බෞද්ධ විරෝධි මාලිමාව

බෞද්ධ විරෝධි මාලිමා ආණ්ඩුව බලංගොඩ කාශ්‍යප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරයේ තබා ගත්තා.
ඒ නීතිය පවා උල්ලංඝනය කරමින්. මිනීමැරුම් චෝදනා වලට පවා ඇප හිමි වන තත්ත්වයක උන්වහන්සේලා මාසයක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළා.
පැහැදිලිවම ඒ සඳහා මැදිහත් වුණේ පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව හරහා මාලිමා ආණ්ඩුව.
ඒ කාශ්‍යප හිමි ඇතුළු බෞද්ධයන් සමග තිබුණු ආරෝවකට වගේම මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම උදෙසා සහය දුන් ඩයස්පෝරාව සහ උතුරේ බෙදුම්වාදීන් සතුටු කිරීමේ අරමුණෙන්.
උතුරේ බෞද්ධ විරෝධීන් සතුටු කිරීමට සහ ඩයස්පෝරාව සතුටු කිරීමට ඔවුන් කාශ්‍යප හිමියන් ඇතුළු පිරිස දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාරගත කළා.
එහිදී මේ තරුණ භික්ෂූන් වහන්සේලා තනි වීමට ඉඩ තිබුණා.
සටන් කිරීමට සටන් සගයන් ඕනෑ තරම් හිටියත්, අසරණ වෙද්දී පිහිටට එන පිරිස අඩුයි.
විශේෂයෙන්ම සිංහල බෞද්ධයා සහ බුද්ධ ශාසනය වෙනුවෙන් සටන් කර සිරගත වන හෝ අසරණ වන පිරිසට, සහය දීමට ඉදිරිපත් වන අය අඩුයි.
සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ විරෝධීන් දේශපාලනික කාරණා සඳහා සිරගත වූ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මානව හිමිකම් සංවිධාන, NGO, තානාපති කාර්යාල සියලූම දෙනා ඉදිරියට එනවා.
නමුත් සිංහල බෞද්ධයන් උදෙසා සටන් කර සිරගත වූ විට ආරක්ෂා කිරීමට සහ පෙනී සිටීමට ඉදිරිපත් වන පිරිස අඩුයි.
ඔවුන්ගේ සටනින් දේශපාලන වාසි ලබා ගැනීමට සිය දහස් ගණනක් ඉදිරිපත් වූවත්, අසරණ වූ මොහොතේ සිටින්නේ අල්පයක් පමණයි.
දිලිත් ජයවීර විශේෂ වන්නේ එවැනි පසුබිමක.
බලන්ගොඩ කාශ්‍යප හිමියන් සහ සිරගත වූ බෞද්ධයන් පිරිස සමග දිලිත් ජයවීරට කිසිඳු සම්බන්ධතාවයක් තිබුණේ නැහැ.
දිලිත් කිසිදිනෙක උන්වහන්සේලා සමග කටයුතු කර නැහැ.
නමුත් දිලිත් බෞද්ධයෙක්. එමෙන්ම අවංක ජාතිකවාදියෙක්. ඔහු බෞද්ධයන් වෙනුවෙන් සහ රට වෙනුවෙන් පෙනී සිටින්නේ දේශපාලනය උදෙසා නොවෙයි.
කොටින්ම ඔහු දේශපාලනය කරන්නේ ඔහු රටට සහ බෞද්ධයාට හදවතින්ම බැඳී සිටින නිසා.
ඔහු දේශපාලනයෙන් උපයා ගත් මිනිහෙක් නොවෙයි. දේශපාලනය උදෙසා සිය ධනය , කාලය, ශ්‍රමය වැය කරන අවංක දේශප්‍රේමියෙක්.
මාලිමා ආණ්ඩුව, දිගින් දිගටම බෞද්ධ භික්ෂූන් වහන්සේලා රිමාන්ඩ් බන්ධනාගාරගත කරමින්, නීතිය ආයුධයක් ලෙසින් භාවිතා කරද්දී, බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටීමට දිලිත් පෙරට ආවේ ඒකයි.
අද කශ්‍යප හිමි ඇතුළු පිරිසේ නඩුව තිබිය දී, දිලිත් ඊයේ නුවර ගියා. මහ නාහිමිවරුන් හමුවුණා.
කශ්‍යප හිමියන් ඇතුළු පිරිස සිරගත වීම පිළිබඳව මහ නාහිමිවරුන් දැනුවත් කළා.
සාර්ථක ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් වගේම ඇඩ්වර්ටයිසිංකාරයෙක් වූවත් දිලිත් නීතිඥවරයෙක්.
ඔහු ඇප ලබා දීමේ නීතිය පිළිබඳව මහනාහිමිවරුන් දැනුවත් කළා.
ඇප ලබා දීම නීතිය බවත්, ඇප ලබා නොදීම ව්‍යතිරේඛය බවත් ඔහු ප්‍රකාශ කළා.
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරය දඬුවමක් ලෙස භාවිතා කිරීම තක්කඩි නීතිවිරෝධි ක්‍රියාවක් බව ප්‍රකාශ කළා.
මෙතෙක් වේලා නිහඬව සිටි මහනාහිමිවරුන් සිය කලකිරීම රජයට සහ ජනතාවට සන්නිවේදනය කිරීමට ඒ අවස්ථාව භාවිතා කළා.
උන්වහන්සේලා සෘජුවම මාධ්‍ය ඉදිරියේ දිලිත් සමග භික්ෂූන් වහන්සේලා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය සහ කලකිරීම ප්‍රකාශ කළා.
සියම් නිකායේ මහ නාහිමියන් ජනපතිවරයාට ලිපියක් යවමින්ම සිය අප්‍රසාදය පළ කළා.
අද නඩුව තිබිය දී මේ සමස්ථ කතාවම ඊයේ රාත්‍රීයේ සෑම මාධ්‍යයකම සහ සමාජ මාධ්‍යයේ ප්‍රධාන පුවතක් වුණා.
මහනාහිමිවරුන්ගේ තීරණය සමග සමස්ථ බෞද්ධ ප්‍රජාවම මේ නඩුව දෙස බලා හිටියා.
ආණ්ඩුවට අඩියක් පසුපසට ගැනීමට සිදුවුණේ ඒකයි.
ත්‍රිකුණාමලය සිදුවීමට මහ නාහිමිවරුන්ගේ මැදිහත් වීම ආණ්ඩුව බලාපොරොත්තු වුණේ නැහැ.
නමුත් එය සිදුවුණේ දිලිත්ගේ මැදිහත්වීම නිසයි.
අවසානයේ ආණ්ඩුවට බලංගොඩ කශ්‍යප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාට සහ ගිහි බෞද්ධයන් පිරිසට ඇප ලබා දීමට සිදුවුණා.
ඒ සඳහා මහ නාහිමිවරුන්ට අපගේ ස්තූතිය පළ විය යුතුයි.
එමෙන්ම මේ සටනේ නිහඬ වීරයා වූ අවැසි තැන, තනි වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙරට ආ දිලිත් ජයවීරටත් අපගේ ස්තූතිය හිමි විය යුතුයි
19 Viewers





