days.
For illustration, just consider some controversial cases of both successful and unsuccessful hi-tech assassinations in the past 2 decades, as shown below:
1. Cristina Kirchner, current president of Argentina, with thyroid cancer in 2011
2. Ollanta Humala, current president of Peru, with cancer in the gut in 2011
3. Hugo Chavez, former president of Venezuela, with prostate Cancer in 2011
4. Luiz Inácio Lula da Silva, former president of Brazil, with cancer of the larynx in 2011
5. Nestor Kirchner, former president of Argentina, with colon cancer in 2010
6. Fernando Lugo, former president of Paraguay, with lymph cancer in 2010
7. Evo Morales, current president of Bolivia, with cancer in the nasal cavities in 2009
8. Dilma Vana Rousseff, current president of Brazil, with cancer in the lymphatic system
in 2009
9. Alexander Litvinenko, former Russian secret service officer, with polonium-210
poisoning in 2006
10. Yassar Arafat, former chair of the PLO, with brain hemorrhage in 2004
11. Khaled Meshaal, the leader of the Hamas, with the poisonous shutdown of the brain
in 1996
Of course, there can be other examples, so the ones above are illustrative, not exhaustive. At first glance, all these cases seem isolated incidents, but, upon closer examination, reveal a growing and disturbing trend of hi-tech assassinations in contemporary global politics, in that all these individuals with the diseases were major opponents of the policies of some powerful states.
For example, the first 8 cases above (cases #1-8) involve some recent leftist opponents of American intervention in South America. This led Mr. Chavez to thus wonder, back in 2011, “Would it be so strange that they [in the U.S.] have invented the technology to spread cancer and we won’t know about it for 50 years?” and then added: “I don’t know but…it is very odd than we have seen Lugo affected by cancer, Dilma when she was [presidential] candidate, me, going into an election year, not long ago Lula and now Cristina….It is very hard to explain, even with the law of probabilities, what has been happening to some [leftist] leaders in Latin America. It’s at the very least strange, very strange,” as reported by Tom Phillips on December 29, 2011.
Open the link below to read the full story:
http://english.pravda.ru/opinion/columnists/11-03-2013/124025-hugo_chavez_eath-0/

පවතින දේශපාලන දෝලනාත්මක වාතාවරණය දෙස මෑත ඉතිහාසයේ සිදු වූ සාහසික බලපෑම් සමඟ සංසංදනාත්මකව නිරීක්ෂණය කළ හොත්, ශ‍්‍රී ලංකාවේ මෙතෙක් බිහි වූ සියලූම රාජ්‍ය නායකයින් අතරින් මව් බිමට ආදරය කළ නියම ආකාරයේ සිංහල බෞද්ධ නායකයින් ලෙස හදුනාගත හැකි වන්නේ දෙදෙනෙකු පමණි. ඒ අන් කවරකුවත් නොව සාහසික ත‍්‍රස්ත ඝාතනයට ලක් වූ රණසිංහ පේ‍්‍රමදාස මහතා සහ එවැනිම ඉලක්කයක කුරුමාණමක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාත් පමණි. තවද එවකට අගමැතිව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමාත් මේ පරාසය තුල හදුනාගත හැක. උපතින් ක‍්‍රිස්තියානි භක්තිකයෙකු වුවද විදේශයෙන් ලද උසස් අධ්‍යාපනයෙන් පසු හෙළබිමට පැමිණ පවුල් පසුබිම මත පදනම්ව සක‍්‍රීය දේශපාලනයට යොමු විමත් සමඟම බෞද්ධාගම වැළඳ, සිංහල බෞද්ධයෙක් ලෙස ශ‍්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය ඇරඹීය.
