• Home »
  • News »
  • රණවිරු දඩයමට සහ ජිනීවා වටලෑමට එරෙහි මහජන සම්මන්ත්‍රණය – අගෝස්තු 28 බ්‍රහස්පතින්දා සවස 3.00 ට කොළඹ 07, විජේරාම මාවත, සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී.

රණවිරු දඩයමට සහ ජිනීවා වටලෑමට එරෙහි මහජන සම්මන්ත්‍රණය – අගෝස්තු 28 බ්‍රහස්පතින්දා සවස 3.00 ට කොළඹ 07, විජේරාම මාවත, සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී.

ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සැප්තැම්බර් සැසිවාරයේදි ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ගේන්න  බ්‍රිතාන්‍යය, කැනඩාව සහ තවත් යුරෝපා රාජ්‍යයන් කිහිපයක් කටයුතු කරන්න සුදානම් වෙනවා. මේක ඉතාම භයානක තත්වයක්. මේ සැසිවාරය ඉලක්ක කරගෙන තමා, මානව හිමිකම් කොමිසමේ සභාපති වෝකර් ටක් ලංකාවට ආවේ. මේ ඉදිරිපත් වෙන යෝජනාවට පදනම් වෙලා තියෙන්නේ ඔහු ලංකාවට ඇවිත් කරපු නිරික්ෂණ සම්බන්ධ වාර්තාවන්.  ඔහුගේ සංචාරයම පුරාවටම අපි දැක්කේ පූර්ව වශයෙන් එළැඹුනු නිගමනයන්  තහවුරු කිරිම සඳහා ඔවුන් තෝරා ගත් පාර්ශවයන් පමණක් හමුවුන  බවයි. ඔවුන් යුධ අපරාද චෝදනාවට ලක්වුන හමුදාව හෝ ජාතිකවාදි කන්ඩායම් හමුවුනේ නෑ.  චෙම්මිනි ගියා. ව්‍යාජ චෝදනා නගමින් ඒ තැන් වල පහන් පත්තු කලා. ඩයස්පොරාව මගින් නඩත්තු කරන දෙමළ අන්තවාදි කන්ඩායම් මුණ ගැහුණා. ඒ නිසා මානව හිමිකම්  කොමිසම වගේම ඔහුගේ සංචාරයත් නිරික්ෂණත් ඒකපාර්ශිකයි.

අඩුම තරමේ ස්වභාවික යුක්තියේ මුලධර්මවත් ආරක්ෂා කරන්න මානව හිමිකම් කොමිසම අසමත් වෙලා තියෙනවා. මේ සැසිවාරයට  ඉදිරිපත් කිරිමේ යෝජිත වාර්තාවේ කෙටුම්පත දැක්කම ඉතාම පැහැදිලිව පේන්වා  එමගින්  අපේ ස්වාධිපත්‍යය සම්පුර්‍ර්ණ උදුරාගෙන තිබෙනවා. මානව හිමිකම් කොම්සම එක්සත් ජාතින්ගේ සංවිධානයේ අනු සංවිධානයක්. ඔවුන් එක්සත් ජාතින්ගේ ප්‍රඥ්ඥප්තියෙන් බැඳිලා ඉන්නවා. ප්‍රඥ්ඥ්පතියේ දෙවන වගන්තියෙන් කියවෙන්නේ සැම රටක්ම් එහි තරම තිරම බලය ආර්ථික ශක්තිය නොතකා සමාන බවත් සෑම රටකටම තමන්ගේ ස්වාධිපත්‍යය ආරක්ෂා කර ගන්න අයිතියක් තියෙනවා කීයලා.  ප්‍රඥ්ඥප්තියේ 2(7) වගන්තියේ ඉතා පැහැදිලිව කියනවා  ජාත්‍යන්තර ප්‍රජාවට තවත් ස්වාධිපත්‍ය හිමි රාජ්‍යයකට මැදිහත් වෙන්න පුලුවන් වෙන්නේ ඒ රට ජාත්‍යන්තර සාමයට එරෙහිව කටයුතු කරනවා නම් පමණයි කියලා. අපේ හමුදාව සහ දේශපාලන නායකත්වය කටයුතු කලේ  ලෝකයේ  දරුණුතම සහ ම්ලෙච්චතම ත්‍රස්තවාදය පරාජය කරලා රටේ එකීයබව ආරක්ෂා කරන්න.

