ආණ්ඩුවේ නෝජල් නොහැකියාව

මේ වාහනේ ගමන පටන් ගත්තෙ යාපනෙන්.. යාපනයේ රවුම් ගහලා කිලිනොච්චියට ආවා.. කිරිනොච්චියෙත් හැම තැනම ඇවිදලා වවුනියාවට ආවා.. වවුනියාවෙත් දෙමළ ගම්මාන වල ඇවිදලා ඊයේ මන්නාරමට පිටත් වුණා.. හෙට මෙයාලා කරේ තියාගෙන යන #අහේතුක_අසාධාරණ_වෛරය මන්නාරමේ පතුරවලා 18 වැනිදා වෙල්ලිමුල්ලිවයික්කාල් වලට එනවා පිරිබාහරන් සමරන ප්‍රධාන උත්සවයට..

කතාවේ ආතල්ම කෑල්ල තමයි, ලවුඩ්ස්පීකර් එකක් බැඳගෙන අවුරුදු උත්සවයක් ගැන කියන්න ගියත් පර්මිෂන් ගන්න ඕන යුගේක මෙන්න මේගොල්ලෝ මුලු උතුරු පළාතෙම ගමක් ගමක් ගානේ ඇවිදින්නේ කිසිම අවසරයක් නැතුව සහ හමුදාවට පොලිසියට කෝචොක් කරන ගමන්.. මේ වාහනේ පොලිසියට අල්ලන්න තහනම්..

මම දන්නෙ නෑ මේ කතාවට දකුණේ සිංහල මිනිස්සුන්ට සතුටු හිතෙනවද දුක හිතෙනවද තරහ යනවද කියලා..

මට නම් පට්ට දුකයි..

මේ අඹලා තියෙන පිළිරුව සහ මේ වටේට තියන හැම චිත්‍රයකින්ම කියන්නේ ,,,
දස දහස් ගණනින් ජීවිත මේ මහපොළොවට පූජා කරලා අපට අයිති භූමිය රැකගන්න අපේ රණවිරුවෝ කරපු අරගලය මෙයාලා හුවා දක්වනවා මහා ජන සංහාරයක් විදිහට සහා ඒ සංහාරය කොච්චර කුරිරුද කියල මේ චිත්‍රවලින් අලුත් පරම්පරාවේ හිත් වලට වෛරය ක්‍රෝධය භීතිය ඇති කරවගෙන යනවා.. ඒක හරි භයානක පෙරනිමිත්තක් ..

නෑ කවදාවත් ගරිල්ලා යුද්ධයක් ආයෙ එන්නේ නෑ කියලා හිත හදාගෙන ඉන්න සිංහල මිනිස්සුන්ට මම පොඩි අනාවැකියක් කියන්නම්..

මේවා නිකම්ම නිකම් විහිළු කතා නෙමෙයි.. ඉහළ පාලන අධිකාරියේ අවසර ඇතුව මේ කරන වැඩෙන් වෙන්නේ තව අවුරුදු විස්සක් ඇතුළත පිරිබහරන් ඉල්ලපු ද්‍රවිඩ රාජ්‍යය දිනා ගැනීමේ පරම්පරාවක් හෝ නොබිඳිය නොහැකි සංවිධානයක් උතුර තුළ ගොඩනැගීම.. ( දැනටමත් ඒ ආකාරයේ කුඩා සංවිධාන කීපයක් උතුරේ ක්‍රියාත්මකයි..)
පාරවල් ඇරලා, අධි ආරක්ෂිත කලාප වහලා, යුද හමුදා කඳවුරු ඉවත් කරලා උතුරේ හිටපු හමුදාව දකුණට ඇදලා පාලකයෝ මේ කරන වැඩෙන් සිද්ධ වෙන එකම සෙතේ තමයි බහුතරයක් උතුරේ මිනිසුන්ගේ ඇතුලාන්තයේ නිදාගෙන ඉන්න පුල්ලි තියෙන සතාව කොටසින් කොටස නිර්මාණය වෙන එක.. ඒක දීර්ඝකාලීන ප්ලෑන් එකක්..