මෙම ලියුම් කරු හඳුනාගත් ඉහත නායකයින් තිදෙනා අතරට සිංහල බෞද්ධ නායකයින් ලෙස පැහැදිළිව නම් කරනු ලද්දේ; පැහැදිළි වශයෙන්ම ඔවුන් නියම සිංහල බෞද්ධ රාජ්‍ය නායකයින් ලෙස තම උරුමයන් සිංහල ජාතියට ලබා දීමට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් ක‍්‍රියා කළ හෙයිනි. සමස්ථයක් ලෙස සැලසුම් සහගතව අසාධාරණ විවේචනයට ලක්වන ඔවුහු එකී අවපාතයට ලක් වන්නේ හෙළයින් වන ඔබට සහ මට නිසි තැන ලබා දීමට ජාතිකත්වයෙන් කටයුතු කළ හෙයිනි. මෙම චරිත තුන ශ‍්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ සහ සමාජ වර්ධන රටාවේ සැබෑ වෙනසකට මෙහෙය වීමෙන් සදාචාරාත්මක සහ ආකල්පීය නැම්මක් ඇති කරවීමට සමත් වීය. බණ්ඩාරනායක සිංහල භාෂාව වෙනුවෙන් ද, පේ‍්‍රමදාස බෞද්ධාගම සහ සමාජ සුභ සාධනය වෙනුවෙන් ද, සහ රාජපක්ෂ සිංහල බෞද්ධ දේශය සමස්ථ සමාජ සංවර්ධනය සහ සුභ සාධනය වෙනුවෙන් ද සංකල්පීය වෙනසක් ලාංකීය සමාජය තුල විවිධ ව්‍යාපෘති සැලසුම් හරහා තම නායකත්වය මෙහෙය වීය. සිංහලයේ නිර්මාණශීලී දේශපාලන රටාවට උරදුන් බණ්ඩාරනායක හා පේ‍්‍රමදාස දෙපළගේ දේශපාලන ගමන හමාර කිරීමට ත‍්‍රස්තවාදී කඩතුරාවට මුවා වූ අදිසි බලවේග ක‍්‍රියාත්මක වූ බව පැහැදිළි වන්නේ ඔවුන් ඝාතනය වීමෙන් කලකට පසුවය. සිංහල දේශපාලන සංස්කෘතියකට මඟ පෙන්වීම ඔහුව ජාතියට අහිමිකරවීමට හේතු වීය. පසුකාලීනව දරිද්‍ර සිංහල බෞද්ධ පන්තියෙන් නායකත්වය ලත් සහ එම පන්තිය නගා සිටුවීමට තම ජාතිය ශක්තිමත් කිරීමට කැපවීම හේතුවෙන් පේ‍්‍රමදාස මහතා ද ජාතියට අහිමි කරලීය. මොවුන් දෙපල තවදුරටත් ජීවත්ව ක‍්‍රියාත්මක වුනි නම් සිංහල බෞද්ධයන් දිළිදුකම තුරන් කොට ශක්තිමත් ජාතියක් ලෙස හිස ඔසවන බව නොවනුමානය.

තවද ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වන සිංහල බෞද්ධ චරිත ද මෙම දේශයට අහිමි කර වීමට කුරිරු ත‍්‍රස්ත තිරයට මුවා වූ බලවේග ක‍්‍රියාත්මක වූ බව පැහැදිළි වන්නේ කලකට පසුවය.

බෞද්ධ සමාජයේ ආකල්පීය වෙනසකට නායකත්වය දුන් පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන් සහ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිවරු සිංහල සමාජයට අහිමි කරවීම සැලසුම් සහගතව සිදු නොවුනා යැයි උපකල්පනය කරන්නේ කෙසේද? උන්වහන්සේලාගේ අසහාය නායකත්වය සහ නිවැරදි මඟ පෙන්විම ම ඔවුන්ව ජාතියට අහිමි කරලීමට අදිසි බලවේග ක‍්‍රියාත්මක නොවූ බව උපකල්පනය කරන්නේ කෙසේද?

මෙම අනගිභවනීය සිංහල බෞද්ධ නායකයන් සිංහලයට අහිමි කරන්නේ මන්දැයි, කවුරුන්දැයි, කුමන අරමුනකටදැයි දැනට දරණ දේශපාලන මතයෙන් මොහොතක් ඈත් වී අවංකව සිතන්න. පේ‍්‍රමදාස, ඇතුලත්මුදලි සහ ගාමිණි දිසානායක මහත්වරුන් ඝාතන කොටි ත‍්‍රස්තවාදීන් විසින් සිදුකළා යැයි බැලූ බැල්මට මතුපිටින් පෙනුන ද ක‍්‍රියාත්මක වී ඇත්තේ වෙනත් සැලසුමකි. බණ්ඩාරනායක, ගංගොඩවිල සෝම හිමි ඝාතන මීට කදිම නිදසුන් සපයයි. එය විශේෂයෙන්ම බෞද්ධ නායකයින් තුරන් කිරීමේ ක‍්‍රියාදාමයේ වෙන් වෙන් වශයෙන් ක‍්‍රියාත්මක පියවරයන් ය. මෙම පෙර සිදුවීම් දාමයන් සමඟ දැනට අපට ඉතිරි වී ඇති එකම සිංහල එඩිතර බෞද්ධ නායකයා වන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තුමා පමණි.
