මාධ්‍ය නිවේදනය
ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ ඇති වූ සිදුවීමේදී පොලීසිය විසින් ක්‍රියා කළ අත්තනෝමතික ආකාරය ගැන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්
ත්‍රිකුණාමලය ඓතිහාසික සම්බුද්ධ ජයන්ති විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවයකදී බුදු පිළිමයක් තැන්පත් කිරීමට විරුද්ධව පොලීසිය විසින් ක්‍රියා කළ අත්තනෝමතික ආකාරය පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
මෙම සිදුවීමෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ සහ පන්සලේ භික්ෂූන් වහන්සේලාගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත්, ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙමගින් පෙන්වා දී තිබේ.
අදාළ පැමිණිල්ල පහළින්..
සභාපති, ශ්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, අංක 09 ගොඩනැගිල්ල, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
ගරු මැතිතුමනි.
ත්‍රිකුණාමලය ඓතිහාසික සම්බුද්ධ ජයන්ති විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවයකදී බුදු පිළිමයක් තැන්පත් කිරීමට විරුද්ධව පොලීසිය විසින් ක්‍රියා කළ අත්තනෝමතික ආකාරය පිළිබඳව පැමිණිලි කිරීම
මේ වන විට ඔබතුමාට ද වාර්තා වී තිබිය හැකි පරිදි ත්‍රිකුණාමලය ඓතිහාසික සම්බුද්ධ ජයන්ති විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවයකදී තැන්පත් කළ බුදු පිළිමයක් ඉවත් කිරීම සඳහා ප්‍රදේශයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මැදිහත් වී ඇත. එම මැදිහත්වීමේදී බුදු පිළිමය ඉවත් කිරීමට විරුද්ධව කරුණු දැක් වූ භික්ෂුන් වහන්සේලාට පොලිස් නිලධාරීන් විසින් පහරදී ඇත. එසේම සිවුරු ගැලවෙන ආකාරයට අඩන්තේට්ටම් කර ඇති අතර වැටුණු සිවුර පාගා දැමීමට ද පොලිස් නිලධාරීන් ක්‍රියා කර ඇත. ඒ අනුව ශාරීරිකව තුවාල ලැබූ සහ මානසිකව පීඩාවට ලක් වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් රෝහල්ගත කිරීමට පවා සිදුව ඇත. ඊට අදාළ ඡායාරූප සහ පොලිස් අධිකාරිවරයා විසින් පන්සල කඩා ඉවත් කරන බවට තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පට මේ වන විට ද ඔබතුමා විසින් සමාජ ජාලා මගින් දැක තිබිය හැක.
එලෙස දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තබන්නේ 1996 සිට පවත්වාගෙන යනු ලැබූ ළමුන් 200 ක් පමණ ඉගෙනුම ලැබූ දහම් පාසල් ගොඩනැගිල්ල සුනාමි ව්‍යසනයේදී විනාශ වී යාම නිසාය. එම කටයුතු පමා වන්නේ ඊට අදාළව මූල්‍ය පහසුකම් සපයා ගැනීම සඳහා කාලය ගත වීම නිසා බව ප්‍රදේශවාසීහු පවසති. එසේ මුල්ගල් තැබීමේ සහ බුදු පිළිමය තැන්පත් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එහි පැමිණි සාමාන්‍ය ජනතාව විසිර ගොස් ඇති අතර පොලීසියේ මැදිහත් වීමක් අවශ්‍යවන සාමය කඩවීමක් කිසිදු ආකාරයකින් සිදුවී නැත.
යම් ආයතනයක රාජ්‍ය නිලධාරීන් එම ඉදිකිරීම අනවසර ඉදිකිරීමක් ලෙස හඳුන්වා ඇතත් පුජා භූමි ඔප්පුවක් සහිත එම පන්සල් භුමියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම යම් නීතියකට පටහැනි නම් ඊට අදාළව නීතිමය ක්‍රියා මාර්ග ගත හැකි අතර මහේස්ත්‍රාත්වරයෙකු මගින් නියෝගයක් ලබා ගැනීමේ හැකියාවද ඇත.
නමුත් එවැනි කිසිදු යුක්ති සහගත සහ නීතියට අනුකූල ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට පන්සලට කඩා වැදී භික්ෂුන් වහන්සේලාට තර්ජනය කිරීම සහ පහරදීම මෙන්ම පන්සල භුමියකින් බුදු පිළිමයක් බලහත්කාරයෙන් ඉවත් කිරීම ඉතා බරපතළ ලෙස බලය අයුතු ලෙස භාවිතා කිරීමක් බව ඔබතුමාට තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ.
මෙවැනි අත්තනෝමතික මුග්ධ ක්‍රියා වලට උසස් පොලිස් නිලධාරීන් සහභාගී වීම මගින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුවන බව ඔබතුමාට විශේෂයෙන්ම සඳහන් කළ යුතු නැත. ප්‍රදේශයේ යම් දේශපාලකයකුගේ බලපෑම මත හෝ රජුගේ “වඳුරා” ලෙස කටයුතු කිරීම පොලීසියේ උසස් නිලධාරීන්ට තරම් නොවේ.
ඊට අමතරව එම ක්‍රියාව මගින් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ සහ පන්සලේ භික්ෂුන් වහන්සේලාගේ මූලික අයිතිවාසිකම් කඩවන අතර ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය බරපතළ ලෙස උල්ලංඝනය වේ.
එම නිසා මෙම ඉතාම නරක පූර්වාදර්ශය නැවත සිදුවීම වැළැක්වීම සඳහා සහ ජාතිකත්ව – ආගම් අතර බේද ඇතිවීම වැළැක්වීම සඳහා අදාළ සිදුවීම පිළිබඳව විනිවිද භාවය සහිතව පූර්ණ පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඩුවම් කර පොලීසියේ කීර්ති නාමය ආරක්ෂා කරන ලෙස ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මේ වගට,
වෛද්‍ය වසන්ත බණ්ඩාර,
මහ ලේකම්,
දේශභිතෛෂි ජාතික ව්‍යාපාරය.
2025.11.18
පිටපත් :-
1. ජනාධිපතිතුමා,
2. මහජන ආරක්ෂක අමාත්‍යතුමා
3. කථානායකතුමා
4. මහානායක හිමිපාණන් වහන්සේලා
5. සියලුම ජනමාධ්‍ය
3 Viewers





