• Home »
  • News »
  • බෞද්ධ ක්‍රමයට ප්‍රශ්න විසඳීම…

බෞද්ධ ක්‍රමයට ප්‍රශ්න විසඳීම…

මගේ කියුම් කෙරුම් ගැන කතාකරන්න කැමති නැති වුණත් මේ කතාව නම් නොකියාම බෑ..
යුරෝපා සංගමයේ නිලධාරීන් පිරිසක් යාපනයේ චෙම්මනි සමූහ මිනීවල බලන්න ගියා කියලා ප්‍රවෘත්තියක් ආවා..

චෙම්මනි සමූහ මිනීවලේ මිහිදන් වූ දෙමළ මිනිසුන්ට යුක්තිය ඉටුවිය යුතු බවට සැකයක් නෑ! ඒ සඳහා අවශ්‍ය පියවර රජය අරගෙන තිබෙනවා. කැණීම් කටයුතු සිද්ධවෙනවා. ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී රටක්. එබැවින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර බලවේග මැදහත් වීම අනවශ්‍යයි. යුරෝපා සංගමයට මේ කටයුත්තට මැදහත් වීමට කිසිම අයිතියක් නෑ!

යුරෝපා සංගමයේ අයුතු බලපෑමට එරෙහිව සන්දේශයක් භාරදීමට කෝසල පත්තිනිගේ මහතා ප්‍රමුඛ “සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව “ඇතුළු ජාතික සංවිධාන කිහිපයක් සූදානම් වූවා.ඉංග්‍රීසි බසින් සන්නිවේදන කටයුතු කිරීමේ වගකීම මා හට පැවරුණා. අප යුරෝපා සංගමයේ කාර්යාලය අසලට පැමිණ එහි සේවය කරන සිංහල නිලධාරීන් අමතා වගකිවයුතු පුද්ගලයකුට ලිපිය භාරදීමට අවශ්‍ය බව පැවසුවා.

අප පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිටි මුත් කිසිදු නිලධාරියකු පැමිණියේ නෑ!
එමනිසා අපගේ පිරිස යුරෝපා සංගමයේ දූතමණ්ඩල කාර්යාලය ඉදිරිපිට විරෝධතා ප්‍රකාශන වීඩියෝ කිරීමට කටයුතු කළා!

මා ප්‍රකාශ කර සිටියේ ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ දෙසන යුරෝපා සංගමය අපගේ ලිපිය භාරගැනීමට තරම් වත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවයි!ඊට මද වේලාවකට පසු යුරෝපා සංගමයේ නියෝජිතවරියක් අප හමුවීමට පැමිණියා.

අප අපගේ සිංහල බෞද්ධ ක්‍රමයට ඉතාමත් සුහදශීලී ලෙසින් අපගේ විරෝධතාවය ප්‍රකාශ කර සිටියා.ඇය නම්‍යශීලීව සවන් දුන්නා. අපගේ අදහස් සාකච්ඡා කිරීමට ඉදිරි දිනයකදී තමන් සූදානම් බව ඇය පැවසුවා.

අපගේ විරෝධතා සන්දේශය නිසා ඔවුන් ලංකාවට අත පෙවීම නවත්වාවි යයි සිතීමට තරම් මා මෝඩ නෑ.නමුත් මෙය අපගේ ජාතික මතවාදය ඉදිරියට ගෙනයාමට වැදගත් සන්ධිස්ථානයක් වන බවට සැකයක් නෑ!

චෙම්මනි සමූහ මිනීවල පිටුපස දේශද්රෝහී,බෙදුම්වාදී තක්කඩි බලවේග සමූහයක් පෙළගැසී සිටිනවා. ජාතික ව්‍යාපාරයේ මන්දගාමීත්වය මාරාන්තිකයි!

තුන්හෙලේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොහින්….



4 Viewers