රට අභ්‍යන්තරයේ, විරුද්ධවාදීන්ගේ චෝදනා සහ එතුමා සතු පෞර්ෂ්‍යය සහ අසමසම සිංහල බෞද්ධ නායකත්වය පසුගිය පරාජයට හේතු වුනි. අධිරාජ්‍ය වාදයට හිස නොනැමීම, ඉන්දීය එකගතාවයන්ට එරෙහි වීම, අන්තවාදී ක‍්‍රිස්තියානි ලබ්ඩිත (නිකායයන්) මෙහෙය වූ දෙමළ කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කරවීම, සිංහල ජාතිය, භාෂාව, බුද්ධාගම වෙනුවෙන් ඇපකැප වී වැඩ කිරීම එතුමාගේ පරාජයේ මුලික කරුණු කරනා වේ. සමස්ථයක් ලෙස පසුගිය ඡුන්ද ප‍්‍රතිඵල විනිශ්ෂයේ දී පරාද වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ද බහුතර සිංහල ජාතිය ද? තව දුරටත් මෙතුමා පරාජය කිරීමේ වගකීම නොහොත් සිංහල ජාතිය ශුන්‍ය කිරීමේ වගකීම ඇමරිකාව, නොර්වේ, ඉතාලිය, ඉන්දියාව, කතෝලික ධර්මයෙන් බෙදුණු අන්තවාදී ක‍්‍රිස්තියානි පවරා දී ඇත. ප‍්‍රසිද්ධ සහ සගවාගෙන සිටිය සත්‍යය එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ඉතා සුළු ඡුන්ද ප‍්‍රමාණයකින් පරාජය වුවත්, යතාර්ථය තව දුරටත් සිංහල ජාතියේ සැලකිය යුතු පිරිසක් ඔහු සමඟ සිටින බවයි. මෙම පසුබිම සමඟ එතුමාගේ ජීවිතය නිහඬ කිරීමට කුරුමානම් අල්ලන ඔහුව ඝාතනය කිරීමට දැනටමත් ක‍්‍රියාත්මක, ඒ සඳහා කල් බලා සිටින පිරිසට ඉතා පහසු අවස්ථා වත්මන් පාලනය මත ඉඩ සලසා දී ඇත. මෙම ඝාතනයට බලා සිටින පිරිස කවුරුන්දැයි අප සියල්ල දන්නා ප‍්‍රසිද්ධ රහසකි. අදිරාජ්‍යවාදීන්, කලාපීය බලවතුන්, ආගම් වාදීන්, සහ ජාතිවාදීන් පමණක් නොව දේශීය දේශපාලන විවිධ පටු මත වාදීන් ද මෙම ගොන්නට අයත්ය. කරුණු එසේ වුවත් අවසානයේ ඝාතන චෝදනාවට සැක පිට අත්අඩංගුවට පත්වන්නේ, අප්පෙක් අහිමි අවජාතක තත්වයේ සිටින කොටි ත‍්‍රස්තවාදීන්ය. කොටි ත‍්‍රස්තවාදීන් ගේ ඒකායන බලාපොරොත්තුව නම් රාජපක්ෂ වරුන්ගෙන් සහ රාජපක්ෂ වරුන්ට යුද්ධය නිම කිරීමට සහය දුන් ත‍්‍රිවිධ හමුදාවෙන් පළිගැනීමටය. ඒ සඳහා මේ වන විටත් මරාගෙන මැරෙන කොටි මෙහෙයුම් සක‍්‍රීය නොවී ඇතැයි පවසන්නේ කුමන සාධක මතද?

