• Home »
  • News »
  • සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. – ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. – ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

මෙවර වෙසක් උත්සවයේ දී ඊට පෙර සිදුකළ ආකාරයට තානාපති කාර්යාලය තුළ භක්ති ගීත ගායනා කිරීම ද නවත්වා ඇති අතර ඒ අනුව බෞද්ධ ජනතාවට හෝටලයක් තුළ එම සංදර්ශනය පැවැත්වීමට සිදුවී ඇත.

ඒ ආකාරයට සෞදි අරාබියාවේ සේවය කරන බෞද්ධ ජනතාවගේ අයිතියත් තානාපතිවරයා විසින් අහිමි කිරීම පිළිබඳව එම ජනතාව අමාත්‍ය විජිත හේරත් මහතාට ද දැනුම් දී ඇතත් ඔහු විසින් තානාපතිගේ තීන්දුව අනුමත කළ බව ද වාර්තා වේ.



18 Viewers