ප්‍රොපට් ජෙරම්ගේ දිව්‍ය රාජ්‍යයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

මේ ඡායාරූපයේ “කුරුසයක්” පැළද මයික‍්‍රපෝනයක් අතැතිව සිටින්නේ “ප්‍රොපට්” ජෙරම් ය. මෙහි විශාල අකුරෙන් දැක්වෙන්නේ “පෝයට ඇවිත් බලන්න” කියා ය. පසුබිමෙන් පෝයට පායන සඳෙහි රුවක් ද දක්නට තිබේ. ඊට අමතරව යටින් සිංහලෙන් සඳහන් කර ඇත්තේ “සෑම පෝය දිනකම උදෑසන 10:00ට” කියා ය. මේ විශාල පුවරුව පමණක් නොව මෙබදු ” බෝන් අගේන් ” ප්‍රවර්ධන පුවරු රැසක් ප්‍රදර්ශනයට තබා ඇත්තේ කටුනායක ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට ඇතුල් වී ඉන් පිටතට (එනම්, ශ්‍රී ලංකාව තුළට) පැමිණෙන අය කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තෝරා ගැනීම දක්වා යන ප්‍රධාන මාර්ගය දෙපස ය. ඒ සෑම පුවරුවක්ම, මේ පුවරුව මෙන්ම රාත්‍රී ආලෝකයෙන්ද අංග සම්පූර්ණ කර තිබේ.
මීට පෙර, මෙම පුවරු වෙනුවෙන් මේ මග දෙපස පැවැතියේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා සංචාරක ආකර්ශනය දිනාගෙන ඇති ස්ථාන ප්‍රවර්ධනය කෙරෙන පුවරු ය. ඒවා ආරක්ෂා කිරීමට වෙන වෙනම පොලිස් නිලධාරීන් යොදවා තිබුණේ නැත. නමුත් රාත්‍රී කාලයේ දී මේ එක් පුවරුවක ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් යොදවා ලීමට එම පළාත බාර පොලිස් ප්‍රධානියාට “ඉහළින්” උපදෙස් ලැබී තිබේ. ඒ අනුව පහළ පොලිස් පොඩ්ඩන් ඉහළ උපදෙස් පරිදි ක්‍රියා කරනු දක්නට ඇත.
මෙම උපුටා දක්වා ඇති පුවරුවෙහි ඇත්තේ “පෝය දිනට පැමිණෙන” මෙන් ය. කවුරුත් අවිවාදයෙන් දන්නා පරිදි පෝය දිනය වෙන්ව ඇත්තේ සිංහල බෞද්ධයාට ය. සිංහල බෞද්ධයාට පන්සල් යන්නට නිවාඩු ලැබී ඇත්තේ පෝය දිනයට ය. එනිසාම පෝදා බණ වැඩසටහන් ඇතුළු විවිධ ආගමික වැඩසටහන් පෝය දිනයේ පන්සල තුළ ද ක්‍රියාවට නැගේ. “ප්‍රොපට් ජෙරම්” මේ පුවරුව මගින් නොකියා කියන්නේ “පෝ දිනයට පන්සල් නොයා තමන්ගේ දේව දේශනාවට” පැමිණෙන ලෙසය. එනම්, එදාට පන්සල් යාමෙන් වැළකී තමාගේ යාඤ්ඥා මධ්‍යස්ථානය වෙත පැමිණ දේව සහනය ලබාගන්නා මෙන්ය.
“සිකුරාදා හවසට පන්සලට එන්නැයි” බෞද්ධ ආගමිකයන් කොහේවත් විශේෂයෙන් නොකියන්නේ සිකුරාදා දහවල් සිට හවස් කාලය තුළ ඉස්ලාම් බැතිමතුන් සිටින්නේ සිය ඉස්ලාම් දේවස්ථානයේ යාඤ්ඥා කරමින් බව දන්නා නිසාය. ඉරිදාට බණ අසන්නට පන්සල් එන්නැයි බෞද්ධයෝ විශේෂ ප්‍රචාර ගෙන නොයන්නේ ඉරිදාට කතෝලික ජනයාගේ දේව මෙහෙයන් එම ආගම අදහන්නන්ගේ දේවස්ථාන තුළ පැවතෙන නිසා ය. එබදු තත්ත්වයක් තුළ “ප්‍රොපට් ජෙරම්” කිසිදු සැක සංකාවකින් තොරව, “පෝය දාට ඇවිත් බලන්න” යැයි කියමින් මෙසේ රාජ්‍ය ආරක්ෂාව යටතේ බැනර් ගසන්නේ කාගේ හයියක් හිතට අරගෙනද?
වාහන 500ක් පමණ නතර කර තබාගත හැකි “පාකින්” ප්‍රෙද්ශයක් ඔහු සතුව තිබුණ ද, එය ඉක්මවා යන සෑම වාහනයක්ම කටුනායක ගුවන්තොටුපළ දක්වා වූ මුළු ප්‍රදේශයේ කැමති තැනක නතර කර තබා ගැනීමට මේ දිනයට පුළුවන. ඒවාට අදාළ ඉහළ උපදෙස් ලැබී ඇත. ඒ නිසා මේ දිනවල පාරේ “පාකින්” නීති “ප්‍රොපට් ජෙරම්ගේ” අදහස පරිදි තීරණය වේ. මෙහි ඇති වඩාත් හිරිකිතම කාරණය එය නොවේ. කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වන ඕනෑම පුද්ගලයකුට පළමුව මේ පුවරු ඇස ගැටීමෙන් හැගී යන්නේ තමන් පැමිණ ඇත්තේ “බෝන් අගේන් දේව රාජ්‍යයකට” බව ය. එහි අනුහස් ඇත්තා ප්‍රොපට් ජෙරම් මිස අන් කවරකුවත් නොවන බව ය.
බෝන් අගේන් ප්‍රමිෂ්කලාගේ බලපෑම හා මේවා අතර ඇති සම්බන්ධය තේරැම් ගැනීමට සකල සිරින් පිරි සිරිලංකාවාසීන්ට තව කොතෙක් කල් ගතවනු ඇත් ද? අපට කීමට ඇත්තේ ‘‘හයිලුලූ“ යනුවෙන් පමණි.
24 Viewers