සිංහල මිනිස්සු හිතාගෙන ඉන්නවා, නෑ ඒක එහෙම වෙන්නේ නෑ, අපි එහෙම වෙන්න ඉඩ දෙන්නෙ නෑ, අපි ඉන්නකම් එහෙම කරන්නේ කොහොමද වගේ කතන්දර.. ( දවසක සිංහලයන්ගෙ චන්ඩිකම් ෆේස්බුක් එකට විතරක් සීමා වෙයි.. )

ඒවා දවසක නිකම්ම නිකම් බයිලා වෙනවා.. මේ වාහනේ දුවන්නේ කැනඩාවෙන් ප්‍රංශයෙන් ලන්ඩන් වලින් එවන සල්ලි වලින් ගහන තෙල් වලින්..
යුද්ධයට මුවාවෙලා ලංකාවෙන් ගියපු උතුරේ පවුල්වල අයගේ දෙවෙනි තුන්වෙනි පරම්පරාව මේ වෙනකොට ඒ රටවල් වල ඉන්නවා විතරක් නෙමෙයි ඒ හැම ළමයෙක්ටම උගන්නනවා ශ්‍රී ලංකාවේ හමුදාව දෙමළ ජන සංහාරයක් කරපු බව සහ දැනටමත් අසාධාරණකම් වෙන බවට..

ඒ හිත් තුළ ඇති කරන වෛරය දවසක ලංකාවට එල්ල කරන්නේ ගරිල්ලා යුද්ධයක් නෙමෙයි.. ඒක ධනය බලය සහ නවීන තාක්ෂණය උදව්වක් කරගත්ත අපිට ඇස් අදහගන්න බැරි යුද්ධයක් වෙයි..
මේ උතුරේ තැන් තැන්වලින් පැන නගින්නේ දවසක අපිට හෝ අපේ දරු මුණුබුරන්ට මූණ දෙන්න සිද්ධවෙන ඒ ඛේදවාචකයේ කලු සෙවනැලි..

මහා ගස් කඳ මැද්දෙන් කැපුවට වැස්සක් වැටිච්ච ගමන් ඒවා කඳින් ආයෙමත් දළුලනවා.. දළුලන්න දළුලන්න නොකැපුවොත් දවසක ඒ දළු පතාක ගහක් වෙනවා.. එදාට ඒ ගහ කපන්න සමහරවිට බැරිම වෙලා යයි..

එහෙම නැත්තං ඒ ගහ කපන්න මේ රටේ වීර සිංහල තරුණයෝ කියලා කොටසක් එදාට ඉන්න එකක් නැහැ..

ගංජා සුරුට්ටුවක් ගහගෙන හන්දියක් ගානේ වේලෙන ටකරන් කෑලි වගේ කොල්ලෝ කොහොමද දවසක එහෙම දේකට මූණ දෙන්නේ..?
ගනිකාවක් දැක්කම ඒකිත් එක්ක ෆොටෝ එකක් ගන්න පොරකන පිරිමි ඉන්න රටක පෙර හිටපු රණවිරුවෝ බිහිවෙයිද…?

එහෙම බලාපොරොත්තුවක් මට නම් අපේ ජාතිය ගැන නැහැ..
මීට අවුරුදු ගානකට කලින් මේ රට වෙනුවෙන් මහ පොළොවට පස් වෙච්ච කොල්ලො වගේ පිරිමිවත්,
මීට අවුරුදු ගානකට කලින් මේ බිම ආරක්ෂා කරගන්න ඇස් ඉස් මස් ලේ දන් දුන්න වීරයෝවත්, මීට අවුරුදු ගානකට මේ රට එක්සේසත් කරන්න අණ දුන්න,
මේ රට එකම එක සිතියමක් යටතේ තියන්න පෙරමුණ ගත්ත සිංහල බෞද්ධ නායකයෙක් වත් නැති කාලෙක ලංකාවට වෙන දේ ලංකාවේ සිංහල මිනිස්සුන්ට හිතාගන්නවත් බැරිවෙයි..

මේවා කට කහනවට කියන අනතුරු ඇඟවීම් නෙමෙයි.. බොහෝ දේවල් ඇස් දෙකෙන් දැකලා බොහෝ දේවල් කන්දෙකෙන් අහලා කාලයක් තිස්සේ උතුරේ හැම අස්සක් මුල්ලක් දිහාම අවධානයෙන් බලන් ඉඳලා කියන කතා..

තේරෙයි.. කල් යයි… එතකොට සිංහලයා සෑහෙන්න පරක්කු වැඩියි..



4 Viewers