වෙනත් රටවල් ආක්‍රමණය කරපු ඊනීයා බටහිර රටවල් වලට අපි ත්‍රස්තවාදය පරාජය කර ශක්තිමත් රාජ්‍යයක් වෙන ඉවසන්න බෑ. ඇමරිකාවට, ඉන්දියාවට අපි ශක්තිමත්  රාජ්‍යයක් බවට පත්වුනාම   ඉන්දියන්  සාගරයේ ඔවුන්ගේ වාණිජ සහ ආරක්ෂක ව්‍යාප්තියට බාධා වෙනවා. අවහිරයක් වෙනවා.

ඔවුන්ගේ බලාපොරොත්තුව වෙන කිසිවක් නොවේ. දෙමළ අන්තවාදය, දෙමළ ඩයස්පොරාව සහ ඉස්ලාමීය අන්තවාදය යොදාගෙන අපේ රට දුර්වල රාජ්‍යයක් කරලා ඔවුන්ගේ  ව්‍යාප්තියට වහල් රාජ්‍යයක් ගොඩනැගීමයි. මේ රටේ  බොහෝ දෙනෙක් වැරදි ආකල්පයක් හදාගෙන තියෙනවා යුද අපරාධ චෝදනා වල වින්ධිතයන් බවට පත්වන්නේ යුද්ධයේ අවසන් මොහොතේ අණදුන් රණවිරුවන් පමණක් කියලා. ඔවුන් රණවිරුවන් දංගෙඩියට ගෙනියන්න අවශ්‍ය සියලුම අණ පනත් අපේ රටේ මෛත්‍රි-රනිල්-මංගල- සුමන්තිරන්- අනුර දිසානයකලා හදපු යහපාලන ආණ්ඩුව මගින් සකස් කරගෙන ඉවරයි. සත්‍ය සෙවීමේ කාර්‍යාංශයත්,  අභිචෝදක කාර්‍යාලයත් පිහිටුවිමෙන් පසුව අපේ රණවිරුවන්  ලෝකයේ ඕනෑම රටක කෙරෙන යුධ අපරාධ චෝදනාවකට සැකකරුවකු ලෙස අත් අඩංගුවට ගන්න පුළුවන්.

මේ පණත් හරහා  සරණාගතබව ගැනීම සඳහා යුරෝපයේ රටක හැංගිලා ඉන්න එල්ටීටීඊ ත්‍රස්තවාදියෙකුට පුළුවන් නිර්ණාමිකව පැමිණිල්ලක් කරන්න. ඒක ප්‍රමාණවත් යුධ අපරාධ චෝදනා ගේන්න.  යුධ අපරාධ සිදු වුනාද යන්න සම්බන්ධයෙන් අපේ රටේ දේශිය යාන්ත්‍රණයන් මගින් පරික්ෂණ පැවත්වුනා.  උදලාගම කොමිසම, උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිසම් සභාව (LLRC) , පරණගම කොමිසම මේ අතර ජාත්‍යන්තර මට්ටමේ පරික්ෂණ වාර්තාවන්. පරණගම කොමිසමේ  දෙවන බලාධිකාරය තුල ලෝකය පිළිඟත් යුධ අපරාධ සම්බන්ධ නීතීඥයන් සම්බන්ධ වුනා.  යුගොස්ලාවියා සහ රුවන්ඩා යුධ අපරාධ අධිකරණවල කටයුතු කරපු රාජ් නීතීඥ ඩෙස්මන් ඩි සිල්වා, ජෙෆ්‍රි නයිස් සහ ඩෙවිඩ් ක්‍රේන් මේ පරණගම වාර්තාවට විශේෂඥයන් වශයෙන් දායක වුනා. ඔවුන් නිශ්චිතව නිගමනය කර තිබෙනවා ලංකාවේ හමුදාව කිසිවිටෙක දෙමල ජනතාව ඉලක්කකරගෙන යුධ අපරාධ නොකළ බව. එහෙම තිබියදි තමයි මානව හිමිකම මේ  තුවාලය අවුරුදු 15 ක් තිස්සේ කොණහමින් ඉන්නේ .

