රැඳවුම් නියෝග බල රහිත කරන්නැයි සුරේෂ් සලේ ගෙන් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ
රඳවා ගැනීම නීති විරෝධී වන බැවින් එම රැදවුම් නියෝගය බල රහිත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥ අමිල කුමාර මගින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.
පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ තමා ශ්‍රී ලංකාවේ නොසිටි අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත් අඩංගුවට ගෙන රදවා ගැනීම සඳහා කිසිදු සාධාරණ සාක්ෂි නොමැති බවත් ඔහු සිය පෙත්සම මගින් ඔහු පෙන්වා දී තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, රොහාන් සිල්වා පියතුමා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවෝ වෙති.
2016 වසරේ සිට 2018 වසර දක්වා කාලසීමාව තුළ මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ තමන් 2019 වසරේ ජනවාරි මස 07 වනදා සිට එම වසරේ නොවැම්බර් මස 29 වනදා දක්වා කාල සීමාව තුළ තමන් ඉන්දියාවේ ආරක්ෂක පුහුණු වැඩසටහනකට සහභාගී වී සිටි බව බවද පෙත්සම්කරු විසින් සඳහන් කර ඇත. පාස්කු ඉරුදින ප්‍රහාර ප්‍රහාරය සිදු වූ 2019 අප්‍රේල් මාසේ වන තමන් තමන් මෙරට නොසිටි බවද පෙත්සම්කරු පෙන්වා දෙයි.
පාස්කු ප්‍රහාරය එල්ල විමෙන් පසුව දේශීය වශයෙන් විමර්ශන සිදුකළ බවද ඔහු සිය පෙත්සමහි සඳහන් කර ඇත.
ඒ අතර විජිත් මලල්ගොඩ කමිටුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා කොමිසම, මහාධිකරණ විනිසුරු ජයකී ද අල්විස් කමිටුව සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ද ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, එම ප්‍රහාරයට පෙත්සම්කරු අනුබල දුන් බවට හෝ සහාය ලබාදුන් බවට තොරතුරු අනාවරණය කර ගැනීමක් හෝ පෙත්සම්කරුට එරෙහිව නිර්දේශ නිකුත් කිරීමක් එම විමර්ශන වලින් සිදු නොවූ බවය.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ආධාර සහරාන් හෂිම් ඇතුළු තව්හිද් ජමාත් සංවිධානයේ මෙහෙයවීමෙන් සිදුකළ බවට එම සෑම විමර්ශනයකින්ම කරුණු අනාවරණය කර තිබූ බව එම විමර්ශනවලින් අනාවරණය වූ බවද පෙත්සමෙහි සඳහන්වේ.
එසේ තිබියදීඉකුත් පෙබරවාරි මස 25 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගත් බව පෙත්සම්කරු කියයි.
අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින අතර මෙම බෝම්බ ප්‍රහාර සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බී වාර්තාවේ තමන්ව තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තීරණය කර ඇති බවද පෙත්සම් කරු විසින් පෙන්වා දී ඇත.
මෙලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන රදවා ගැනීම නීතියට පටහැනි බවට පෙත්සම්කරු කියයි.
එබැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රඳවා ගැනීමේ නියෝගය බල රහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටි.
ඒ මෙම විමර්නශනයට අදාළව තමා සහ සෙසු සාක්ෂිකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ අධිකරණය හමුවට කැඳවන විමර්ශනය කරන ලෙසත් පෙත්සම්කාර සුරේෂ් සලේ සිය පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී.
එසේම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බී වාර්තාවේ තමන්ව තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ රුක්ෂාන් සේනාධීර සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතය.
නෙල්කා මැදගෙදර
Nelka Medagedara
‘ද ලීඩර්’ අධිකරණ වාර්තාකාරිනී
10 Viewers





