• Home »
  • News »
  • තවදුරටත් බෞද්ධ පුජාභූමි වලට දෙමළ අන්තවාදී කරදර.. පුවරු ගලවලා කුණු ට්‍රැක්ටරේට පටවයි

තවදුරටත් බෞද්ධ පුජාභූමි වලට දෙමළ අන්තවාදී කරදර.. පුවරු ගලවලා කුණු ට්‍රැක්ටරේට පටවයි

  • උතුරු නැගෙනහිර සිංහල ජන සංහාරය  කල ඊලම්වාදී අන්තවාදී කොටස් දැනට පවතින විශාලම බාධාව වන පුරාවිද්‍යා භූමිද බෞද්ධ උරුමය ද අදියරේන් අදියර විනාස කොට, ඇතැම් ස්ථාන තම අනසකට නතු කරගෙන, බොහෝ පුරාවිද්‍යා නටඹුන් විනාශ කරමින් සිටින බව විටෙන් විට සිදුවූ අතර,  පසුගිය කාලය පුරාවටම ඒ පිලිබඳ ප්‍රවුර්ති නඩු හබ වලින්ද අඩුවක් තිබුනේ නැත.
  • මේ නඩු බොහෝ ප්‍රමාණයක් TNA සුහන්දිරම් වැනි පුද්ගලයන්ගේ අනසක අනුව එම කල්ලියේ ආධාර අනුබල වලින් සිදුවවිය .
  • කුරුන්දි, වඩුන්නාගල, මුහුදු මහා විහාරය, නෙල්ලිගල, තිස්ස විහාරය, එම ආක්‍රමණ වලින් යාන්තමට බේරා ගත් අතලොස්සක් පමණි..
  • සුපුරුදු පරිදි ඊලම්වාදියෝ ඊයේ දිනද පුරාවිද්‍යා පුවරැ ගැලවීමක් සිදු කර ඇත.
  • ගලවන ලද පුවරැ මඩකලපුව ප්‍රදේශයේ මඩකලපුවේ සිට වාලච්චේනෙ වෙත පැමිණෙනවිට හමුවන සිත්තන්ඩි ප්‍රදේශයේ බස්නාහිර හා තොප්පිගල ( කුඩුම්බිගල  ) නැගෙනහිර ප්‍රදේශයයි,
  • මෙම ප්‍රදේශයට දකුණින් පවතින නරකාමුල්ල ප්‍රදේශය විශාල බෞද්ධ විහාර සංකීර්ණයක් පිහිටා ඇත, තොප්පිගලට බස්නාහිර මාදුරැඔය අරලගංවිල ප්‍රදේශයයි,
  • බෞද්ධයාට සිදුවන මෙපමණ අසීමිත අකටයුතුකම් වලට විරුද්ධව කතාකරන්න අද පාලන තන්ත්‍රයේ කිසිවෙකු නැත..ඉන්නේ හඬක් නගන අතලොස්සටත් “සිංහල ජාතිවාදය තහනම්” කියා බියවද්දන මුග්ධ,නිවට, බලධාරීන් පමණකි. …
  • ජනාධිපති කිසිදිනෙක දෙමළ ජාතිවාදීන්ට විරුද්ධව වචනයක්වත් කියන්නේ නැත. ..ඔහු TNA එකට‍ පොරොන්දු වෙච්ච් 13 න් ඔබ්බට දී ගන්න බැරුව ඉන්නා නිසා මේ පිලිබඳ කෙසේවත් විරුද්ධත්වය ප්‍රකාශ නිකුත් කරාවියය් බලාපොරොත්තු වන්නටද බැරිය. ඔහුගේ ජයග්‍රහණයනයට අසීමිත ශක්තියක් වුනු ඩයස්පෝරාවට විරුද්ධව ඔහුනම් කට හොල්ලන්නෙ නැත..ඔහු පාර්ලිමේන්තුවට දුවගොස් බැන වදින්නේද විඳිතයාටමය. සිරිලක සතර දික්භාගයේ නිදහසේ ජිවත් වීමට දෙමළ,, මුස්ලිම් මිනිස්සුන්හට ඇති අයිතිය සිංහලයාට නැත..
  • පොලිසියටද පේන්නෙම මේ භූමි ආරක්ෂා කරන්න කෑ මොර දෙන හෙලයින් කිහිපදෙනා මිස, ඊලම් අන්තවාදීන් නොවේය ..
  • මේ සිද්ධීන් වලට පක්ෂ පාට අදාළ නැත. මේ අපි නිතර හඬනගා කියන්න උත්සාහ ගන්නේ අවුරුදු දහස් ගණනක ලිකිත ඉතිහාසයක්, පුරාවිද්‍යා නටඹුන් සාක්ෂි සාධක සහිත සිංහල බෞද්ධයා ඔවුන්ගේම රටේ අසරණවී ඇතිආකාරය මිස වෙන හරුපයක් නොවේය.

    – නිල්මිණි මඩුගල්ලේ.



6 Viewers