මේ කෙටුම්පතේ තියෙනවා උතුරු සහ නැගෙනහිර හමුදාව අල්ලාගෙන ඉන්න ඉඩම් නැවත දෙමළ ජනතාවට භාර දෙන්න කියලා. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය යටතේ මේ රටේ භුමියේ 1/3 තියෙන කොට මීක් නොගාපු ජාත්‍ය්නතර සහ ජාතික එන්ජීඕ කාක්කො තමා මේ කිඹුල් කඳුළු හෙළන්නේ. 2024  වන විට හමුදාව යටතේ තිබුණ ඉඩම් වලින් 91% සිවිල් ජනතාවට ආපසු භාර දීලා ඉවරයි. මේ වාර්තාවේ කියනවා යුද්ධය නිසා දෙමළ ජනතාවට තමන්ගේ ඉඩම් අයිතිය ඔප්පු කරන්න බැරි වුන නිසා නැවත හිමිකම් ඉල්ලීම මත ඒ ඉඩම් ලබාදෙන්න කියලා. මේ හෙමින් සැරේ ඉව අල්ලන්නෙ තිස්ස විහාරය වගේ අපේ උරුමයට අත තියන්න. වාර්තාවෙ ඉතා පැහැදිලිව කියලා තියෙනවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ බෞද්ධ භික්ෂුන්වහන්සේලා ක්‍රියාකාරිත්වය උතුරේ සීමා කරන්න කියලා. මේ කියන්නේ උතුරේ ප්‍රභාකරන් ත්‍රස්තවාදයෙන්  හදන්න හදපු  ඊනියා දෙමළ රාජ්‍ය (Mono ethnic Tamil State  ) සිංහල බෞද්ධයා වාර්ගික සංහාරයකට (ethnic cleansing ) ලක් කිරිමයි.  මේ වාර්තාව කොයිතරම් අපේ රටේ අභ්‍යන්තර ආරක්ෂාවට මැදිහත් වෙනවද කිවුවොත් ඔවුන් උපදෙස් දෙනවා උතුරු සහ නැගෙනහිර  අපේ හමුදාව යෙදවීම  දැඩි ලෙස සීමා කරන්න කියලා. අපේ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යන්න ඕන කොහොමද කියන්න  මානව හිමිකම් කොමිසමට ඇති අයිතිය මොකක්ද?

මේ ආන්ඩුව නිහඩව මේ යෝජනාවලියට අනුග්‍රහය දක්වන බව පේන්වා. කොමිසම හමුදාව අඩුකරන්න කියන කොට ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුවේ කියනවා ආණ්ඩුව යුදහමුදාවේ පිරිස් බලය 100,000 කට නාවික හමුදාව 40,000 කට සහ ගුවන් හමුදාව 18,000කට සීමා කරන්න යනවා කියලා. මේ උපදෙස් එන්නෙ කොහෙන්ද?

මේ යෝජනාවලියෙන් කියනවා පලාත් සභාවලට උපරිම බලතල දෙන්න කියලා. විධායක ජනාධිපතිධූරය අහෝසි කරන්න කියලා. අපේ රටේ ආන්ඩුක්‍රමය මොනවා වගේ වෙන්න ඕනෙද කියන තීරණය ගන්න ඕනෙ මේ රටේ ජනතාව. අපේ පරමාධිපත්‍ය බලය ජිනීවා වලට පවරලා නෑ. මේ ජිනීවා යෝජනාවලිය රණවිරුවන් එරෙහි යුධ අපරාධ චෝදනා ඉස්සරහට දාලා රටට එරෙහිව එන පුළුල් දේශපාලන වැටලීමක්.  ඉන්දියාව , ඇමරිකාව ඇතුළු ජාත්‍ය්නතර බලවතුන්  එක පැත්තකින් අපේ දේශපාලන ස්වාධිපත්‍යය එක පැත්තකින් ජිනිවා මානව හිමිකම් කොමිසම හරහා ගිල ගනිද්දි  අනෙක් පැත්තෙන් අපේ ආර්ථික ස්වාධිපත්‍යය  හරහා උදුරාගෙන යනවා.

*රටට ආදරය කරන  භික්ෂුන් වහන්සේලා, ජාතික සංවිධාන සහ දේශප්‍රෙමි ජනතාව මේ පුළුල් ආක්‍රමණය තේරුම් ගන්න ඕනේ.*

ඊට එරෙහි සියලු දේශිය දේශපාලන එජන්තයෝ පරාජය කරන්න පෙළගැහෙන්න ඕනේ.

*රණවිරු දඩයමට සහ ජිනීවා වටලෑමට එරෙහි මහජන සම්මන්ත්‍රණය* අගෝස්තු 28 බ්‍රහස්පතින්දා සවස 3.00 ට කොළඹ 07, විජේරාම මාවත, සව්සිරිපාය ශ්‍රවණාගාරයේදී.

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව – නායක – *දේශප්‍රේමි ජාතික පෙරමුණ*



42 Viewers