තවද සුළු ජාතීන් මෙම ව්‍යසනයට, කොටි ත‍්‍රස්තවාදයට කොන්ත‍්‍රාත්තුව භාර දී නැතැයි කෙසේ නම් පිළිගත හැකිද? බටහිර අනුකම්පාව කූට ලෙස ප‍්‍රයෝජනයට ගෙන එහි වරප‍්‍රසාද ලබන ත‍්‍රස්තවාදීන්ට සහ ආගම් වාදීන්ට රනිල් මෙහෙයවන ආණ්ඩුව පිහිටෙන් කිසිවක් අවශ්‍ය නොමැත. ජාතික සම්පත් විනාශ කොට ජනාවාස ඉදි කළ හැක. රජයේ දේපළ මුදලාලිලාට පවරා දිය හැක. කෙසේ වුවද ඉතිරි වී ඇති සිංහල බෞද්ධ නායකයින් කීප දෙනා ආරක්ෂා කර ගැනීමට බුද්ධියෙන් ක‍්‍රියාත්මක වීමට ඒ සඳහා සටන් වැදීමට සුදුසුම කාලය පැමිණ ඇත. ඔබ මම එසේ නොකළහොත් සුළු ජාතීන්ගේ ඡුන්දයෙන් ජනාධිපති වී බහුතරයකගේ අකමැත්තෙන් සිංහල විරෝධී අගමැති රජය මෛත‍්‍රීකරණය හා ෆෙඩරල්වාදී රනිල් මෑතක දී නිදහස් කරන ලද කොටි ත‍්‍රස්තවාදීන් පෙළ ගැසී නොසිටිනවා යැයි පිළිනොගන්නේ කෙසේද? අදිරජ්‍යවාදීන්ට සහ කලාපීය බලවතුන්ට හිසරදයක් වූ මහින්ද, ගෝඨාභය කොටි ත‍්‍රස්තවාදීන් ගේ ඒකායන ඉලක්කයයි. මෙම තත්වය සාධාරණීකරණය කරමින් සමාජගත කොට අත පිසදා ගැනීමේ යටිතල මෙහෙයුමක් ද ක‍්‍රියාත්මක වන්නේය. මානව අයිතිවාසිකම්, සංහිදියාව, ලාංකිකත්වය මාතෘකා මුල් කොට සමස්ථ ජන මතයක් ගොඩ නැගීමට විශේෂයෙන්ම මාධ්‍ය, සමාජ වෙබ් අඩවි, කට කතා, විවිධ මත, විවිධ මුහුණුවර තුලින් සාද්‍රණය කරවීම දැනට ක‍්‍රියාත්මක වෙමින් පවතී. මොවුන් කුරුමානම් අල්ලමින් සිටින්නේ නියම අවස්ථාව, ස්ථානය, වෙලාව සහ විධානය පැමිණෙන තෙක් පමණි. ඒ සැනින් කලාපීය බලවතුන්ගේ සහ ආගම් වාදීන්ගේ න්‍යාය පත‍්‍රය වන කොටි බල ප‍්‍රදේශයක් ලංකාව තුල නැවත ස්ථාපිත කරවීමට පිළිවන. ඒ සඳහා උචිතම අවස්ථාව ඉදිරියට පැමිණෙන මහජන ඡුන්දය යි. මේ සියලූම පිරිස් ජනවාරි අටවෙනි දින මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට එක් වී ක‍්‍රියාත්මක වූ පරිදිම අප මව්බිම දෙමළ ත‍්‍රස්තවාදීන්ට නැවත තෑග්ගක් ලෙස ෆෙඩරල් රාජ්‍යයන් වශයෙන් නිත්‍යනුකූලව පවරනු ඇත. එවිට කොටි ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ ඊළම් රාජ්‍ය නුදුරු අනාගතයේදීම එනම් මෛත‍්‍රී පාලන කාල සීමාව තුලම ප‍්‍රකාශයට පත් කොට ස්ථාපිත කරනු ඇත. එවිට ඔවුන් මහින්ද රාජපක්ෂ ඝාතනය කළ දින විජයග‍්‍රහණයේ දිනයක් ලෙස ජය පැන් බී ත‍්‍රස්තවාදීන් මෙහෙය වූ ප‍්‍රභාකරන් මියගිය දිනය ඊළමේ ජාතික දිනය ලෙස රනිල් විසින්ම නම්කොට එම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ඉදිරිපත් වන දිනය ඔබට දැක ගත හැක. එදින ඔබගේත් සිතුවිලි එකී ක‍්‍රියාවන් සාධාරණය කරවීමේ මෙහෙයුම් අවසන් කර අත.
මොහොතක් සිතන්න තමුන් කවුරුන්ද කළ යුත්තේ කුමක්ද තම දරුවන් වෙනුවෙන් ත‍්‍රස්තවාදීන්ගේ අනසකට යටත් වූ ඊළමකට බයාදු ජාතියක් ලෙසද හෙළයේ ප්‍රෞඩ සිංහලයෙක් ලෙසද දිනූ දේශය තව දුරටත් රැුකගනිමින් ඒකීය සිංහල බෞද්ධ රටකට ඔබගේ වටිනා ඡුන්දය නියම සිංහල නායකයෙකුට භාවිතා කරන්න.
මොහොට්ටි ආරච්චි
1172 Viewers





