• Home »
  • News »
  • ලංකාවේ වැඩිම පුරාවස්තු තියෙන්නේ නැගෙනහිර පලාතේ..

ලංකාවේ වැඩිම පුරාවස්තු තියෙන්නේ නැගෙනහිර පලාතේ..

මේ තියෙන්නේ පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඇති ලංකාවේ පුරාවිද්‍ය ස්ථානයන්හි මැප් එක. මේක බැලුවම පේනවා කොහෙද වැඩිපුරම පුරාවස්තු ස්ථාපිතව පවතින්නේ කියලා. දැන් ඔය ත්‍රිකුණාමල, මඩකලපු කියලා දිස්ත්‍රික්ක තිබුනට නැගෙනහිර පලාත යනු පුරාණ රෝහන දේශයේ කොටසක්. මහවැලි ගඟෙන් පහල අයිති වුනේ රුහුණු රටට. ගැමුණු, විජය බාහු අදී විරෝධාර නරපතියන්ගේ තිඹිරිගෙය රුහුණු රට. අද ඔය තියෙන දිස්ත්‍රික්ක බෙදුවේ 1830 ගණන්වල යටත් විජිත යුගයේ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ යටතේ. අද පවතින බෙදුම්වාදී ප්‍රශ්නයට පාරකැපුනෙත් අන්න එතනින්.

මේ ඩොට්වලින් පෙන්වන අති බහුතර පුරාවස්තූන් බෞද්ධ වෙහෙර විහාර බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ අතර චෝල, පාණ්ඩ්‍ය, සොලී ආක්‍රමණ යුගයන්හී ඉදිවුන කෝවිල් ටිකකුත් තියෙනවා. ඊට අමතරව ගාලු කොටුව වැනි බටහිර යටත් විජිත යුගයන්ට අදාල පුරාවස්තූන් ද තියෙනවා. යුනෙස්කෝ ලෝක උරුම 8ක් රටේ තියෙනවා. ඒවායින් 5ක්ම බෞද්ධ පුරාණ නගර. අනිත් තුන සිංහරාජය, හෝටන් තැන්න සහ ගාලු කොටුව.

මේ ඉතිහාසය වහන්න හුඟාක් උත්සාහයන් ක්‍රියාත්මක වෙනවා. ඔය ලංකාවේ බුදුන් උපන්නා කියලා පුරාවිද්‍යා ස්ථානවලට බෞද්ධයෝ ලව්වාම විකුර්ති අර්තකතන දීමත් ඒ උත්සාහයේම කොටසක්. මේ ඊයේ පෙරේදා සිදුවූ මඩකලපු සිදුවීමත් ඒ පිරිසේම වැඩක්. ඔය මැජෙන්ටා පාට ඩොට්වලින් පෙන්වලා තියෙන අම්පාරේ දීඝවාපී පරිවාර චෛත්‍ය ස්ථාන සමහරක් මේ වෙද්දී කුඹුරු බවට පත්කරලා. මේ සියලු උත්සාහයන් පැරදවීම රජයේ මෙන්ම අපගේද වගකීමක්!



8 Viewers